ශ්‍රියානි විජේසිංහ –
වාර්ෂිකව මෙරට සත්ව සපාකෑම් ලක්ෂ 2 ½ – 3ත් අතර සංඛ්‍යාවක් සිදුවෙන බවත් ඉන් ලක්ෂයකට පමණ ජලභීතිකා එන්නත ලබා දීමට සිදුවන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ජලභීතිකා මර්දන එකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අතුල ලියනපතිරණ සඳහන් කරයි.
මේ අනුව එන්නත් ලබා දිම සඳහා පමණක් වාර්ෂිකව රුපියල් මිලියන 225ක මුදලක් වැය වන බවද විශේෂඥවරයා පෙන්වාදේ.
සත්ව සපාකෑම්වලින් වැඩිම ප්‍රමාණය සුනඛ සපාකෑම් වන අතර වාර්ෂිකව සුනඛ සපාකෑම් හේතුවන් පුද්ගලයින් 25 – 30 අතර සංඛ්‍යාවක් මරණයට පත්වෙන බවද හෙතෙම පෙන්වා දෙයි
මේ වසර තුළදී සුනඛ සපාකෑම් හේතුවෙන් පුද්ගයින් 12 කුට ජලභීතිකාව වැලදී මරණයට පත්ව ඇති අතර මින් පුද්ගලයින් 8 දෙනෙකුම සපා කා ඇත්තේ නිවෙස්වල ඇතිකරන සුනඛයින් බවද වෛද්‍ය ලියනපතිරණ පෙන්වාදේ.