ලලිත් චාමින්ද –
සමෘද්ධි ප්‍රතිලාභින්ගේ අනිවාර්ය ඉතුරුම් ලෙස රදවාගනු ලැබු මුදල් සහ ප්‍රතිලාභින්ට ගෙවනු ලබන සහනාධාර මුදලින් යම් දායකත්වයක් ගෙන විවිධ අරමුණු ඉටුකරගැනිම සදහා ඇතිකරගත් මුදලින් රුපියල් 47,653,794,136ක මුදලක් ඉකුත් වර්ෂ 18 තුළ දි රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන ඇතත් මේ වනතෙක් එම මුදල් අදාල සමෘද්ධි බැංකු හා අරමුදල් වෙත ආපසු ගෙවා නොමැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මහාභාණ්ඩාගාරයේ එකඟතාවය මත අනිවාර්ය ඉතුරුම් ලෙස රඳවාගනු ලබන සමෘද්ධි බැංකු සතු අරමුදල් සහ ප්‍රතිලාභීන්ගේ සහනාධාර මුදලින් විවිධ අරමුණු සඳහා කපාගනු ලැබු අරමුදල් වලින් මෙම මුදල 2004 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 06කදි රජයේ විවිධ කටයුතු සඳහා ලබාගෙන ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. අදාල මුදල ප්‍රතිපුරණය කිරිමට කටයුතු කරණ ලෙස විගණනය මගින් නිර්දේශකොට ඇත.
මෙම මුදල් ප්‍රතිපුරණය කරදෙන ලෙස අඛන්ඩව මහාභාණ්ඩාගාරයෙන් ඉල්ලුම් කර ඇතත් මෙතෙක් එම මුදල් ප්‍රතිපුරණය කර නොමැති බව සමෘද්ධි සංවර්ධන දේපාර්තමේන්තුවේ ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. මහාභාණ්ඩාගාරය විසින් මෙකී මුදල් ප්‍රතිපුරණය කිරිමෙන් පසු ක්ෂුද්‍ර මුල්‍ය අංශය වෙත පියවිමට කටයුතු කරණ බවද ගණන්දිමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාලව මෙම විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.







