සයිනෝෆාම් එන්නත කොවිඩ් වෛරසයට එරෙහිව සියයට 95% කට අධික ප්‍රතිදේහ ප්‍රතිචාරයක් දක්වන බව ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ පර්යේෂකයෝ අනාවරණය කරති. මහාචාර්ය නිලිකා මලවිගේ සහ විශේෂඥ වෛද්‍ය චමින්ද ජීවන්දර ඇතුළු අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ, ප්‍රතිශක්තිකරණ අණුක හා අණුක වෛද්‍ය අංශ පර්යේෂකයන් සීනෝෆාම් එන්නත සඳහා ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර පිළිබඳව සොයා බැලූ එහිදී මේ පිළිබඳව අනාවරනය වී ඇත.
එමෙන්ම සයිනොෆාම් එන්නත ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ද ඉතා ඵලදායී බව සොයා ගත් බව පර්යේෂකයෝ පවසති.
ඩෙල්ටා ප්‍රභේදයට ප්‍රතිදේහ ප්‍රතිචාර දැක්වීම සහ මෙම ප්‍රතිදේශ වර්ධනය ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන ප්‍රතිදේහ මට්ටම්වලට සමාන විය.
පර්යේෂක කණ්ඩායමට අසාත්මිකතා, ප්‍රතිශක්තිකරණ හා සෛල ජීව විද්‍යා ඒකකයේ විද්‍යාඥයින්, ප්‍රතිශක්තිකරණ අණුක හා අණුක වෛද්‍ය දෙපාර්තමේන්තුව, මහාචාර්ය නීලිකා මලාවිගේ, ආචාර්ය චන්දිමා ජීවන්දර, මහාචාර්ය ග්‍රැහැම් ඔග් සහ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඇලන් ටවුන්සෙන්ඩ් යන පර්යේෂකයින් ඇතුළත් වූහ. මෙම අධ්‍යයනයට අරමුදල් සපයනු ලැබුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්සත් රාජධානියේ වෛද්‍ය පර්යේෂණ සභාව සහ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය සහ චීන වෛද්‍ය විද්‍යා ඇකඩමිය (CAMS) වෛද්‍ය විද්‍යාව සඳහා නවෝත්පාදන අරමුදල (CIFMS) ය. කණ්ඩායම ඔවුන්ගේ සොයාගැනීම් ජාත්‍යන්තර පර්යේෂණ සඟරාවක් වන medRxiv හි ප්‍රකාශයට පත් කර ඇත.
සොයාගැනීම්වල සාරාංශය ට අනුව සයිනෝෆාර්ම් එන්නත මාත්‍රා දෙකකින් පසුව පුද්ගලයින්ගෙන් 95% ක් තුළ ප්‍රතිදේහ වර්ධනය වී ඇත.එහිදී වයස අවුරුදු 20 ත් 39 ත් අතර පුද්ගලයන් තුළ 98.9%ක් තරම් ඉහළ ප්‍රතිදේශ අනුපාතයක් දක්නට ලැබුණු අතර වයස අවුරුදු 60 (93.3%) අඩු විය. එන්නත ප්‍රතිග්‍රාහක වලින් 81.25% ක් තුළ උදාසීන ප්‍රතිදේහ නිපදවන අතර මෙම උදාසීන ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව දක්නට ලැබෙන මට්ටම් වලට සමාන වේ. ඇල්ෆා සඳහා ප්‍රතිදේහ මට්ටම් අඩු වුවද ඩෙල්ටා සහ බීටා සඳහා ප්‍රතිදේහ මට්ටම් ස්වාභාවික ආසාදනයෙන් පසුව ඇති මට්ටමට සමාන විය