ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා ඕමානය සහ ශ්රී ලංකාව අරතර අද (23) බුලවායෝ හි පැවති තරගයෙන් කඩුළු 10ක පහසු ජයක් ලබා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.
මුලින්ම පන්දුවට පහර දුන් ඕමාන කණ්ඩායම පන්දු ඕවර 30.2 ක් තුළදී ලකුණු 98කට දැවී ගියේය.
විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග ලකුණු 13කට කඩුළු 05ක් බිඳහෙළුවේය.

පිළිතුරු ඉනිම ක්රීඩා කිරීමට පැමිණි ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගල වූ පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න පන්දු ඕවර 15ක් තුළ ලකුණු 100ක් රැස් කරගෙන තරගය නිමා කළේය.
දිමුත් කරුණාරත්න පන්දු 51ක් තුළ ලකුණු 61ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 8ක් ඇතුළත් විය.
පැතුම් නිශ්ශංක පන්දු 39ක දී ලකුණු 37ක් ලැබුවේය. ඒ හතරේ පහර 5ක් සමගිනි.
තරගයේ වීරයා ලෙස වනිඳු හසරංග නම් කෙරිණි.







