fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංක්‍රාන්ති ලිංගික, සමලිංගික සහ ද්වී ලිංගික ප්‍රජාව වෙනස්කොට සැලකීමේ නීති වෙනස් කරන්න – මහෙල

සති 3ක් ago
in පුවත්
540 6
0
mahela-jayawardene
Share on FacebookShare on Twitter

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වෙත  වෙනස්කම් කරන නීති ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන රජයෙන් ඉල්ලා සිටී. 

මාධ්‍යවේදීන් අමතමින්, ක්‍රිකට් ලෝකයේ විශිෂටයෙක් වූ මහෙල ජයවර්ධ ප්‍රකාශ කළේ   මෙම පුද්ගලයින්ට සමාජය තුළ   සිදුකරන වෙනස්කම් කිරීම් ප්‍රමාණය පිළිබඳව සිය කණගාටුව  ප්‍රකාශ කරන බවය.

පෙරළිකාර ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ මෙම ප්‍රජාව සම්බන්ධ නීති වෙනස් කිරීම අත්‍යවශ්‍ය වනවා සේම ඔවුන් සම්බන්ධව සමාජ  මානසිකත්වය වෙනස් කිරීම ද වැදගත් බවය.

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව   මුහුණ දෙන ගැටලු  පිළිබඳ ඔහුගේම අතීත නොදැනුවත්කම ගැන කතා කරමින් මහෙල කියා සිටියේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ මෙම සමාජ කණ්ඩායම් සම්බන්ධව නිසි දැනුම්වත්වීම් සහිත අධ්‍යාපනයක් ලබා දිය යුතු බවය.

ශ්‍රී ලංකාව වැනි කිසිදු ආකාරයක විස්තීර්ණ ලිංගික   අධ්‍යාපනයක් නොමැති  රටක් තුළ වාර්තා වන ලිංගික ප්‍රචණ්ඩත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් වෙනස්කම් ඉහළ අගයක් ගන්නා බව ද ඔහු පෙන්වා දුනනේය.

ක්‍රිකට් සහ ක්‍රීඩාව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා නායකයා ප්‍රකාශ කළේ ලිංගික නැඹුරුව හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම පුද්ගලයෙකුට ඕනෑම ක්‍රීඩාවක් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට හැකි විය යුතු බවයි.

සමලිංගික, ද්වි ලිංගික සහ සංක්‍රාන්ති ලිංගික ප්‍රජාවේ    ශ්‍රී ලාංකිකයන් ක්‍රීඩාවේ නියැලෙන්නේ නම්  තමා කැමති බවත්, යමෙකුගේ ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය එම පුද්ගලයාගේ ක්‍රීඩා කෞෂල්‍යයට බලපෑමක් සිදුනොකළ යුතු බවත් ඔහු පැවසීය.

මහෙල ජයවර්ධන මෙම  සම්මුඛ සාකච්ඡාව ලබා දී තිබුණේ සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික  ප්‍රජාව විසින් මුහුණ දෙන වෙනස්කම් ඉස්මතු කිරීමට සහ ප්‍රජාවට එරෙහිව ප්‍රචණ්ඩත්වය සහ වෙනස් කොට සැලකීම පවත්වා ගෙන යන නීතිවල වෙනස්කම් ඉල්ලා සිටීමට සඳහා ක්‍රීඩා , ව්‍යාපාර, දේශපාලන  සහ සංස්කෘතියේ නායකයින් එක් කරන Better Together සඳහාය.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

Next Post

QR සිස්ටම් හැදුවට බෙදන්න ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ නෑ – දැන් බලශක්ති ඇමතිම කියයි..

Related Posts

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

අගෝස්තු 14, 2022

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

අගෝස්තු 14, 2022

රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…

අගෝස්තු 14, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  •  භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව
  • අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 
  • රාජ්‍ය සේවයට සේවකයින් කැඳවීම සීමා කිරීම ලබන 24 තෙක් වළංගුයි…
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…
  • ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

ජනප්‍රිය පුවත්

  • රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

    267 shares
    Share 107 Tweet 67
  • ප්‍රගතිශීලී වෘත්තියවේදියෝ පොහොට්ටුව හැර යති !

    266 shares
    Share 106 Tweet 67
  • හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

    237 shares
    Share 95 Tweet 59
  • පොලිස්පති පුටුවට බලපොරය මඩ ගොහොරුවක් හදයි….

    173 shares
    Share 69 Tweet 43
  • පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

    217 shares
    Share 87 Tweet 54
  • ගෑනුන්ගේ බූරු තිප්පලක් වටලයි… 05ක් අත්අඩංගුවට…

    206 shares
    Share 82 Tweet 52

Highlights

පොලිස් ඇමතිගේ පත්තරයට එරෙහිව නාමල් පොලිසි යයි…

ඉන්දියාව චීනය අතර උභතෝකොටි ප්‍රශ්නයකට මැදි වුන රට ගැන අධිකරණ ඇමති කියයි!

හොරාත් හොල්මන් කළ ඇමති දියණියගේ ලක්ෂ 25ක මඟුල් මුද්ද…

රට දිනවූ නෙත්මි අහිංසාව රැවටූ හැටි හෙළි වෙයි… විලි ලජ්ජයි නාමල්!

ධජ ඔසවන ‘ටිරංගා’ ව්‍යාපාරයට ලද ප්‍රතිචාර ගැන අගමැති මෝදි දැඩි සතුටින්

ත්‍රීවිල්කරුවන් පුරුදු කළ ඉන්ධන ජවාරම  පොලොන්නරුවේ ට්‍රැක්ටර් පටන් අරන්… අබලන් ට්‍රැක්ටර්වලටත් QR

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

 භාණ්ඩාගාරය තැබූ කෝටි 35129ක භූමිතෙල්  පොල්ල ගැන විගණනය කියන කතාව

by editor
අගෝස්තු 14, 2022
0

ලලිත් චාමින්ද    භූමිතෙල් සහනාධාරය වෙනුවෙන් ඉකුත්...

අලි සැමරුව හැටි… අලි දින සැමරුම් මැදත්  දළ  ඇතෙකු හා අලි දෙන්නෙකු මරා දමලා… 

by editor
අගෝස්තු 14, 2022
0

නයනක රන්වැල්ල -  ලෝක අලි දිනය...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist