මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කළ තවත් රැඳවියන් සිව් දෙනෙකු මෙල්ල කර ගැනීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ (29) අලුයම සමත් වූයේය.
මෙම නිරෝධායන රැඳවුම් කඳවුරේ කුටියක රඳවා සිටි රැඳවියන් සිවු දෙනෙක් එහි දොර කඩාගෙන පිටතට පැමිණ පැන යන්නට උත්සාහ කරද්දී ඔවුන් බිය වද්දා මෙල්ල කර ගැනීමට බන්ධනාගාර නිලධාරීහු අහසට වෙඩි තැබූහ.
මෙම රැඳවියන් දිව යෑම ට හො තාප්පයෙන් පැන යාමට උත්සාහ කරනු ඇතැයි යන සැකය නිලධාරීන් මෙසේ අහසට වෙඩි තබා ඇත. මෙයට ඉහත තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන්ද පිටතට පැන පළා යෑමට උත්සහ කළ අතර එම අවස්ථාවේ එක් අයෙකු තාප්පයෙන් පහළට ඇද වැටී මරණයට පත්විය.
බෝගම්බර බන්ධනාගාරයේ මේවන විට රැඳවූවන් 310 පමණ සිටින වාර්තා වෙයි.