fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් ජනාධිපති වුණාම මොකද වෙන්නේ?

මාස 4ක් ago
in පුවත්
530 5
0
Share on FacebookShare on Twitter

colum

සජිත් බබා කැබ් රථයක නැගී නුවර සිට කොළඹට පා ගමනක් එන්නේය.

හදිසියේ නින්දෙන් ඇහැරැණාක් මෙන් ඇරඹි මේ සන්තෑසියේ අගමුල දැන ගනු රිසියෙන් මමත් කැබ්රථ පාගමන බලන්නට ගියෙමි.

“යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්
ඉදිකටු ඇණ ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්”

නන්දා මාලනීගේ මේ සොමි ගීතයේ මෝලම් බීට්එකට හුදී ජනයා හැට ට හැටේ නටති.

“මොකක්ද ලොක්කා මේ සිංදුවෙන් බෙරිහන් දෙන්නේ?” එතරම්ම මත් නොවූ අයෙකුගේ කණට කර මම ඇසීමි.

“අසාධාරණේ තමයි ලොක්කා. ගෝඨා ජනාධිපතිවෙලා ඉන්නකම් අපේ සජිත් බේබිගේ අත්පා විලංගුදා බැඳලා වගේ. උතුරින් ගොළු මුහුද දකුණින් හැඩි ගෝඨා. අපේ බේබිට අවස්ථාව දෙන්නෙම නෑනෙ. ඒක හරියට එයාට දෙතිස්වදය පමුණුවනවා වගේ තමයි. හැමදාම අපේ අහිංසක කොල්ලා මෙහෙම දුක් විඳින්න නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්?” ගීතය පිළිබඳ ලද බර සාර අර්ථකථනයත් සමග වෙන පුද්ගලයෙකු වෙත හැරැණෙමි.

“පාර්ලිමේන්තුවේ 113 පෙන්නන්නෙ නැතුව කැබ් එකක නැගලා පලා යනවා කියලා ජනතාව චෝදනා කරනව නේද?” පැසුණු මිනිසෙකුගේ පෙනුමැත්තෙකුගෙන් විමසීමි.

“පහුගිය ජනාධිපතිවරණයෙන් සීයට තිහයි. මහමැතිවරණයේදී සීයට විස්සය. මේවෙලාවේ ආණ්ඩුව අතට ගත්තොත් ඊළඟ ඡන්දෙදි සීයට දහයයි. ඔහේ හිතුවද අපේ බේබි ඒතරම් මෝඩයෙක් කියලා. මුන් මේකෙන් කුජීතම වෙලා ගියාම අපේ බේබිත් මුන්ට වඩා හොඳයි කියලා රට්ටුන්ට නිකම්ම හිතෙන්න ගන්නවා” මිනිසා රහසින් කීවේය.

“පාර්ලිමේතුවේ විශ්වාසභංගය මගහරින්නේ බැසිල් එක්ක ඩීල් එකක් ගහලා කියන එකේ ඇත්තක් තියෙනව?” මම හොරෙන් ඇසුවෙමි.

“අනේ මේ අපේ බේබි ගාව ඔය බලු වැඩ නෑ. ඩීල් එකක්වත් ගහගන්න තේරෙන්නවයැ මේ නොදරුවට? ඒ තරමට ගුණයහපත්කමට හැදිලා තියෙන්නේ. ඕන නම් ඩීල් කියන්නෙ මොකක්ද කියලා කාටවත් නොතේරෙන ඉංග්‍රීසි වචන ටිකකින් පහදයි. ඒත් ඉතිං බැසිල් නම් විශ්වාස කරන්න බැරි හාදයනේ. මේ කිරි සප්පයව මොකක්හරි උගුලක පැටලෙව්වද දන්නෑ ඉතිං?” මිනිසා ගතු කීවේය.

“කෝ මේ කැබ් ගමනට සජබේ පාර්ලිමේන්තු මන්ත්‍රීලවත් නෑනේ හරියට?” මම වටපිට බලමින් ඇසුවෙමි.

“ඔය ඇච්චො පැච්චො නැතත් අපේ බේබිට පුළුවන් ඇට්ටි හැලෙන්න කතාවක් දීලා ජනතාව රඳවාගන්න. බැරි වුනොත් සිකියුරිටි කම්කරැ ජොබ් දීපු එවුන්ව හරි මේකට බස්සනවා” මිනිසා ආඩම්බරයෙන් කීය.

“ඇත්තටම මේ ගමනේ තේරැම මොකක්ද?” මම ඇසුවෙමි.

“වෙන මොකක්ද ඉතිං සජිත් බේබිව ජනාධිපති කරන එක තමා” මිනිසා කෙළින් උත්තර දුන්නේය.

“දැන් කාටද ඕනේ එයාව ජනාධිපති කරවන්න?” මා ඇසුවේ නොදැනුවත් කමටමය.

“වෙන කාටවත් ඕනෙ නෑ. ඒ වුනාට එයාට ඕනෙනෙ!” පිළිතුර ලැබුණි.

“අර ගොල්ෆේස් පිට්ටනියෙයි රටවටෙයි ගෝඨාගෝගම් හදාගෙන තරැණයෝ තරැණියෝ කරන අරගලය ගැන ඔහේලා දන්නවද?” මම බැරිම තැන ඇසුවෙමි.

 

“දන්නවා දන්නවා තමන්ගෙ අතින් කාලා බීලා දාන බෑන් චූන් එකනේ? අපිට නමි අතට පයට ඔක්කොම සප්ලයි” හේ ආඩම්බරයෙන් කීය.

“හැබැයි රට වටේම ස්වෙච්ඡාවෙන් එළියට බැහැපු මිනිස්සු කවුරැත් සජිතිව ඉල්ලනවා අපිට නම් ඇහුනේ නෑ. මිනිස්සු ඉල්ලන්නේ සමබර ආර්ථිකයක්, ප්‍රජාතන්ත්‍රික රටක්, ජනතාවට වගකියන දේශපාලනයක්, සමාජ සාධාරණත්වය, සාමය වගේ දේවල්නෙ” මම කීවෙමි.

“ඔය හත්තිලව් ටික දෙන්න උන්ට ඉදිරිපත් කරන්න ජනාධිපති කෙනෙක් කෝ? ඒකට ටොයියා ඉන්නේ අපි ලඟ” ඔහු කැකිරි පැලෙන ටිකිරි සිනාවක් පෑය.

“හරි, දැන් සජිත් ජනාධිපති වුනාම කියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ?” මම අවසන් පැනය ඇසුවෙමි. එයට පිළිතුර දුන්නේ අපේ සංවාදය අසා සිටි වෙනත් පදිකයෙකි.

“සජිත් ජනාධිපති වුනොත් ඉතිං ඊටත් වැඩිය මේ රටට වෙන මොනවා වෙන්නද?”

Join @lankasara on Telegram Channel
Tags: නවතමවිශේෂ
Previous Post

අන් අයව පිළිගන්න දරුවන්ට උගන්වන්න….

Next Post

සියලු ආගම් හා ජාතීන් එක්ව යාපනයේ දී සහජීවනයේ ඉෆ්තාර් උළෙලක්….

Related Posts

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

අගෝස්තු 17, 2022

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

අගෝස්තු 17, 2022

ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

අගෝස්තු 17, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)
  • ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….
  • ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!
  • ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….
  • කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

ජනප්‍රිය පුවත්

  • මාස්ක් එකක් නොදා චීන නැවේ කපිතාන්ට අතට අත දෙන්නට ගිය සරත් වීරසේකරට වෙච්චි දේ….

    320 shares
    Share 128 Tweet 80
  • පිහිනුම් ශූර ජුලියන් බෝලිං සහ ව්‍යාපාරික ජොනතන් මාටින්ස්ටයින් හෙට සීඅයිඩියට කැඳවයි !

    233 shares
    Share 93 Tweet 58
  • රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් විවෘත කරනවා… ජනපති කියයි!

    215 shares
    Share 86 Tweet 54
  • බහුතර ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවෝ සර්ව පාක්ෂික ආණ්ඩුව අල කරති…

    172 shares
    Share 69 Tweet 43
  • හදිසි නීතිය ඉවතට!

    205 shares
    Share 82 Tweet 51
  • සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

ජුලියන් ගැන රෝෂාන් තැබු සටහන….

කෝටි 20ක රත්තරන් සමග කටුනායකින් පිටවන්නට පැමිණි යුවලක් රේගු දැලේ…

සුකේෂ් චන්ද්‍රසේකර්ගේ කෝටි 215කප්පම් නඩුවට ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ටත් අපරාධ චෝදනා ගොනුවෙයි!

නවක වදයට දුන් වරදට දඬුවමට ලක්වූ යාපනය සරසවි සිසුවෙක් සියදිවි හානි කරගන්න ගිහින්… සිසුවා රෝහලේ

පුද්ගලයින් සහ සංවිධාන  අසාධුගත ලේඛනවලින් ඉවත් කරන්නේ කෙසේද?… ජනාධිපති කාර්යාලය පැහැදිලි කරයි…

විසිහතර කෝටි පනස් ලක්ෂයක කොකේන් සමග පෝලන්ත ජාතිකයෙක් කොටුවේ!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

මේ තියෙන්නෙ ඒ ලක්ෂ 22ක මුද්ද...

දියමන්ති ඇල්ලූ ලක්ෂ 22ක් වටිනා  ඒ මුද්ද ගැන කතාවක්! (ඇමති දියණියක් සම්බන්ධ නැත)

by editor
අගෝස්තු 17, 2022
0

පසුගිය 13 වැනිදා යාල ජාතික වනෝද්‍යානයේ...

ගෝඨා ඉන්න තායිලන්තයේ ස්ථාන 17ක පිපිරීම් සහ ගිනි ගැනීම් වාර්තා වෙයි….

by editor
අගෝස්තු 17, 2022
0

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වටවිට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist