මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් ඉදිරිපත් කර තිබෙන ලේඛන, නඩුව වෙනුවෙන්ම සකස්කර ඉදිරිපත් කර තිබෙන ව්‍යාජ ලේඛන බවත්, එම ලේඛන පිළි නොගන්නා ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු පක්ෂයෙන් නෙරපීමට අදාලව නඩුව ගොනුකරන ලද අවස්ථාවේදී සමගි ජන බලවේගය විසින් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා ප්‍රකාශයට අදාල ලේඛන සහ, මෝසම මගින් ඉදිරිපත් කරන ලද ලේඛන අතර පරස්පරතාවයක් පවතින බවද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණයට දැනුම් දුන්නේය.
ඇමතිවරුන් දෙදෙනා ඉවත් කිරීමට අදාල රැස්වීම් වාර්තාවක් සමගි ජන බලවේගය විසින් මෝසමක් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. මෙම වාර්තාව නඩුව ඉලක්ක කරගෙන පසුව සකස් කර ඉදිරිපත් කර තිබෙන බවද පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා අධිකරණයට දැනුම් දුන්නේය.
මේ නිසා මෙම ලේඛන පිළි නොගන්නා ලෙසට වන නියෝගයක් නිකුත් කරන ලෙසද අධීකරණයෙන් ඉල්ලා සිටියේය. එය සලකා බලා තීරණයක් ලබා දෙන බවද අධිකරණය දැනුම් දුන්නේය.
සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.
ව්‍යාජ ලේඛන අධිකරණයට ඉදිරිපත් කිරීමක් මගින් අධිකරණයට අපහාස කිරීමේ නඩු කටයුත්තක් මතුවන බවද නීති විශාරදයෝ පෙන්වා දෙති.