සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සපුගස්කන්ද පොලිසිය රන්වල ඉදිරියේ නීතිය නවලා… විමර්ශනයේදී හෙළි වෙයි…

by editor
දෙසැම්බර් 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල විසින් පසුගිය 11 වැනිදා රාත්‍රියේ  සිදුකළ රිය අනතුර සම්බන්ධයෙන් පොලිසිය රාජකාරී පැහැර හැර ඇතැයි මූලික විමර්ශනයේදී අනාවරණය වූ බවත්, රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති නිලධාරීන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය අද (18) නිවේදනය කළේය.‍

මෙම සිද්ධියට අදාලව සපුගස්කන්ද පොලිස් නිලධාරීන් නිසි පරිදි රාජකාරී කටයුතු සිදුකර ඇත්තේද යන්න පිළිබඳව සෙවීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති W.P.J. සේනාධීර විමර්ශනයක් සිදුකර  එහි වාර්තාව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය  වෙත භාර දී ඇතැයි වාර්තා වේ.

අදාළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ, ඉකුත් 11 වනදා රාත්‍රී 7.25ට පමණ අනතුර සිදුව ඇති අතර ඉන් විනාඩි 25කට පසුව එනම් රාත්‍රී 7.50ට පමණ සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයෙකු අදාළ ස්ථානයට ගොස් ඇති බවය.

අනතුරුව සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හා රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට පැමිණ ඇත්තේ රාත්‍රී 8.00ට පමණ බවත් ඒ වනවිටත්  රන්වල මන්ත්‍රිවරයා හා ඔහු අනතුරට ලක් කිරීමෙන් තුවාල ලැබූ දරුවා හා කාන්තාවන් දෙදෙනා එම ස්ථානයේ සිට නොමැති බවත් අනාවරණය වී තිබේ.

එදින රාත්‍රී 9.30ට පමණ අනතුර සිදු වූ ස්ථානයට ගිය සපුගස්කන්ද පොලිසියේ සැරයන්වරයා කිරිබත්ගොඩ රෝහලට ගොස් ඇති අතර ඔහු එහි ගේට්ටුව අසල සිටි ආරක්ෂක නිලධාරියෙකුගෙන් අනතුර සම්බන්ධයෙන් විමසා,  රෝහල් ගතකළ පිරිස වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතැයි ආරක්ෂක නිලධාරියා කී කතාව අසාගෙන වෙනත් වගකිවයුතු කිසිවෙකුගෙන් විමසීමක් එතැනින් පිටව ඇති බව  සිදුකළ විමර්ශනයේදී හෙළිවී ඇත.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අශෝක රන්වල කිරිබත්ගොඩ රෝහලෙන් පිටවී ගොස් ඇත්තේ    රාත්‍රී 10.35ට පමණය.  එම ස්ථානයට අදාල පොලිස් සැරයන්වරයා පැමිණ ඇති නමුත් අනතුරට ලක් වූ අයගේ ඥාතීන් විසින් ඇතිකළ විරෝධය නිසා තත්ත්වය උණුසුම් වෙත්ම පැමිනි රාජකාරිය පසෙක දමා සැරයන්වරයා හැරී ගොස් ඇතැයි විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

මන්ත්‍රීවරයා රෝහල්ගතව සිටීම හේතුවෙන් ඔහු මත්පැන් පානය කර සිටියේද නැද්ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා භාවිත කරනු ලබන බීමත්කම පරීක්ෂා කරන නල පිම්බීමට ලබාදීමට පොලිසියට නොහැකි වී ඇති බව ද අදාළ වාර්තාවේ දැක් වේ.

එහෙත් එවැනි අවස්ථාවක පොලිසිය විසින් භාවිත කරනු ලබන අධිකරණ වෛද්‍ය පෝරමයවත් කිරිබත්ගොඩ රෝහලේදී සපුගස්කන්ද පොලිසියෙන් ලබාදීමක් කර නොමැත. එය ඔහුට ලබාදී ඇත්තේ අනතුර සිදුවීමෙන් පසුදින කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලිසිය විසිනි.

ඉන් අනතුරුව ඔහුගේ රුධිර හා මුත්‍රා සාම්පල ලබාගෙන ඇති බව වාර්තා වේ.

විමර්ශන සඳහා සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා හෝ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අවම වශයෙන් කිරිබත්ගොඩ හෝ කොළඹ ජාතික රෝහලට ගොස් නොමැති බවත්  පසුදින රන්වල මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස්පතිවරයාගේ සෘජුව මැදිහත්වීමෙන් බවත් සිදුකළ විමර්ශනයේදී බව ද වාර්තා වේ.

රිය අනතුරෙන් පසුව රන්වල මන්ත්‍රීවරයා මත්පැන් පානය කර ඇති බවට විවිධ පිරිස් චෝදනා කිරීම, ඔහු විසින් අනතුරට ලක් කළ තිදෙනෙකු රෝහල්ගතව සිටීම වැනි තත්ත්වයකදී නියත වශයෙන්ම ඔහුව අත්අඩංගුවට ගැනීමට සපුගස්කන්ද පොලිසිය කටයුතු කළ යුතු වූවද එසේ සිදුකර නොමැති බවත් පොලිස්පතිවරයාට ලබාදුන් වාර්තාවේ සඳහන් වේ.

අදාළ විමර්ශනයේදී නිරීක්ෂණය වී ඇත්තේ සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා, අනතුර සම්බන්ධව විමර්ශනය කළ රථවාහන අංශයේ ස්ථානාධිපති හා සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරයා හා දිස්ත්‍රික්භාර නිලධාරීන් රාජකාරී පැහැරහැරීමක් සිදුකර ඇති බවය.

ඒ අනුව අදාළ නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒ්කකය මඟින් මූලික විමර්ශනයක් ආරම්භ කර දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා උපදෙස් ලබාදී ඇති බව පොලිසි මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසයි.

අශෝක රන්වල මන්ත්‍රීවරයාගේ රිය අනතුරට අදාළ නඩුව හෙට (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයේදි කැඳවිමට නියමිතය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාලගුණය අහයපත්… මධ්‍යම පලාතේ සියලුම පාසල් හෙට දිනයේ දී වැසේ…

Next Post

සජබ ට බලය හිමි කඩුගන්නාව ප්‍රාදේශීය සභාවේ අය – වැය පරදී

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.