අඹන්පොළ ප්‍රාදේශීය රෝහල කොරෝනා රෝගීන් සඳහා වෙන් කිරීමෙන් අනතුරුව සිදුවූ පළමු කොරෝනා මරණය අද හවස් වරුවේ වාර්තා විය.
මියගොස් තිබුණේ එගොඩවත්ත , මහකෝවාන, හිඳගොල්ල, මාවතගම පදිංචිව සිටි අසූ තුන් හැවිරිදි ජේ.පී.ආරියදාස පතිරණ යන අයයි. කොරෝනා වැළඳී ම නිසා ඔහු රෝහල් ගතවී තිබුනේ අප්‍රේල් 13වන දිනයි.
අඹන්පොල ප්‍රාදේශීය රෝහල කොවිඩ් රෝගීන් ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් පනහකින් යුක්ත අතර මේ වන විට එහි සෑම ඇඳක්ම රෝගීන් ගෙන් පිරී පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසයි.