අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් කරන කාන්තාවන් නොහිතන තැනක තබන, රට ගිය තරුණයින්ටත් එන්න හිතෙන රටක් දින වකවානු ඉදිරිපත් කර හදනවා – දිලිත් ජයවීර

by editor
දෙසැම්බර් 3, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මේ රටේ සමෘද්ධි ලාභීන් ව්‍යවසායකයන් බවට පත් කරන්නත්, කාන්තාවන් කිසිවෙක් නොසිතූ තැනකට රැගෙන එන්නත්, තරුණයින්ට කාර් එකක් මිලදී ගෙන නිවසක් හදාගෙන ජිවත්වන්නට හැකි පරිසරයක් හදන්නත්  දින වකවානු සහිත වැඩ පිළිවෙළක් තමන් විසින් ඉදිරිපත් කරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර   පවසයි. 

ඔහු කියන්නේ දේශපාලනයෙන් කවදාවත් කිසිම දෙයක් අත්පත් කරගෙන නැති බවය.  තමන්ගේ පක්ෂය   සංඛ්‍යා දත්ත, සමීක්ෂණ හොදට දන්න පක්ෂයක් බවත් ඒ මත පදනම් වී  ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙළක් ගෙන එන ගමන්ම  හැමදාම දේශපාලන වේදිකාවේ කතා වෙන ඍණත්මක කතා වෙනුවට කලින් නෑසුනු සටන් පාඨ ගෙනෙන බවත්ය.

“අපි අභිප්‍රේරණය කරනවා  ඔබව “ දිලිත් ජයවීර කියන්නේය. ඔහු මේ බව පවසන්නේ උතුරු කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේ පැවති මව්බිම ජනතා පක්ෂයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

“මට කවදාවත් මේ දේශපාලනයට එන්නට කිසිම බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ. මම හිතන්නේ නැහැ මෙම දේශපාලන ආගමනය කිසිම පක්ෂයක් හෝ දේශපාලකයෙක් බලාපොරොත්තු වුණා කියලා. ඒ නිසා තමයි ඔවුන් මේ සදහා විවිධ විග්‍රහයන් දෙන්නේ. මේක මුක්කු ගහන පක්ෂයක් ලෙස හඳුන්වන්නේ. එහෙම නැත්තම් ඡන්ද කඩන්න එන පක්ෂයක් ලෙස තමයි හදුන්වන්නේ. එසේ වීමට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නැහැ. අපි අපේ ආත්මය පාවා දෙන්නේ නැහැ. “

තමන්  කතා කරන්නේ ශ්‍රී ලංකාවට නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍යය ය යන අසීමිත විශ්වාසය මත බව කියන දිලිත් ජයවීර    ඉතිහාසයේ වුන දේ වෙන්න වෙන්නට ඉඩ නොතිබෙන බවත් කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මේ රටේ මිලියන 5 දශම 1ක් වන පවුල්වලින් මිලියන දෙකකට අදටත් සමෘද්ධිය ලැබෙනවා. සමහර පවුල්වලට රුපියල් 2500ක් ලැබෙනවා. වැඩිම වුනොත් රුපියල් පහළොස්දහසක් ලැබිලා ඇති. මේ සඳහා ආණ්ඩුව රුපියල් බිලියන 200කට වැඩියෙන් වියදම් කරලා තියෙනවා. අපේ අධ්‍යාපනයට වියදම් කරනවාට වැඩියෙන් අපි සමෘද්ධියට වියදම් කරලා තියෙනවා. වියදම් කරලා මේ දුගී ජනතාව දුගී තත්ත්වයේම තියාගෙන ඒ අයගේ දේශපාලනය කරනවා. “

“මේ ජාවාරම වසර 30ක පමණ සිට කරගෙන යනවා. ඔවුන් කවදද මේ දුගී තත්ත්වයෙන් ගොඩ එන්නේ. ඔවුන් කවද්ද සතුටින් ඉන්නේ? කාටද රුපියල් 2500න් ජිවත් වෙන්න පුළුවන්? කාටද රුපියල් පහළොස්දහසෙන් ජිවත් වෙන්න පුළුවන්? නමුත් ඒක පවත්වාගෙන යනවා. නමුත් ඔවුන් දුගිභාවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරලා නැහැ. “

“ඒ නිසා අපි යෝජනා කරන්නේ මේ රටේ ඉපදුන හැම මනුස්සයෙකුටම සතුටින් ඉන්න ඕන. අපි මේ සතුටින් ඉන්න ඕන රටක දුක්  විදින්නේ. ඒකට හේතුව වැඩපිළිවෙළක්  නැති දේශපාලන ක්‍රමය නිසා. දුෂිත දේශපාලනයේ පැවැත්ම රඳා පවතින්නේ දුගී ජනතාව සිටියොත් පමණයි. “

 

“ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා අවසාන දුගී පවුලටත් ව්‍යවසායකත්වය ගෙන යන්න. ඔවුන්ගේ ආත්ම ශක්තිය එලියට ගන්න අවශ්‍ය වෙනවා. ඔවුන්ට මාසයෙන් මාසයට දෙන දුප්පත්කමේ දීමනාව වෙනුවට ඔවුන්ට කොහොමද ශක්තිමත්ව නැගී සිටලා කොහොමද වැඩ කරන්නේ කියන අවස්ථාව ලබා දෙන්න ඕන. ඒ සඳහා අපි ලඟ වැඩපිළිවෙළක් තියෙනවා. අපි කයිවාරුකාරයෝ නෙවේ. “

“අපි දේශපාලනය සදහා පොරොන්දු දෙන, ප්‍රතිපත්ති ප්‍රකාශ ලබා දෙන පක්ෂයක්  නොවේ. අපි සංඛ්‍යා දත්ත, සමීක්ෂණ හොදට දන්න පක්ෂයක්. ඔබට ප්‍රතික්ෂේප කළ නොහැකි වැඩපිළිවෙළක් අපි ගේනවා. හැමදාම දේශපාලන වේදිකාවේ කතා වෙන ඍණත්මක කතා වෙනුවට අපි අභිප්‍රේරණය කරනවා  ඔබව. කලින් ඇසුණු නැති සටන් පාඨ අපි ගේනවා. “

“අපි යෝජනා කරනවා මේ සියලු සමෘද්ධිලාභීන්ට තමන්ට ජිවත් විය හැකි ආදායමක් ලැබෙන වැඩපිළිවෙළක් ඔබට ඉදිරිපත් කරනවා කියලා. ඒ වගේම සියයට 50කට වැඩි ශ්‍රී ලාංකික කාන්තාවන් ඉදිරියටම ගෙනියනවා. ඔවුන් කවදාවත් නොදුටු තැනකට අරන් ගිහින් තමයි නතර වෙන්නේ. “

“ඒ වගේම අපේ රටේ තරුණයන් අපේක්ෂා භංගත්වයෙන් සිටියා නම් ඔවුනට අද වෙනත් රටකට යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සඳහා අපි වැඩපිළිවෙළක්  ගේනවා. ඒ වගේම රටකට යම් තරුණයෙක් ගියා නම් ඔවුන් නැවත මේ  රටට එන්න හිතෙන රටක බවට අපි පරිවර්තනය කරනවා. කාර් එකක් ගන්න, ගෙයක් හදා ගන්න හැකි රටක් වහ වහා නිර්මාණය කරනවා. “

ඒ සඳහා අපි දින වකවානු සහිත වැඩපිළිවෙළක් සකසනවා. එතකොට ඔබට වෙනත් රටකට ගිහින් රැකියාවන් තුන හතරක් කරලා දුක් විදින්න ඕන නැහැ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවත් අධිකරණයක නඩු භාණ්ඩ ගබඩාවක් සුද්ද කරයි… වැල්ලවාය අධිකරණයේ අධිකරණ නඩුභාණ්ඩ ගබඩාවේ තිබූ ගංජා අධිකරණ සේවකයෙක් තොගේට විකුණලා…

Next Post

දෙයියන්ගේ පිහිටයි… ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ පැවති විකිරණ යන්ත්‍ර දෙකම බිඳ වැටෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.