බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සද්දේ දාල රටට කියන කැබිනට් තීරණවලට වෙන දේ පර්යේෂණයකින් හෙළිවේ!

by editor
මාර්තු 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය 2022 වසරේ මුල් මාස හය තුළ රටේ පැවති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ගන්නා ලද තීරණ 15ක ප්‍රගතිය පිළිබඳ ව කළ විමසීමකදී එම තීරණ 15න් 14ක් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන අපොහොසත් වූ බව මෙරට ප්‍රධාන පෙළේ ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ සුභාෂිණි අබේසිංහ  පවසයි.

සිය අධ්‍යයන කටයුතු සඳහා අදාළ අමාත්‍ය මණ්ඩල තීරණ ක්‍රියාත්මක වීම් ප්‍රගතිය පිළිබදව තොරතුරු දැන ගැනීමේ පනතට අනුව ඉල්ලුම් කළද එයින් පිළිතුරක් ලබා දීමට හැකියාව ලැබුණේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්වෙන් පමණක් බව ඇය ප්‍රකාශ කළේ සිරස නාළිකාවේ පැතිකඩ වැඩසටහනකට එක් වෙමිනි.

මාධ්‍යවේදී අශෝක ඩයස් සමඟ කළ සාකච්ඡාවකදී සුභාෂිණි අබේසිංහ තවදුරටත් සඳහන් කළේ එම කාලයේ රටේ ජනතාව විඳි දැවැන්ත දුෂ්කරතා හමුවේ රටේ ඖෂධ හිඟය , ආහාර සහ කෘෂිකර්මය සහ බලශක්තිය සම්බන්ධයෙන් ගන්නා ලද අමාත්‍ය මණ්ඩල තීරණ 15ක් පිළිබඳව තමන් විමසීම් කළද එම තීරණ 14ක් ක්‍රියාත්මක වීම ගැන තොරතුරු ලබා දීම අදාල ආයතන විසින් ප්‍රතික්ෂේප කළ බවයි.

ඒ සඳහා නිදසුන් දෙකක් ගෙන හැර පාමින් වෙරිටේ රිසර්ච් පරයේෂණ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ බන්ධනාගාර දෙපාර්තමෙන්තුව සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් කෘෂි ආහාර බෝග වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ගත් තීරණයක් පිළිබඳව විමසූ අවස්ථාවේ ඊට අදාල තොරතුරු දීම ප්‍රතික්ෂේප කළ බවයි.

එසේම රටට අවශ්‍ය ඖෂධ උපකරණ ගෙන්වීමේදී විදේශ විනිමය වැය වීම පාලනය කිරීම සඳහා එක් නිෂ්පාදනයක්  දේශීය නිෂ්පාදකයකුගෙන් සපයා ගැනීම පිළිබඳව ගන්නා ලද තීරණයක් පිළිබඳව විමසීමේදී මෙතෙක් එම ද්‍රව්‍ය මිලදී ගෙන නොමැති බව අනාවරණය වුනේ යයි ද ඇය සඳහන් කළේය.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

“කැබිනට් මණ්ඩලය කියන්නේ රටේ ඉතාමත් වගකිව යුතු ආයතනයක්. ජනතාව හමුවේ කැබිනට් තීරණ දැනුම් දෙනවා. ජනතාව හමුවේ කියනවා මධ්‍ය සාකච්ඡා පවත්වා කියනවා තීරණගත්තා කියල.

ඇත්තටම මේ තීරණ ක්‍රියාත්මක වුණාද කියල දැන ගැනීම ජනතාවට ඉතා වැදගත්.

මේ සඳහා වෙන් වෙන්නේ රටේ ජනතතාව ගේ මුදල්. අදාළ මුදල් වියදම් කරන ආකාරය ජනතාව දැන ගත යුතුයි. ඒ සඳහා තොරතුරු දැන ගැනීමේ පනත හරහා ඒවා දැන ගැනීමට ව්‍යවස්ථාවෙන් අයිතියක් තිබෙනවා.

අපි දුටු තවත් දෙයක් තමයි තොරතුරු ලබා දීමට රාජ්‍ය ආයතන දක්වන මැලිකම. තොරතුරු පනත හරහා යම් තොරතුරක් ඉල්ලුවාම අපට එ සඳහා මාස හතරක් හක් හයක් ඉන්න වෙනවා. දුරකථන ඇමතුම් ගණනාවක් දෙන්න වෙනවා..

එහදී හදුනාගත් තවත් දෙයක් රජය ගන්නා තීන්දු තීරණ කවුද ක්‍රියාත්මක කරන්නේ කියල දන්නේ නෑ. පසුගිය අයවැය සම්බන්ධයෙන් අපි තොරතුරු පනත හරහා ඉලලීම් 33ක් ඉදිරිපත් කළා. මේ තොරතුරු නිසි ලෙස ලබා දුන්නේ සියයට 46ක් විතරයි. එයින් පෙනෙන්නේ අයවැය තීන්දු යෝජනා ක්‍රියාත්මක කිරීමේදි එම යෝජාවලින් සියයට 56ක් ඒවා ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු ආයතන මොනවාදැයි හඳුනාගෙන තිබුනේ නෑ.

නමුත් අමාත්‍ය මණ්ඩලය තීරණ ගත් බව කියව වගේම ඒවා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය එසේ නැතිනම් ඒවා කිරීමට අපහසු වුණේ ඇයිද යන්නවත් ජනතාව හමුවේ ප්‍රකාශ කිරීම ඔවුන්ගේ වගකීමක් “යයිද ඇය පැවසුවාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රංගා යළි රිමාන්ඩ්…

Next Post

ඝාතනය වූ කෘෂිකර්ම පර්යේෂණ නිලධාරිනියට රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි සියලු වරප්‍රසාද!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.