අද ( 17) හවස බාර් ඇරියේය.
ජනතාව මේ තරම් පිපාසයෙන් සිටි බව අපට වැටහුනේ බාර් ඇරිය තත්පරයේ දීය.
“ එකපාර වාහන රොත්තක් ඇවිත් පිරුණා… එක පාරටම අපි බැලුවා මොකද කියලා… මගෙ අප්පේ … බාර් ඇරලා..“
වේයන්ගොඩ වටද්දර බාර් එක ආසන්නයේ සිටි හිතවතෙක් අපට කීවේය.
“ රටේම බාර් ලඟ එහෙමයි. මේ වගේ සොඳුරු ලොක්ඩවුන් එකක් ලොවෙත් නෑ.“ නුවර සිට කතා කළ මිතුරෙක් කීවේය.
කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයටත් බය හිතෙන සහ ලජ්ජා හිතෙන තරමට සිදුවෙමින් ඇති බාර් ලඟ පොරකෑම අනාගතයේ හදනු ඇති කොවිඩ් පොකුරට නමක් යෝජනා කරන මෙන් මේ සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටින්නට සිතේ.
අද උදේ ලොක් ඩවුන් එක තවත් සතියකින් දීර්ඝ කර තීන්දුව ගත් දා හවස බාර් අරින්නට කළ්පනා කළ දූරදර්ශී මහත්වරුන්ගෙන් අහන්නට ඇත්තේ එක් දෙයකි.
ඇත්තටම ඔයාලටත් ඩෝප් ද?