බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සභාපති මහල්ලා “නාරා“ වනසන හැටි වෘත්තීය සමිති මුදල් ඇමති බැසිල්ට ලියයි!

by editor
නොවැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ධීවර අමාත්‍යාංශය යටතේ ඇති ජාතික පර්යේෂණ ආයතනයවන ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය හෙවත් නාරා ආයතනයේ සභාපතිවරයා ලෙස මේ රජයෙන් පත්කර ඇති 83 හැවිරිදි ඒ. නවරත්නරාජා නැමැති වියපත් පුද්ගලයා  විසින් ආතයනික පටිපාටිය බිඳ දමමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් හා ඉලක්ක පුද්ගලයින්ගෙන්   වෛරීව පලිගනිමින් එම ආයතනට  සිදුකරන  ව්‍යසනය  පිළිබඳව   නාරා සේවක එකමුතුව විසින්  මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිඛිතව දන්වා තිබේ.

නාරා සේවක එකමුතුව දක්වා ඇති පරිදි මේ පුද්ගලයා  83 හැවිරිදි අයෙකි. රාජ්‍ය ප්‍රතිපත්තියවන සෞභාග්‍යයේ දැක්මට අනුව ධීවර අමාත්‍යාංශය පෙළගස්වා ඇති  වැඩපිළිවෙළ  ක්‍රියාත්මක කරනු වෙනුවට අත්තනෝමතිකව තමන්ට රිසි දේ තමන්ගේ අවශ්‍යතාවය අනුව සිදුකරන මේ පුද්ගලයා හේතුවෙන්    ජාත්‍යාන්තර කීර්තියක් අත් කරගෙන සිටින මේ විද්‍යාත්මක පර්යේෂණ ආයතනය විනාශ වී යන අකාරය ඔවුන් මුදල් අමාත්‍යවරයා වෙත දන්වා තිබේ.

මෙයට පෙර සිදුකරන ලද අසාර්ථක ව්‍යාපෘති අතිශය වගකීම් රහිතව නැවත සිදුකර රජයට දැඩි ලෙස මුල්‍ය අලාභ සිදුකිරීම,   ආයතනයේ මුදල් හා සම්පත් අනීතික ලෙස තමන්ගේ පුද්ගලික පරිහරණය සඳහා යොදා ගනිමින් රාජ්‍ය මුදල් හා දේපල අවභාවිතා කිරීම  පිළිබඳව ද නාරා සේවක එකතුමුතුව මුදල් අමාත්‍යවරයා දැනුම්වත් කර ඇත.

ඔවුන් එල්ල කරන ප්‍රබලම චෝදනාව වන්නේ  රජයේ විගණන වාර්තා වලින්   හෙළිදරව් කර ඇති අක්‍රමිකතා සහ මුල්‍ය වංචා සඟවමින් ඒවාට වගකිව යුතු නිලධාරීන් තම අණසකට යටත් කොට ඔවුන් හරහා තමන්ට අවශ්‍ය පරිදි විවිධ අක්‍රමිකතා සිදුකිරීමය. එමෙන්ම ආයතනයේ බඳවාගැනීමේ  පරිපාටියේ පිරිවිතයන්   නොමැතිව බඳවාගන්නා ලද  නුසුදුසු නිලධාරීන් පිළබඳව මීට පෙර  පරික්ෂණ පවත්වා වරදකරුවන් ලෙස ඔප්පු කර   සේවය වහා අවසන් කිරීමට  නිර්දේශ කර තිබියදීත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකර ඔවුන්ව    ආරක්‍ෂා කරමින් අනෙකුත් සේවකයන්ගෙන් පළිගැනීමට ඔවුන්ව යොදා  ගැනීමය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

රටේ පවතින අයහපත් ආර්ථික තත්වය හේතුවෙන් රාජ්‍ය අංශයට නවක බඳවාගැනීම  සම්පූර්ණයෙන් අත්හිටුවා ඇති අවස්ථාවක නාරා සභාපතිවරයා විසින් විවිධ තනතුරු සඳහා පුද්ගලයින් බඳවා ගැනීම, වසර ගණනාවක් පුරාම වැටුප් වෙන් නොවු තනතුරු සඳහා විවධ පුද්ගලයින් වැඩබැලීමට පත්කර රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව ද නාරා සේවක එකමුතුව මුදල් ඇමතිවරයාට දන්වා ඇත.

නාරා සේවක එකමුතුව  මුදල් ඇමතිවරයාට  යැවූ එම ලිපියේ පිටපත් ධීවර අමාත්‍යතුමා, ධීවර රාජ්‍ය අමාත්‍යතුමා, ජනාධිපති ලේකම්තුමා, මහාභාණ්ඩාගාර ලේකම්තුමා, ධිවර අමාත්‍යාංශ ලේකම්තුමා, ධිවර රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් තුමා, විගණකාධිපතිතුමා, නාරා පාලක මණ්ඩලය, සභාපති/නාරා, අධ්‍යක්‍ෂ ජනරාල්/නාරා වෙත ද යොමු කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති සහ ජනාධිපති ලේකම් විෂ රසායනික පොහොර තොග නිදහස් කළ හැටි අනුර පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

ගොවීන් ඉල්ලන වර්ග 3ක් ආනයනයට අවසර දුන් රසායනික පොහොර ගොඩේ නෑ

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.