බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරක කර්මාන්තයෙන් ගොඩයන්න ඉන්න රටක් හෝටල් හිමියන්ගේ ඉරණම තීන්දු කරන හැටි!

වත්කම් බැංකුවලට පවරාගන්න සූදානම්... ණය ගෙවා ගන්න බෑ... වැඩිපුර එන රුසියානු සංචාරකයින් වැඩිපුර වියදම් කරන්නෙ නෑ...

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

සංචාරක කර්මාන්තයේ නිරත හෝටල් හිමියන් සදහා කොවිඩි වසංගත  සමයේ දි ණය නොගෙවිමට  ලබා දුන් සහන කාලය තුළදිත්  ණය පොලි   අය කිරිම නිසා මේ වනවිට හෝටල් හිමියන් විසින්  රාජ්‍ය හා වාණිජ්‍ය බැංකුවලට ගෙවිමට ඇති ණය හා පොලි මුදල දෙගුණ තෙගුණ විමෙන්  ගැටලු රැසකට ලක්ව ඇති බව දකුණු පළාතේ හෝටල් හිමියෝ පවසති.

කොවිඩි වසංගත සමයේ හෝටල් හිමියන් සඳහා සහන ලබාදෙන් මුවාවෙන් තමන් බැංකු විසින් ණය උගලක සිරකොට ඇති බවද හෝටල් හිමියෝ කියති.

සියයට තුනට, අටේ පොලිය මත ලබාගත් ණය සඳහා මේ වනවිට සියයට 22,28 හා 30 ආදි වශයෙන් පොලි මුදල්  ගෙවිමට සිදුවි ඇති බව පවසන හෝටල් හිමියන් එකවර  විශාල ණය හා පොලි මුදලක් ගෙවිමට සිදුවි ඇති බවද  පෙන්වා දෙයි. 

ණය පොලිමත පොලි අයකොට ඇති බවත් පොලි මුදල හෝ අඩුකොට තමන්ට සහනයක් ලබාදෙන ලෙස හෝටල් හිමියෝ  රජයෙන් ඉල්ලා සිටිති.

tourist
වැඩිපුර එන්නේ මුදල් අඩුවෙන් වියදම් කරන රුසියානු සංචාරකයෝ…

බැංකු මගින්  ණය පහසුකම් ලබාදි ඇත්තේ  සිය වත්කම් ඇපයට තබාගෙන බවත්  ණය ගෙවිම සිදු නොකළහොත් එම වත්කම් බැංකුවලට පවරා ගැනිමට සිදුවන බව බැංකු විසින් හෝටල් හිමියන්ට නිතර නිතර පවසන බවත් මේ නිසා තමන් දැඩි මානසික පිඩනයකට ලක්ව ඇති බවද ඔවුහු පෙන්වා දෙති.  

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ගාල්ල උණවටුන සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ ලේකම් සුමිත් උබේසිරි   මෙසේ කිවේය.

සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයින්  බැංකු වලින් ණය මුදල් ලබාගෙන  සියයට සියයක්ම තම ව්‍යාපාර සදහා තමයි ආයෝජනය කරන්නේ. ණය පොලි මුදල විශාල වශයෙන්  වැඩිකිරිම නිසා ණය  මුදල් නැවත ගෙවිමේ දි හෝටල් හිමියන් ගැටලු රැසකට  මුහුණ දි සිටිනවා.  

කොවිඩ් වසංගත සමයේ දි  රජය විසින්  හෝටල් හිමියන්ට ණය ගෙවිමේ දි සහන කාලයක් ලබා දුන්නා. එහෙත් අපිට ලබා දුන්නේ සහනයක් නෙවෙයි. හෝටල් හිමියන් ණය උගුලක හිරකළා. පොලිය මත පොලිය සහ  නැවතත් මුළු ප්‍රාග්ධනයටම පොලි මුදල් එකතු කරලා තියෙනවා.

මාසිකව රුපියල් ලක්ෂ 10ක මුදලක් ගෙවනු ලැබු හෝටල් හිමියෙකුට මේ වනවිට මාසයකට ලක්ෂ 30, 40ක ණය හා පොලි මුදල් ගෙවිමට සිදුවෙලා තියෙනවා.

මේ විදියට ගියොත් හෝටල් හිමියන්ට වෙන්නේ  වස පානය කොට දිවි හානිකරගන්නයි. මේ සදහා සහන කාලයක් ලබාදිම හෝ අඩු ණය පොලියක් යටතේ  එම ණය ගිණුම් ප්‍රතිව්‍යගත කිරිමට රජය කටයුතු කළ යුතුයි.

සුමිත් උබේසිරි සහ කපිල වික්‍රමසිංහ

ගාල්ල  රෑමස්සල ප්‍රදේශයේ හෝටල් හිමියකු වන කපිල වික්‍රමසිංහ  මෙසේ කිවේය.

රජය මගින් ණය නොගෙවිම සදහා ලබා දුන් සහන කාලයෙන් පසුව  ගෙවිමට ඇති ණය සංඛ්‍යාව හතක් අටක් දක්වා වැඩිවෙලා තියෙනවා. සංචාරක කර්මාන්තය ටිකක් හොඳ අතට පත්වෙමින් එනවිට බැංකු මගින් කියනවා එකවරම මෙම ණය ගෙවන්න කියලා.

රුසියානු සංචාරකයින් තමයි වැඩිපුර එන්නේ. ඒ අය මුදල් වියදම් කරන්නේ නැහැ. පසුගිය කාලයේ දේශිය සංචාරකයින්ටත්  හෝටල් කාමරයක් දුන්නේ ඩොලර් 100, 110, 150 මිල ගණන් වලට. නමුත් දැන් හෝටල් කාමරයක්   විදේශිය සංචාරකයින්ට ලබාදෙන්නේ ඩොලර් 30 35 වගේ මුදලකට.

විදුලි බිල, වතුරබිල් ගෙවන්නෙත් ඉතා අමාරුවෙන්. රුසියානු සංචාරකයින් පැමිණියත් අපිට ප්‍රමාණවත් ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ නිසා අපිට ණය ගෙවිමට යම් කිසි සහන කාලයක් ලබාදිය යුතු බවද හෙතෙම පවසයි..

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“බාලගිරි ” මැතිවරණය ගැන සාකච්ඡා කරන්න අදත් මැතිවරණ කොමිසම රැස් වෙයි… ඊලඟ තීන්දුව අගමැති සමග සාකච්ඡාවෙන් පසුලු!

Next Post

මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ… පොලිස්පති  අධිකරණයට සහතික වෙයි…

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.