ශ්‍රියානි විජේසිංහ.
ආපදා තත්තවයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ උද්‍යාන නැවත විවෘත කිරීමට රජය තිරණය කර ඇති බව බව වනජීවී අධ්යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කරයි.
පවතින තත්ත්වය යටතේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය කරනු ලබන විල්පත්තුව, කුමන, හෝර්ටන් තැන්න, මින්නේරිය, කවුඩුල්ල හා යාල ( අංක vi ක් හැර) ජාතික උද්‍යාන නොවැම්බර් 28 වන දින සිට වසා දමන ලැබීය.
මේ වන විට ඇතැම් ජාතික උද්‍යානවල ජල ගැලුම් තත්ත්ව පහව ගොස් හා මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් දෙසැම්බර් 1 (අද)දින සිට කුමන, හෝර්ටන් තැන්න හා යාල ජාතික උද්‍යානයේ අංක V කොටස දිවා සංචාරකයන් සඳහා විවෘත කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඒ මහතා පැවසීය.
සිදුවිය හැකි අනතුරු වලක්වා ගැනීම සදහා දින කිහිපයකට වසා තබන ලද දෙහිවල ජාතික සත්වෝද්‍යානය හා පින්නවල සත්වෝද්‍යානයන් හි පිළිසකර කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතින බැවින් මෙම සත්වෝද්‍යානයන් නැවත හෙට (01) දින සිට මහජනතාව වෙනුවෙන් විවෘත කිරීම සිදු කරනු ලබන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව නැවතත් සුපුරුදු පරිදි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සතු දෙහිවල සත්වෝද්‍යානය, පින්නවල අලි අනාථාගාරය, පින්නවල සත්වෝද්‍යානය සහ රිදියගම සෆාරි උද්‍යානය යන සියලුම ආයතන වෙත පැමිණ නැරඹීමට ජනතාව වෙත අවස්ථාව හිමි වන බව ජාතික සත්වොද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් චන්දන රාජපක්ෂ මහතා පැවසීය.







