බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 77ක විශිෂ්ට ජයක්…

by editor
ජූලි 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයකය. ශ්‍රී ලංකා – බංගලාදේශ පළමු එක්දින තරගයෙන් ලකුණු 77කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය. කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ලකුණු 244 හඹා ගිය බංගලාදේශ කණ්ඩායම සියල්ලන්ම දැවී ලබා ගන්නේ ලකුණු 167ක් පමණි. ඔවුහු පන්දු ඕවර 35.5 තුළ සියල්ලෝ දැවී ගියහ.

ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට පිවිසෙන්නේ තුන්ඉරියවු වේග පන්දු යවන්නෙක්වන මිලාන් රත්නායක ද සමග වේග පන්දු යවන්නන් තිදෙනෙක් සමගය. කාසියේ වාසිය දිනාගෙන මුලින්ම පන්දුවට පහරදීම තේරුවත් මුල් පෙළ බිඳී ගියේ බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. පැතුම් නිශ්ශංක ලකුණු ලැබුවේ නැත. නිශාන් මධුෂ්ක ලකුණු 06ක පමණි. කමිඳු ලකුණු ලැබුවේත් නැත.
එහෙත් කුසල් මෙන්ඩිස් සහ නායක චරිත් අසලංක සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 60ක සම්බන්ධතාවයක් ගොඩනැගුවේය. කුසල් ලකුණු 45කට දැවී ගියේය.

ජනිත් ලියනගේ ලකුණු 29කි. මිලාන් රත්නායක ලකුණු 22කි. වනිඳු හසරංග ලකුණු 22කි. එක් අන්තයක පිතිකරුවන් බිඳී යද්දි හුදකලාව අනෙක් අන්තයේ රැඳී සිටි චරිත් අසලංක නායකයෙකුගේ වගකීම උර මතට ගෙන ලකුණු 106ක මනරම ඉනිමක් ක්‍රීඩා කළේය. ඒ ඉනිමට හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් අතුළත් වූයේය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 50 සපුරන්නට පන්දු 4ක් ඉතිරිව තිබිය දී ලකුණු 244කට සියල්ලෝ දැවී ගියහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පන්දු යැවීමේ දී බංගලාදේශ වේග පන්දු යවන ටස්කින් අහමඩ් පන්දු ඕවර 10 තුළ ලකුණු 47කට කඩුළු 4ක් බිඳ හෙළුවේය. ටන්සිම් හසන් සකිබ ලකුණු 45ට කඩුළු 03කි. නජ්මුල් හොසෙන් සැන්ටෝ සහ ටන්විර් ඉස්ලාම් කඩුල්ල බැගින් ලැබූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි බංගලාදේශ අංක 02ක පිතිකරු ටන්සිඩ් හසන් ලකුණු 62ක් ලැබුවේය. ඔහු දැවී යන්නේ මිඩ් ඕෆ් කලාපයේ පන්දු රකිමින් සිටි ජනිත් ලියනගේ විසින් පාවී ගොස් රැක ගන්නා විශිෂ්ට උඩපන්දුවකිනි. නජ්මුල් හොසෙන් සැන්ටෝ ලකුණු 23කි. ආරම්භක පිතිකරු පර්වේස් හොසේන් ඉමෝන් ලකුණු 13කි. අනෙක් කිසිම ක්‍රීඩකයෙක් ලකුණු 05ක් නොඉක්මවා දැවී යද්දී තුන් ඉරියව් ක්‍රීඩක ජකේර් අලි හුදකලා සටනක යෙදුනේය. ඔහු පන්දු 64ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 51ක් ලැබුවේය.

මේ තරගයේ විශිෂ්ට පන්දු යැවීම නැවත වරක් වනිඳුගේය. ඔහු බංගලි ඉනිම කුඩු කළේය. පන්දු ඕවර 7.5ක් යවා ලකුණු 10ක් පමණක් දී වනිඳු කඩුළු 04ක් දවා ගත්තේය. කමිඳුද පිත්තෙන් බැරිවුන දේ පන්දුවෙන් කළේය. ඔහු පන්දු ඕවර 5ක් තුළ ලකුණු 19කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. අසිත ප්‍රනාන්දු සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් ලැබුවේය.

තරගයේ වීරයා චරිත් අසලංකය.

අයිසීසී යේ නව නීතිය අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අත් දුටුවේය. පන්දු ඕවර 34කින් පසු අන්ත දෙකෙන් පන්දු දෙකකින් පන්දු යැවීම නැවතී එක් පන්දුවකින් පමණක් ඉතිරි ඕවර 16 යැවීම සිදුවූයේය. එහෙන්ම ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ විදුලි ආලෝක පද්ධතිය වෙනස් වී තිබිණි. නව විදුලි ආලෝක පද්ධතියේ උෂ්ණත්වය කලින් තිබුණු ආලෝක පද්ධතියට වඩා අඩුවන බව වාර්තා විය. එම තත්ත්වයත් අද මුල්වරට කණ්ඩායම අත් වින්දේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හරක්කටාගේ හොඳම කෙරුමා මිදිගම චූටි ඕමානයේ දී අත් අඩංගුවට…

Next Post

නොකියන හුටපටයක් නිසා කරාපිටිය අත්හරින්න බැරි අධිකරණ වෛද්‍ය විශේෂඥවරියක් එන්තරවාසි එවා ස්ථාන මාරුව අවලංගු කරගන්න හදයි… වෛද්‍ය පරිපාලනයම අවුල් කරලා….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.