පසුගිය ජනවාරි 2026 ජනවාරි 29 වන දින ඉන්දීය නිලධාරීන් විසින් ශ්‍රී ලාංකික ධීවරයින්ට මුහුදේදී පහර දුන් බවට පළ වන මාධ්‍ය වාර්තා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ.
එහි ප්‍රකාශකවරයා විසින් නිකුත් කරන ලද නිවේදනයකින් අවධාරණය කර ඇත්තේ මහ කොමසාරිස් කාර්යාලය සිද්ධියේ සථ්‍ය අසත්‍යභාවය අධ්‍යයනය කර ඇති බවත් ඉන්දීය නාවික හමුදාව හෝ ඉන්දීය වෙරළාරක්ෂක බලකාය විසින් කිසිදු පහරදීමක් සිදු කර නොමැති බව තහවුරු කර ඇති බවය.
ධීවරයින්ගේ ජීවනෝපායන් සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඉන්දියාව සැමවිටම මානුෂීය ප්‍රවේශයක් අනුගමනය කර ඇති බව එම නිවේදනයේ අවධාරණය කර ඇත. කිසිදු තත්ත්වයක් යටතේ බලය යෙදවීම නොකළ යුතු බව ද එය අවධාරණය කළේය.
එවැනි කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සමීප සම්බන්ධතා පවත්වන බවත්, ධීවරයින්ගේ ගැටළු ඵලදායී ආකාරයකින් විසඳීම සඳහා සාකච්ඡා දිගටම කරගෙන යන බවත් ඉන්දීය දූත මණ්ඩලය තවදුරටත් පැවසීය.







