අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සභාපතිකමින් ඉවත් වූ මයන්ත කියන කතාව

by Lankasara News
පෙබරවාරි 27, 2023
in පුවත්
Mayantha Dissanayake
Share on FacebookShare on Twitter

පක්ෂය තුළ පොදු එකඟතාවයක් නොමැති නිසා මුදල් කාරක සභාවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහා විපක්ෂ නායක කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා ඡන්දයක් තුළින් මෙම තනතුර තමන්ට ලැබුණු බවත්, පක්ෂය තුළ බෙදීමක් ඇති වෙනවා නම් එකඟතාවයක් නැත්නම් ඕනෑම වේලාවක එම තනතුරෙන් ඉවත් වීමට තමන් සූදානම් බව, විපක්ෂ නායකවරයා හා මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර හමුවේ තමන් ප්‍රකාශ කළ බව මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

2015 – 2016 වසරවලදී මුදල් කාරක සභාව ආරම්භ කරන අවස්ථාවේ සුමන්දිරන් මහතා යටතේ තමන් මුදල් කාරක සභාවේ සාමාජිකයෙකු හැටියට සේවය කළ බවත්, හදිසි තත්ත්වයක් සුමන්දිරන් මහතා රැස්වීමක් පවත්වා මින් ඉදිරියට සභාපති පුටුව බාරගෙන එම වගකීම් කරන්නට තමන්ව යෝජාන කළ බවත් ඔහු සිහිපත් කළේය.

වැඩිදුරටත් අදහස් පළ කළ මන්ත්‍රීවරයා, ‘පසුගිය සතියේ වෙච්ච සිදුවීම සම්බන්ධව පැහැදිලි කිරීමට අවශ්‍යයි එහිදී මට ආශිර්වාද කරන විවේචනය කරන උදවියටත් මතක් කරලා දෙනවා මම ගාමිණි දිසානායක මැතිතුමා සහ ශ්‍රීමා දිසානායක මැතිනිය ගේ පුතා වගේම වැඩිමල් සහෝදරයා නවීන් දිසානායක ඒ වගේම මමත් වාර දෙකක් පාර්ලිමේන්තුව සහ ජනතාව නියෝජනය කරමින් කටයුතු කරන තරුණ දේශපාලනඥයෙක්.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මම පසුගිය මැතිවරණයේ දී තීරණයක් ගත්තා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට සම්පූර්ණ සහාය සහ ශක්තිය ලබා දීලා එතුමාගේ දේශපාලන ගමනට උදව් කරන්න .මම ඒ ගත්ත තීන්දුව හරි ගියා පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය ට මන්ත්‍රීවරුන් 56 කට ආසන්න ජනතාව ලබා දුන්නා. මම කවදාවත් ඒ ගත්ත ප්‍රතිපත්තිය ජනවරම පාවා දෙන්න යන්නේ නැහැ. අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්තිගරුකව ජනතාවත් එක්ක. මගේ පියා නිතරම කිව්ව දෙයක් තමයි දේශපාලනය කියන්නේ ජනතාව කියලා. ගිය සතියේ මන්ත්‍රීවරුන් මට කතා කළා. එහිදී ඇහුවා මුදල් කාරක සභාවේ සභාපති ධූරය ඒකමතිකව තීන්දුවක් හරහා ලබා දුන්නොත් භාරගන්නවද කියලා. මම මතක් කරලා දෙනවා 2015 ,2016 මුදල් කාරක සභාව ආරම්භ කරන අවස්ථාවේදී පළවෙනි සභාපති වශයෙන් කටයුතු කරපු සුමන්දිරන් මැතිතුමා යටතේ ඒ මුදල් කාරක සභාවේ සාමාජිකයෙක් හැටියට වැඩ කළා.එහිදී සුමන්දිරන් මැතිතුමා මුදල් කාරක සභාව තියෙන දවස්වලට හදිසි තත්ත්වයක් උඩ වෙන රැස්වීමක් තිබුණම මුදල් කාරක සභාවට ඇවිල්ලා එයා ආරම්භ කරලා මින් ඉදිරියට සභාපති පුටුව බාර අරගෙන ඒ වගකීම් කරගෙන යන්න මයන්ත දිසානායක මැතිතුමාව යෝජනා කරනවා කියලා ප්‍රකාශ කරලා එම මුදල් කාරක සභාවේ වැඩ කරගෙන යන්න සම්පූර්ණ වගකීම භාර දුන්නා. මම නැති දවස් වල වෙන මන්ත්‍රීවරයෙකුට ඒ වගකීම බාර දුන්නා. මම හිතන හැටියට එය 2015ක් 2016 ඉඳන් මුදල් කාරක සභාවේ ඉන්න සාමාජිකයෙක් හැටියට මගේ වගකීම ආණ්ඩුවේද විපක්ෂයේ ද කියලා බැලුවේ නැහැ හැබැයි අපි එදා හිටියේ ආණ්ඩු පක්ෂයේ දැන් ඉන්නේ විපක්ෂයේ මොන දේශපාලන පැත්තක හිටියත් කළ යුතු වගකීම් ජනතාව වෙනුවෙන් ගාමිණි දිසානායක මැතිතුමාගේ අඩිපාරේ ගමන් කරන්න බලාපොරොත්තු වෙන පුතෙක් හැටියට ඉටුකරනවා .හැම තිස්සෙම මම කටයුතු කළේ හෘද ශාක්ෂියට එකඟව. එම නිසා ගිය සතියේ මගෙන් ඉල්ලීමක් කළා මේ වගකීම භාර ගන්නවද කියලා. එහිදී මම පැවසුවේ පොදු එකඟතාවයකින් එනවා නම් එය භාර ගන්නවා කියලා. හැබැයි මං මතක් කරල දෙන්න ඕන සමහරු ප්‍රශ්න කරනවා මට සුදුසුකම් තියෙනවාද නැද්ද කියලා. මුදල් කාරක සභාවේ සභාපති ධුරය හොබවන්න. මෙහිදී කියන්න ඕන මගේ පියා ගාමිණි දිසානායක මැතිතුමා ඉංජිනේරු මහත්මයෙක් නෙමෙයි මහවැලිය බාර ගන්න කොට .නමුත් එතුමාට පුළුවන් වුණා අවශ්‍ය කරන උපදෙස් ලබාගෙන කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ වගේම තමයි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා නිවාස හදනකොට architect කෙනෙක් නෙමෙයි. නමුත් අදත් මේ රටේ ගාමිණී දිසානායක මැතිතුමා, ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා,රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ගේ නම් සිහි කරලා ජනතාවක් පින් දෙනවා. මොකද එතුමා ඒ කරපු විශාල වැඩ කටයුතු තුලින් මම කල්පනා කලේ මුදල් කාරක සභාවේ ආරම්භ සාමාජිකයා හැටියටත් සුමන්දිරන් මැතිතුමා එක්ක වැඩ කරපු නිසා ඒ වගේම මේ රටේ දැන් අවශ්‍යතාවය විපක්ෂය හැටියට එකතුවෙලා ආන්ඩුවේ කරන වැරදි පෙන්වා දීලා ඒවට අවශ්‍ය නම් එරෙහිව කතා කරලා මුදල් කාරක සභාව වගේ තැනක ආණ්ඩුවේ මුදල් පිළිබඳ ප්‍රතිපත්ති පිළිබඳව වැරදි දෙයක් කරනවානම් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට සභාපතිවරයා හැටියට පමණක් නෙමෙයි සාමාජිකයෙක් හැටියට ආණ්ඩුව නිවැරදි කරන්න වගකීමක් තියෙනවා කියලා .මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ පොදු විපක්ෂයක් විදියට තු කිරීම මම 2019, 2020 ,2021 පාර්ලිමේන්තුවේ දී කියන දෙයක් තමයි මේ ආර්ථික තත්ත්වය උඩ අනිවාර්යෙන්ම අපි 225 සියලු දෙනාම එකට එකතු වෙලා වැඩ කරන්න ඕන කියන එක. පටු දේශපාලන අරමුණු ඇතුව වැඩ කිරීම වැරදියි කියලා මම මන්ත්‍රීවරයෙක් හැටියට විපක්ෂයේ දී ආණ්ඩු පක්ෂයේ දී ද කියලා තියෙනවා. 2021 දී මම ප්‍රකාශ කරපු දෙයක් තමයි අනිවාර්යයෙන්ම රටක් හැටියට වැඩ කරන්න ඕන අපි කණ්ඩායමක් හැටියට විපක්ෂයේ වගකීම ඉටුකරන්න ඕන කියලා අනිවාර්යෙන්ම මේ රට හදන්න දියුණු කරන්න අවශ්‍ය කරන ප්‍රතිපත්ති යෝජනා ඉටු කරන්න ඕන.

විශේෂයෙන්ම මතක් කරන්න ඕන අපේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අවශ්‍ය වෙලා තියෙන රෝහල්වලට උපකාරණ, පාසල්වලට අවශ්‍ය කරන උපකාරණ හා බස් රථ ලබා දීලා තියෙනවා. පලවෙනි වරට තමයි විපක්ෂ නායකවරයෙක් මේ ආකාරයට පොදු ජනතාව වෙනුවෙන් වැඩ කරලා තියෙන්නේ. මම එතුමා එක්ක අද උදේ සාකච්ඡා කළා එහිදී විශේෂයෙන් මම පැවසූ පරිදි පොදු එකඟතාවකට එන්න ඕන නිසා තීන්දු කරා මුදල් කාරක සභාවේ සභාපතිවරයා හැටියට ඉල්ලා අස්වෙන්න. මේ ඉල්ලා අස්වීම ගරු කථානායක තුමාට තව මොහොතකින් ලියුම අත්සන් කරලා බාර දෙන්න කටයුතු කරනවා. මම මේ වැඩේ කරන්නේ අපි පොදු එකගතාවයකට ඇවිල්ලා විපක්ෂයක් හැටියට එම වගකීම විපක්ෂනායක තුමා යටතේ කටයුතු කරන්න ඕන නිසා. මට තනතුරු තාන්න මාන්න අලුත් දේවල් නෙමෙයි. ඒවා අතහරින්න මට ලොකු බරක් නැහැ. ඒව ලේසියෙන් අත අරින්න පුළුවන් එම නිසා නැවතත් ජනතාවට මතක් කරනවා මම ගමන් කරන්න යන්නේ gamini dissanayake මගේ පියාගේ අඩි පාරේ. හරි දේ අපි කරන්න ඕන අද උදේ සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක සාකච්ඡා කරලා තීන්දුවක් ගත්තා අනිවාර්යෙන්ම මේ තනතුර පොදු එකඟතාවයකට එන්න ඉල්ලා අස් වෙනවා කියලා.

මට විරුද්ධව කතා කරන ට්විටර් ගහන කට්ටියට කියනවා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. මම කවදාවත් ආණ්ඩු පක්ෂයක් එක්ක ඩීල් එකක් දාලා ජනාධිපතිතුමාට කතා කරලා සභාපති ධූරය ලබා ගත්තේ නැහැ. පොදු එකගතාවයකින් මේ තනතුරු දෙනවා කියන එක මට ප්‍රකාශ කරාම ඒ එකඟතාවය උඩ තමයි මම තනතුර භාර ගත්තේ. ඒකත් පළවෙනි රැස්වීම මිනිත්තු 10 ක කෙටි කාලයක් ඒ අවස්ථාවේදීත් මම හිතුවා හදිසි මුදල් කෙටුම්පත් මොනාහරි ඒවි කියලා එම නිසා තමයි ඒ රැස්වීමේ වාඩි වුණේ. වීඩියෝ බැලුව නම් මම ප්‍රකාශ කරා මෙතන ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉතරයි ඇවිල්ලා ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇවිත් නැහැ එම නිසා පැහැදිලි පොදු එකගතාවයක් නැහැ කියලා. මම ඒ රැස්වීමේදී කිව්වේ අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා නම් එය සම්මත කරලා එය එතැනින් අවසන් කරලා පක්ෂ නායකත්වයත් එක්ක කතා කරලා තීන්දුවක් ගන්නවා අනාගතයේ දී මේ තනතුරේ ඉන්නවද නැද්ද කියලා.

ඒ වගේම මේ තනතුර බාරගන්න මට කිසිම බලපෑමක් ආවේ නැහැ. බ්‍රහස්පතින්දා තමයි ඡන්දයක් තියලා මට මේ තනතුරු ලැබුණේ සිකුරාදා පක්ෂය තුළ එකඟතාවයක් තියෙනවද කියලා මම බැලුවා සෙනසුරාදා ඉරිදා කොළඹින් පිට ගියා පෞද්ගලික කටයුත්තක් නිසා. එහිදී නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සහ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා මට නිතරම කතා කළා. එහිදී මම කියා සිටියේ පක්ෂය තුළ බෙදීමක් ඇති වෙනවා නම් එකගතාවයකට එන්නේ නැත්නම් මම ඕන වෙලාවක තනතුරෙන් ඉල්ලා අස් වෙන්න ලෑස්තියි කියලා. මම බලපෑම් වලට මඩ ප්‍රහාරවලට බය වෙන කෙනෙක් නෙමෙයි. මම ගාමිණි දිසානායක මැතිතුමාගේ පුතා ඒ අඩි පාරේ ගමන් කරන්නයි මගේ බලාපොරොත්තුව. එම නිසා මම ඉන්න තැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික⁣යෙක් වගේම සහකාර ලේකම් වරයෙක් .තාවකාලිකව සමගි තරුණ බලවේගය සභාපති වශයෙන් කටයුතු කරනවා. ඒ නිසා පක්ෂ නායකත්වයේ තියෙන සම්පූර්ණ විශ්වාසය දිනාගෙන මම වැඩ කරන්නේ.විපක්ෂයේ සියලු දෙනා එකතු වෙලා කටයුතු කර යුතුයි.

රටක් හැටියට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මුදල් නැහැ කියලා නීතියේ රාමුවෙන් පිට ඡන්දයක් කල් දාලා තියෙනවා එය ඉතා භයානකයි. එහිදී අපි එකතුවෙලා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න කටයුතු කරන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථාන රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙන් අඩක් කැපෙයි

Next Post

චීන-පිලිපීන දේශසීමා අර්බුදය

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.