සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි.
දිවුරුම්දීම අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
මේ අනුව ඔහු මීට පෙර හෙබවූ තැපැල් සේවා හා ජනමාධ්‍යවේදී වෘත්තීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය අහෝසි වනු ඇත.