බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමයං ඝාතනයට මධුෂ් එල්.ටී.ටී.ඊ සහය ලබා ගත් හැටි වසර 3කට පසු හෙළි වූ අයුරු…

by editor
නොවැම්බර් 29, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • එල්.ටී.ටී.ඊ වෙඩික්කරුවන් තුනදෙනෙක් ඝාතනයට සම්බන්ධ කරන්…
    සියල්ල වමාරන්නෙ කල්පිටියෙදි අසුවන මධුරංග නැමති අපරාධකරු…
    ඉන්දියාවට පැන ගිය ඔහු බෝට්ටුවකින් ලංකාවට එන්නෙ බිරිය මරන්න..

කොළඹ හොල්ලාගෙන සිටි පාතාලයේ ප්‍රබලයෙක් වන සමයං නැමැත්තාත් ඔහුගේ ගෝලයින් සිව් දෙනෙකුත් සමග බන්ධනාගාර නිලධාරීන් දෙදෙනක් ද සමග කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස් රථයක් තුළ ඝාතනය කිරීමට මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයැවීමෙන් එල්.ටී.ටී.ඊ යේ සිටි වෙඩික්කරුවන් සිව් දෙනෙක් සම්බන්ධ වී සිට ඇතැයි හෙළිවී තිබේ.

samayan
සමයං නොහොත් අරුණ දමිත් උදයංග

2017 වසරේ පෙබරවාරි 27 වෙනිදා සිදුවූ එම ඝාතනයේ වෙඩික්කරුවෙක් ඉන්දියාවට පළාගොස් වසර තුනකුත් මාස නවයක පමණ කාලයක් ඉන්දියාවේ සැඟව සිට තවත් ඝාතනයකට සූදානමින් මෙරටට පැමිණ කල්පිටියේ මාළු වාඩියක රැඳී සිටියදී ඊයේ 28 ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදි.

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුගෙන් කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී එතෙක් බන්ධනාගාර බස් රථ ප්‍රහාරය සම්බන්ධයෙන් එතෙක් හෙළිනොවූ බොහෝ තොරතුරු හෙළිවන්නට පටන්ගෙන ඇත.

ඩුබායි හීදී එරට පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව මෙරටට පිටුවහල් කිරීමකින් පසු අත්අඩංගුවට ගෙන වසරකුත් මාස හයක පමණ කාලයක් රඳවාගෙන සිටි මාකදුරේ මධුෂ්ගෙන් ප්‍රශ්න කර පවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළුතර බස් රථ ප්‍රහාරයට එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් ඔහු යෙදවූ බව හෙළිකර ගැනීමට නොහැකි විය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මධුරංගගේ පාපොච්චාරණය

එහෙත් ඊයේ කල්පිටියේදී අත්අඩංගුවට ගත් අතුරුගිරියේ ලඩියාගේත් අංගොඩ ලොක්කාගේත් ගෝලයෙක් වන මධුරංග නැමැත්තාගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලදී ඒ බව හෙළිව ඇත. ඒ වන විට ඩුබායි හී රැඳී සිටි මාකඳුරේ මධුෂ් විසින් කළුතර ප්‍රහාරයට තිදෙනෙක් සම්බන්ධකරදුන් බවත් ඔවුන් තිදෙනාම දෙමළ භාෂාව කථාකරන අය බවත් ඔහු ප්‍රශ්න කිරීම්වලදී සඳහන් කර තිබේ. ඔවුන් එල්.ටී.ටී.ඊ. වෙඩික්කරුවන් බව හඳුනාගෙන ඇත්තේ ප්‍රහාරයට පසුවය. මෙම තිදෙනාට ටී 56 අවි තුනක් සපයා දී ඇත්තේ අංගොඩ ලොක්කාය. එදා එම ප්‍රහාරයට ටී 56 අවි 06 ක් සහ පිස්තෝලයක් යොදාගෙන ඇති අතර පිස්තෝලය තිබී ඇත්තේ අංගොඩ ලොක්කා අතෙහිය. ටී 56 අවි තුනක් දෙමළ ජාතික වෙඩික්කරුවන් අතට පත්කර ඇති අතර ඒ අය හමුදා ඇදුම්වලට සමාන ඇඳුමකින් සැරසී බන්ධනාගාර බස් රථයට ප්‍රහාරය එල්ලකල ස්ථානයේ ඇති පස් කණ්ඩිය මත රැඳී සිට ඇත.

ඉතිරි ටී 56 ගිනි අවි තුනෙන් එකක් අත දරාගෙන සිට ඇත්තේ කල්පිටියේදී අත්අඩංගුවට ගත් මධුරංග නැමැති අපරාධකරුවන අතර සෙසු ගිනි අවි දෙකෙන් එකක් තිබී ඇත්තේ බන්ටි නැමැති අපරාධකරු අතේය. තුන්වැනි ටී 56 අවිය තිබී ඇත්තේ ලැටා නැමැති අංගොඩ ලොක්කාගේ තවත් ගෝලයෙක් අතය.

අත්අඩංගුවේ පසුවන මධුරංග නැමැති අපරාධකරු ප්‍රශ්න කිරීමේදී පවසා ඇත්තේ බන්ධනාගාර බස් රථය පැමිණෙන විට ලඩියා විසින් පදවාගෙන පැමිණි කැබ් රථයක් ප්‍රහාරය එල්ලවුණු ස්ථානයේ දී මග හරස්කර නතර කර ඇති බවත් එම අවස්ථාවේදීම කණ්ඩිය මත රැදී සිටි තිදෙනා එකවර ප්‍රහාරය එල්කල බවත් ය.

“ ඒ අය එල්ලකල ප්‍රහාරයෙන් බස් එකේ හිටපු ඔක්කොම මැරිලයි හිටියේ. අපිට කරන්න දෙයක් ඉතිරිවෙලා තිබුණේ නැහැ. ඒත් අපිත් පස්සේ බස් එකට වෙඩි තිබ්බා. අංගොඩ ලොක්කා බස් එක ඇතුළට ගිහින් සමයංගේ බොඩි එක ඇදිගෙන ඇවිත් පිස්තෝලෙන් වෙඩි තිබ්බා“ යැයිද මධුරංග පවසා ඇත.

ප්‍රහාරයට ලක් වූ බන්ධනාගාර බස් රථය

ඉන්දියාවට පලා යෑම

බස් රථයට ප්‍රහාරය එල්ලකළ දිනම තමාත් ලැටාත් කල්පිටියට ගිය බවත් එතැනින් ධිවර බෝට්ටුවක නැගී මුහුදට ගිය බවත් සඳහන් කර තිබේ. ඈත මුහුදේදී ඉන්දියානු බෝට්ටුවකින් තමන් දෙදෙනාව එම බෝට්ටුවට නන්වාගෙන ඉන්දියාවේ තූත්තුකුඩියට රැගෙන ගිය බවත් සියල්ල සංවිධානය කර තිබුණේ මාකදුරේ මධුෂ් විසින් බවත් ඔහු පවසා ඇත.

මෙම ගමනට තුන්වැනි වෙඩික්කරුවා වූ බන්ටිවත් සූදානම්කර තිබී ඇතත් ඔහු එදින නොපැමිණි බැවින් 2017 මාර්තු 21 වෙනිදා සෙල්ලකතරගම සැඟවී සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායට හසුවී තිබුණි.

මධුරංගත් ලැටාත් ඉන්දියාවට පළාගිය පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් එහිදී ලැබී ඇති අතර ඉන්දියානු නීතීඥවරියගේ සහය ඒ සඳහා ලැබී ඇති බව සඳහන්ය. ප්‍රහාරයෙන් සතියකට පසු අංගොඩ ලොක්කාත් ලඩියාත් තලෙයි බෝට්ටුවකින් ඉන්දියාවට පැමිණ ඇති අතර ඔවුන් තන්වද මුණ ගැසීමට පැමිණි බව මධුරංග සඳහන් කර ඇත.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මිය යන තුරුම තමන්ට ජීවත්වීමට අවශ්‍ය පහසුකම් සපයා තිබුණු බවත් මිය යාමට මාස කිහිපයකට පෙර ලඩියා ඇතුළු පිරිස සමග මත ගැටුම් හේතුවෙන් වෙන්වූ බවත් සඳහන් කර තිබේ. අංගොඩ ලොක්කාගේ මරණින් පසු තමන්ව බලා කියා ගත්තේ ලඩියා විසින් බවද ඔහු පවසයි.

බිරිය මරන්න ආ හැටි

සිය බිරිය හිටි හැටියේම තමන් සමග පැවැති සම්බන්ධකම් අතහැර දැමූ බවත් තමාට දරුවෙක්ද සිටින බවත් මධුරංග සඳහන් කරයි. බිරිය එසේ තමා සමග ඇති සම්බන්ධය නතර කරනු ලැබුවේ වෙනත් පුද්ගලයෙක් සමග සම්බන්ධකමක් ගොඩනගාගෙන සිටින නිසාදැයි සැකයක් ඇති වූ බැවින් එය සොයා බැලීමටත් එසේ නම් බිරිය සහ එම පුද්ගලයාව මරා දැමීමටත් සති දෙකකට පෙර බෝට්ටුවකින් කල්පිටියට පැමිණි බවත් ඔහු සඳහන් කර ඇත. එම ගමණට අවශ්‍ය පහසුකම් සපයන ලද්දේ ද නීතීඥවරිය විසින් බවත් ඇය එල්.ටී.ටී.ඊ. හිතවාදියෙක් බවත් ඔහු සඳහන් කරයි.

මාළු වාඩියේ රැදී සිටි මධුරංගව අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අතුරුගිරියේ ඔහු පදිංචිව සිටි නිවසේ සඟවා තිබී ගිනි අවියක්ද පොලීසිය සොයාගෙන තිබේ. එය ඔහු ඉන්දියාවට පළායන්නට පෙර සඟවා තැබූවක් බවද අනාවරණය වී ඇත.

එල්.ටී.ටී.ඊ වෙඩික්කරුවන් නිදැල්ලේ…

කළුතර බන්ධනාගාර බස් රථ ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස සැළකෙන අංගොඩ ලොක්කා හා මාකදුරේ මධුෂ් මේ වන විට සිටින්නේ මරුමුවට පත්වය. වෙඩික්කරුවන් අතර සිටින එල්.ටී.ටී.ඊ තිදෙනා හැරුණු කොට සෙසු තිදෙනාගෙන් දෙනෙක්ම මේ වන විට අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.

ඒ අනුව එල්.ටී.ටී,ඊ. වෙඩික්කරුවන් හැරුණු කොට දැනට අත්අඩංගුවට ගැනීමට ඉතිරිව සිටින සෙසු අය වන්නේ ඉන්දියාවේ රැඳී සිටින ලඩියා සහ ලැටා පමණි. මේ අය වෙනුවෙන් මෙතෙක් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු නිවේදනයක්වත් ලබාගෙන නැත. අඩුම තරමින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය තාන්ත්‍රීක ඉල්ලීම් ද කර ඇති බවක් දැන ගන්නට නැත.

[contact-form][contact-field label=”Name” type=”name” required=”true” /][contact-field label=”Email” type=”email” required=”true” /][contact-field label=”Website” type=”url” /][contact-field label=”Message” type=”textarea” /][/contact-form]

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ස්වං නිරෝධායනයට ලක් කළ කාන්තාවක් නිවෙස තුළ මිය යයි…

Next Post

බෝගම්බර නිරෝධායන කඳවුරෙන් පනින්න ගිය තවත් 04ක් කොටු…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.