බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ජනාධිපති වුණාම මොකද වෙන්නේ?

by editor
මැයි 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

colum

සජිත් බබා කැබ් රථයක නැගී නුවර සිට කොළඹට පා ගමනක් එන්නේය.

හදිසියේ නින්දෙන් ඇහැරැණාක් මෙන් ඇරඹි මේ සන්තෑසියේ අගමුල දැන ගනු රිසියෙන් මමත් කැබ්රථ පාගමන බලන්නට ගියෙමි.

“යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නන්දා මාලනීගේ මේ සොමි ගීතයේ මෝලම් බීට්එකට හුදී ජනයා හැට ට හැටේ නටති.

“මොකක්ද ලොක්කා මේ සිංදුවෙන් බෙරිහන් දෙන්නේ?” එතරම්ම මත් නොවූ අයෙකුගේ කණට කර මම ඇසීමි.

“අසාධාරණේ තමයි ලොක්කා. ගෝඨා ජනාධිපතිවෙලා ඉන්නකම් අපේ සජිත් බේබිගේ අත්පා විලංගුදා බැඳලා වගේ. උතුරින් ගොළු මුහුද දකුණින් හැඩි ගෝඨා. අපේ බේබිට අවස්ථාව දෙන්නෙම නෑනෙ. ඒක හරියට එයාට දෙතිස්වදය පමුණුවනවා වගේ තමයි. හැමදාම අපේ අහිංසක කොල්ලා මෙහෙම දුක් විඳින්න නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?” ගීතය පිළිබඳ ලද බර සාර අර්ථකථනයත් සමග වෙන පුද්ගලයෙකු වෙත හැරැණෙමි.

“පාර්ලිමේන්තුවේ 113 පෙන්නන්නෙ නැතුව කැබ් එකක නැගලා පලා යනවා කියලා ජනතාව චෝදනා කරනව නේද?” පැසුණු මිනිසෙකුගේ පෙනුමැත්තෙකුගෙන් විමසීමි.

“පහුගිය ජනාධිපතිවරණයෙන් සීයට තිහයි. මහමැතිවරණයේදී සීයට විස්සය. මේවෙලාවේ ආණ්ඩුව අතට ගත්තොත් ඊළඟ ඡන්දෙදි සීයට දහයයි. ඔහේ හිතුවද අපේ බේබි ඒතරම් මෝඩයෙක් කියලා. මුන් මේකෙන් කුජීතම වෙලා ගියාම අපේ බේබිත් මුන්ට වඩා හොඳයි කියලා රට්ටුන්ට නිකම්ම හිතෙන්න ගන්නවා” මිනිසා රහසින් කීවේය.

“පාර්ලිමේතුවේ විශ්වාසභංගය මගහරින්නේ බැසිල් එක්ක ඩීල් එකක් ගහලා කියන එකේ ඇත්තක් තියෙනව?” මම හොරෙන් ඇසුවෙමි.

“අනේ මේ අපේ බේබි ගාව ඔය බලු වැඩ නෑ. ඩීල් එකක්වත් ගහගන්න තේරෙන්නවයැ මේ නොදරුවට? ඒ තරමට ගුණයහපත්කමට හැදිලා තියෙන්නේ. ඕන නම් ඩීල් කියන්නෙ මොකක්ද කියලා කාටවත් නොතේරෙන ඉංග්‍රීසි වචන ටිකකින් පහදයි. ඒත් ඉතිං බැසිල් නම් විශ්වාස කරන්න බැරි හාදයනේ. මේ කිරි සප්පයව මොකක්හරි උගුලක පැටලෙව්වද දන්නෑ ඉතිං?” මිනිසා ගතු කීවේය.

“කෝ මේ කැබ් ගමනට සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීලවත් නෑනේ හරියට?” මම වටපිට බලමින් ඇසුවෙමි.

“ඔය ඇච්චො පැච්චො නැතත් අපේ බේබිට පුළුවන් ඇට්ටි හැලෙන්න කතාවක් දීලා ජනතාව රඳවාගන්න. බැරි වුනොත් සිකියුරිටි කම්කරැ ජොබ් දීපු එවුන්ව හරි මේකට බස්සනවා” මිනිසා ආඩම්බරයෙන් කීය.

“ඇත්තටම මේ ගමනේ තේරැම මොකක්ද?” මම ඇසුවෙමි.

“වෙන මොකක්ද ඉතිං සජිත් බේබිව ජනාධිපති කරන එක තමා” මිනිසා කෙළින් උත්තර දුන්නේය.

“දැන් කාටද ඕනේ එයාව ජනාධිපති කරවන්න?” මා ඇසුවේ නොදැනුවත් කමටමය.

“වෙන කාටවත් ඕනෙ නෑ. ඒ වුනාට එයාට ඕනෙනෙ!” පිළිතුර ලැබුණි.

“අර ගොල්ෆේස් පිට්ටනියෙයි රටවටෙයි ගෝඨාගෝගම් හදාගෙන තරැණයෝ තරැණියෝ කරන අරගලය ගැන ඔහේලා දන්නවද?” මම බැරිම තැන ඇසුවෙමි.

 

“දන්නවා දන්නවා තමන්ගෙ අතින් කාලා බීලා දාන බෑන් චූන් එකනේ? අපිට නමි අතට පයට ඔක්කොම සප්ලයි” හේ ආඩම්බරයෙන් කීය.

“හැබැයි රට වටේම ස්වෙච්ඡාවෙන් එළියට බැහැපු මිනිස්සු කවුරැත් සජිතිව ඉල්ලනවා අපිට නම් ඇහුනේ නෑ. මිනිස්සු ඉල්ලන්නේ සමබර ආර්ථිකයක්, ප්‍රජාතන්ත්‍රික රටක්, ජනතාවට වගකියන දේශපාලනයක්, සමාජ සාධාරණත්වය, සාමය වගේ දේවල්නෙ” මම කීවෙමි.

“ඔය හත්තිලව් ටික දෙන්න උන්ට ඉදිරිපත් කරන්න ජනාධිපති කෙනෙක් කෝ? ඒකට ටොයියා ඉන්නේ අපි ලඟ” ඔහු කැකිරි පැලෙන ටිකිරි සිනාවක් පෑය.

“හරි, දැන් සජිත් ජනාධිපති වුනාම කියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ?” මම අවසන් පැනය ඇසුවෙමි. එයට පිළිතුර දුන්නේ අපේ සංවාදය අසා සිටි වෙනත් පදිකයෙකි.

“සජිත් ජනාධිපති වුනොත් ඉතිං ඊටත් වැඩිය මේ රටට වෙන මොනවා වෙන්නද?”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

Next Post

සියලු ආගම් හා ජාතීන් එක්ව යාපනයේ දී සහජීවනයේ ඉෆ්තාර් උළෙලක්….

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.