රජය සිය මංගල අයවැය අද ඉදිරිපත් කළේය. ඉතිහාසයේ සමාජ ආර්ථික සහ සංවර්ධන ක්ෂේත්‍රයන් දෙස විග්‍රහාත්මකව බලමින් ඉදිරිපත් කළ අය – වැයක් ලෙස මේ වනවිට එම අයවැය සම්බන්ධයෙන් සමාජ කථිකාවක් ඇති වී තිබේ.
සමාජයෙන් මග හැරී ගිය ආබාධිත ප්‍රජාව, රැකවරණය අහිමිව ළමා නිවාසවල සිටින දරුවන්, පුනරුත්ථාපන කඳවුරුවල සහ බන්ධනාගාරවල ඉන්නා දරුවන්, මත්ද්‍රව්‍ය ඇබ්බැහියට ලක් වූ තරුණයින් පිළිබඳ දැඩි සමාජ අවධානයක් සහිතව ඉදිරිපත් කළ අයවැයෙන් උතුරු නැගෙනහිර මෙන්ම කඳුකරයේ වතු ප්‍රජාව සම්බන්ධව ද විශාල සංවර්ධන අවකාශයක් වෙන් කර තිබිණි.
රාජ්‍ය සේවක වැටුප් 15750කින් වැඩි කිරීම, වංචාව දූෂණය පිටු දැකීම, බදු ක්‍රමය යථාවත් කිරීම, රට ඩිජිටල් කරණය, අස්වැසුම වැනි සමාජ ප්‍රතිලාභීන් මෙන්ම විශ්‍රාමිකයන් පිළිබඳව ද අවධානයක් සහිතව අය වැය ඉදිරිපත් කර තිබුණු අතර ආදායම් උත්පාදනය කරගන්නා ආකාරයේ අපැහැදිලි බව සම්බන්ධව පොදු විවේචනයක් ද මතුවෙමින් තිබේ.
ඉතිහාසයේ අප ඇසූ මානුෂික ගැඹුර ස්ඵර්ශ කළ අයවැයක් ලෙස එය හකුළුවා කිව හැකිය. එම සම්පූර්ණ අයවැය කතාව පහත දිගුවෙන් දැක්වේ.
https://heyzine.com/flip-book/1312e0afcf.html







