ශ්‍රියානි විජේසිංහ
ඝාතනයට ලක් වූ නෙටොල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරිනියගේ පවුලේ අයට, රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමිවන සියලුම වරප්‍රසාද ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර සඳහන් කරයි.
ඇයගේ මරණය සම්බන්ධයෙන් පවුලේ ඥාතීන්ට සිය ශෝකය පලකරමින් අ ැමතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.
රාජතාරී කටයුතු සඳහා යමින් සිටියදි සිදුවූ මෙම මරණය සම්බන්ධයෙන් අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරය අවධාරණය කරයි.
විමර්ශන කඩිනම් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට ද ඇමතිවරයා උපදෙස් දී තිබේ.







