පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු ලෙස එම ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් විසින් පවත්වන ලද පන්තිවලට සහභාගී වී ඇතැයි කියන 24 හැවිරිදි කාන්තාවක්, මාවනැල්ල දී ත්‍රස්තවාදී විමර්ශන අංශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකාර කාන්තාව රඳවාගෙන සිටින බව ඔහු කීවේය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ ඇයගේ පියා හා සහෝදරයන් තිදෙනෙක් මාවනැල්ල බුද්ධ ප්‍රතිමාව විනාශ කිරීම සහ මෙම මරාගෙන මැරෙන ප්‍රහාරයට ඇති සම්බන්ධතා මත මින් පෙර අත්අඩංගුවට ගත් බවය.
සහරාන් විසින් මෙම ව්‍යසනය ඇතිවීමට පෙර වහබ්වාදය සහ අන්තවාදය ප්‍රවර්ධනය කර ඇති බව අනාවරණය වීමෙන් පසුව රහස් පොලිසිය විසින් දියත් කළ පරීක්ෂණයන් හි ප්‍රතිඵල ලෙස මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවෙමින් ඇත.
පසුගිය දෙසැම්බර් 7වන දින රහස් පොලිසිය විසින් එම පංතිවලට සහභාගී වූ කාන්තාවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.







