අද (20) දින ගුරුවෘත්තීය සමිති හා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අතර පැවති සාකච්ඡා අසාර්ථක වූ බවත් මාර්ගගත ඉගැන්වීම් වලින් තව දුරටත් ඉවත් වී වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් ගුරු වෘත්තීය සමිති ප්‍රකාශ කර සිටියේය.
වෘත්තීය සමිති පවසන්නේ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා සමග අද උදේ පැවති සාකච්ඡාවලින් තම ගැටලුවලට විසඳුමක් හෝ සාර්ථක උත්තරයක් නොලැබුණු බවය.
තමන් ඉතා විශ්වාසයෙන් එම සාකච්ඡාවලට එක් වුව ද සකච්ඡා වට කීපයිකින් අනතුරුව කිසිදු ප්‍රයෝජනයක් නොවූ බව එම වෘත්තීය සමිති ප්‍රකාශ කළේය.
ඒ අනුව ඔන්ලයින් ඉගැන්වීම් කටයුතුවලින් තවදුරටත් ඉවත් වී වර්ජනය අඛණ්ඩව රැගෙන යන බව එම වෘත්තීය සංගම් ප්‍රකාශ කළේය.