බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාව ඉතියෝපියාව සමඟත් ආර්ථික සබඳතාවලට අත ගසයි

by Lanka Sara Editor
ජූනි 10, 2021
in පුවත්
ethiopia
Share on FacebookShare on Twitter

රජයේ වර්තමාන ප්‍රතිපත්තියට අනුකූලව, අප්‍රිකානු කලාපයේ රටවල් සමඟ සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛත්වය ලබා දී ඇති බව ඉතියෝපියාව සමග පැවැති අමාත්‍යාංශ මට්ටමේ අතථ්‍ය සාකච්ඡාවේදී විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බී කාන්දීපන් මහතා අද (9) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව සහ ඉතියෝපියාව අතර ද්විපාර්ශ්වික උපදේශන පවත්වන ලද්දේ පළමු වරටය. මෙම උපදේශන කටයුතු දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික සබඳතා ශක්තිමත් කිරීම සඳහා යොමු විය. විදේශ අමාත්‍යාංශයේ අප්‍රිකානු කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් බී. කාන්දීපන් මහතා ශ්‍රී ලංකා දූත පිරිසට නායකත්වය දුන් අතර, ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියා සහ පැසිෆික් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් අස්ෆව් මොලලින් මහතා එම පාර්ශවය මෙහෙයවීය.

ඇමරිකානු ඩොලර් මිලියන 15 කට වැඩි ආයෝජනයක් සහිතව ඉතියෝපියානු ජාතිකයින් 5,000 කට වැඩි පිරිසකට රැකියා සපයන ශ්‍රී ලාංකික ඇඟලුම් නිෂ්පාදන සමාගම් 3 ක් සහ රසායනික නිෂ්පාදන සමාගම් 1ක් ඉතියෝපියාවේ ක්‍රියාත්මක වන බව සාකච්ඡාවේ දී සඳහන් විය.

කෘෂි සැකසුම්, ජල විදුලි උත්පාදනය සහ ඇඟලුම් හා රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය වැනි වෙනත් අංශවල ශ්‍රී ලංකා සමාගම් සඳහා තවදුරටත් ආයෝජනය කිරීමේ හැකියාව පවතින බව තවදුරටත් සඳහන් කරන ලදි. ශ්‍රී ලංකාවේ වෘත්තිකයන් 400කට අධික සංඛ්‍යාවක් දැනට ඉතියෝපියාවේ ආගන්තුක සත්කාර හා ඇඟලුම් නිෂ්පාදන අංශවල සේවය කරන බවත්, ඉතියෝපියාවේ පෞද්ගලික අංශයේ සමාගම්වල ශ්‍රී ලාංකිකයින් සඳහා නිපුණ රැකියා සඳහා අවස්ථා පවතින බවත් මෙහි දී අනාවරණය විය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ද්විපාර්ශ්වික වෙළඳාම වැඩි දියුණු කිරීම කෙරෙහි ද සාකච්ඡාවල දී අවධානය යොමු විය. පසුගිය වසරේ දෙරට අතර සමස්ත වෙළඳාම ඇමරිකානු ඩොලර් මිලියන 37 ක් විය. ශ්‍රී ලංකාවෙන් ඉතියෝපියාවට කරන ලද අපනයනවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 36.83 කි. ද්විපාර්ශ්වික වෙළඳාම තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් පවතින බව සඳහන් වූ අතර, මේ සම්බන්ධයෙන් අධ්‍යයන සිදු කිරීම සඳහා දෙරටේ වාණිජ මණ්ඩල එකඟ විය.

අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවල ද්විපාර්ශ්වික සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ඉතියෝපියාව දැඩි උනන්දුවක් දැක්වීය. පරිසරය සහ දේශගුණික විපර්යාස සහ තිරසාර සංවර්ධන අරමුණු ක්‍රියාත්මක කිරීම සහ අප්‍රිකානු සංගමය හරහා සහයෝගීතාව තීව්‍ර කිරීම ඇතුළු අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දෙරට අතර බහුපාර්ශ්වික මට්ටමින් සමීප සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරන ලදි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ 50 වැනි සංවත්සරය ලබන වසරේ දී සුදුසු පරිදි සැමරීමට දෙරට එකඟ විය.

මෙම රැස්වීම සඳහා ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති සුගීෂ්වර ගුණරත්න මැතිතුමා සහ විදේශ අමාත්‍යාංශයේ හා වාණිජ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගී වූහ.

Share69Tweet43
Previous Post

රෝගීන් පහසුකම් නැතිව වේලෙද්දී මාතලේ පාසල් 27ක බෝඩ් ලෑලිවලට ලක්ෂ 540ක්

Next Post

දරුවා රෙදිකඩක ඔතා අසනීප බව කියමින් පොලිසිය අන්දා මත්කුඩු ජාවරම කළ යුවලක් දැලේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.