බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ එන්නත්කරණයට සහය දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ Facebook එක්වෙයි

by Lanka Sara Editor
අප්‍රේල් 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 මර්ධනය කිරීමේ එන්නත්කරණ ව්‍යාපාරය රටපුරා ව්‍යාප්ත කිරීමට ජාත්‍යන්තර සෞඛ්‍ය දිනයේ දී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සමඟ Facebook ආයතනය සහයෝගීතාවයකට එළඹ තිබේ.

ඒ එන්නත්කරණය පිළිබඳ දැනුවත්වීම සඳහා ජනතාවට අවශ්‍ය සහය ලබාදීම සහ එන්නත්කරණයේ වැදගත්කම ප්‍රචලිත කිරීම වෙනුවෙනි.

මෙම මූලිකත්ව වැඩසටහන හරහා ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ව්‍යාපාරයට සහයෝගය ලබාදීම වෙනුවෙන් Facebook විසින් විවිධ ක්‍රියාමාර්ග කිහිපයක් ගෙන ඇත.

● කොවිඩ්-19 එන්නත්කරණ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව වැඩිකිරීමට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශ (HPB) වෙබ් අඩවිය වෙත ජනතාව යොමු කිරීම
● එන්නත්කරණ ව්‍යාපාරයට ජනතාව සහය දක්වන බව තමන්ටම ප්‍රදර්ශනය කරගැනීමේ හැකියාව ලැබෙන සහ එය දිරිමත් කිරීම සඳහා කොවිඩ්-19 ප්‍රොෆයිල් ෆේම් එකක් Facebook හී හඳුන්වාදීම
● ශ්‍රී ලාංකිකයන්ට කොවිඩ්-19 වෛරසය පිළිබඳව ඇති වැරදි තොරතුරු හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව නැඟී සිටීමට අවශ්‍ය දැනුම මෙන්ම අදාළ සෞඛ්‍ය මානයන් පිළිබඳ දැනුවත්භාවය ලබාගැනීම වෙනුවෙන් පොදු අධ්‍යාපනික ප්‍රචාරණ ව්‍යාපාරයක් (www.fightcovidmisinfo.com) දියත් කිරීම
● මුව ආවරණ පැළඳීම සහ නිසි සෞඛ්‍ය හුරුපුරුදු දිගටම පවත්වාගැනීම දිරිමත් කරමින් ජනතාව තවදුරටත් කොවිඩ්-19 තොරතුරු කෛන්ද්‍රය වෙත යොමු කිරීම

RelatedPosts

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

“ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගත අභියෝගය ජයගැනීමේ දී Facebook විසින් දිගින් දිගටම නිවැරදි සෞඛ්‍ය තොරතුරු රටේ ජනතාව වෙතට සමීප කිරීමේ කාර්යභාරය ඉටුකරනවා.” යැයි Facebook හී ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමනාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා පැවසීය.

“දැනුවත්භාවය ඇති කිරීමට, සාවද්‍ය තොරතුරු සංසරණය වැළැක්වීමට වගේම Facebook හී පුළුල් ව්‍යාප්තිය සහ පරිශීලකයාට වේගවත් ලඟාවීමේ හැකියාව ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලාංකිකයන් වැඩි පිරිසකට එන්නත ලබාගැනීමේ අවස්ථාව වැඩිකිරීම සඳහා දියත් කළ මේ අලුත්ම දැනුවත් කිරීමේ ව්‍යාපාරයට එකතුවීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මම ස්තුතීවන්ත වෙනවා.” යැයි වැඩිදුරටත් ඒ මහතා පැවසීය.

ලෝව පුරා ව්‍යාප්ත වූ නිවැරදිව බලයලත් කොවිඩ් එන්නත්කරණ තොරතුරු ලබාදීමේ විශාලතම දැනුවත් කිරීමේ ව්‍යාපාරය Facebook විසින් දැනටමත් ක්‍රියාත්ම කරයි.

ජනතාවට කොවිඩ් එන්නත්කරණය පිළිබඳ තොරතුර දැනගැනීමට සහ ප්‍රජාව අතර සෞඛ්‍ය පිළිබඳව ඇති සාවද්‍ය තොරතුරු සංසරණයවීම අවම කිරීමට මෙන්ම ඒවා හඳුනා ගැනීමට මේ හරහා සහය ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වසංගත ආරම්භ වූ කාලයේ පටන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය විශේෂඥයන් සමඟ සමීපව වැඩකරමින් කොවිඩ් මර්ධන කාර්ය සාර්ථක කරගැනීමට Facebook කටයුතු කළේය.

“වර්තමානයේ දී වෙනදාට වඩා ශ්‍රී ලංකාව ඩිජිටල්කරණය වෙලා තියෙනවා. තමන්ගේ පවුගේ අය සහ හිතමිතුරුන් සමඟ සමීපව සිටීමට සහ තොරතුරු බෙදාහදා ගැනීමට සමාජ මාධ්‍ය වැඩි වශයෙන් භාවිතා කිරීමට ජනතාව දැන් පෙළඹිලා ඉන්නවා. Facebook සමඟ අපි ඇති කරගත් සහයෝගීතාවය හරහා එන්නත්කරණය පිළිබඳ නිවැරදි තොරතුරු දැනගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකික සැමට ඉතාමත් පහසුවෙන් උදාවේවී යැයි මම හිතනවා.” යැයි ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය පාලිත කරුණාපෙම මහතා පැවසීය.“

එන්නත්කරණ ක්‍රියාවලිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට සහය දක්වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් සියලු දෙනාටම අපි ස්තුතිවන්න වන අතරම මෙම ප්‍රචාරණ ව්‍යාපාරය තුළින් වැඩි පිරිසක් එන්නත ලබාගනු ඇතැයි මම විශ්වාස කරනවා.”

සෞඛ්‍ය බලධාරීන්ගේ නිවැරදි තොරතුරු කොවිඩ්-19 තොරතුරු කෛන්ද්‍රයට ලබාගනිමින් ගෝලීය වශයෙන් බිලියන 2කට වැඩි ජනතාවක් නිසි තොරතුරු වෙත සම්බන්ධ කිරීමට Facebook සමත්වී තිබේ.

තවද කොවිඩ්-19 වසංගතය පිළිබඳ අනර්තකාරී තොරතුරු අඩංගු සටහන් මිලියන 12ක් ජාලය තුලින් ඉවත් කිරීමට සහ මෙම සමාජ වේදිකාව හරහා නිවැරදි එන්නත්කරණ තොරතුරු සහතික කිරීමට කටයුතු කර තිබේ.

තෙවන පාර්ශව තොරතුරු පරීක්ෂකයන්ගේ සහය ඇතිව මිලියන 167ක් වැරදි තොරතුරු සටහන් සාවද්‍ය යැයි සලකුණු කිරීමට ද ඔවුන් සමත්වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පිරී ගිය අඹන්පොල කොවිඩ් රෝහලෙන් පළමු කොවිඩ් මරණය වාර්තා වේ….

Next Post

දිනකට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වර්තා වේ…. ආසාදිතයන් දහස පනී…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.