බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි.ල.නි.ප සභාපති ධූරය දැරීම පිළිබඳ මෛත්‍රීට එරෙහි  වාරණ නියෝගය තවත් දීර්ඝ වෙයි…

by editor
අප්‍රේල් 18, 2024
in පුවත්
chandrika
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට එරෙහිව පැවරූ වාරණය මැයි මස 09 තෙක් දිර්ඝ කිරීමට  කොළඹ දිසා අධිකරණය අද නියෝග කලේය.

පැමිණිල්ල අද  (18) කැඳවු අවස්ථාවේ දී දිසා අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අප්‍රේල් 04 වැනිදා මෙම වාරණ නියෝගය  නිකුත් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරියක වශයෙන් කටයුතු කරන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

මැයි මස 06 වැනිදා තෙක් දීර්ඝ වූයේ අප්‍රේල් 18 වැනිදා දක්වා බල පැවැත්වුන එම නියෝගය ය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වාරණ නියෝගයක් අපේක්ෂාවෙන්  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමේ සඳහන් කර තිබුණේ මෛත්‍රිපාල සිරිසේන පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කිරීම නිසා පක්ෂයට විශාල හානියක් සිදුවූ බව ය.

  • පක්ෂයේ සභාපතිවරයා මෙන්ම රටේ සේනාධිනායකයා වශයෙන් ද කටයුතු කළ මෛත්‍රිපාල සිරිසේන වගකීම් විරහිත ආකාරයෙන් කටයුතු කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අපොහොසත් වීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් ළමුන් ඇතුළු පුද්ගලයින් 269 දෙනෙකු මිය ගොස් තවත් 500 පමණ තුවාල ලැබම
  • ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින්ද මෛත්‍රිපාල සිරිසේන වරදකරු වී ඔහුට රුපියල් මිලියන 100 ක වන්දියක් ගෙවීමට නියම වීම
  • මෛත්‍රීපාල සිරිසේන තමන්ට ලැබුණු ජනවරමට පිටුපාමින් යහපාලන රජයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම තනතුරින් නීති විරෝධී ලෙස ඉවත්කොට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති පාර්ශවයකට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට කටයුතු කර   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට අධිකරණය විසින් ද තීන්දු කිරීම  මගින්   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති උල්ලංඝණය කරමින් ජනතා පරමාධිපත්‍යයෙන් තේරී පත් වූ පාර්ලිමේන්තුවක ආණ්ඩු කිරීම වැළැක්වීමට ක්‍රියා කිරීම.
  • මෛත්‍රිපාල සිරිසේනගේ නායකත්වය යටතේ පක්ෂයෙහි අභිවෘද්ධිය සඳහා කලක් තිස්සේ ක්‍රියා කළ ප්‍රබල ක්‍රියාකාරිකයින් රැසක්ම අත්තනෝමතික ආකාරයෙන් නෙරපා හැරීම.
  • 2015 වසරේ පැවති මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට පාර්ලිමේන්තුවේ ආසන 95 ක් දිනා ගැනීමට හැකි වුවද මෛත්‍රිපාල සිරිසේනගේ අත්තනෝමතික හා ඒකාධිපති පාලනයේ ප්‍රතිඵලයක් වශයෙන් එම මන්ත්‍රී සංඛ්‍යාව මේ වන විට කුඩා සංඛ්‍යාවක් බවට පත්ව තිබීම
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ජනාධිපතිවරයෙකු ඉන් විශ්‍රාම ගිය පසු ඉබේම ඔහු පක්ෂයේ අනුශාසක ධුරයට පත්වන නමුත් මෛත්‍රීපාල සිරිසේන ධුරයෙන් විශ්‍රාම ගිය පසුව ද අත්තනෝමතික ලෙස සභාපති ධුරයේ රැඳී සිටීම පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනි නිසා  ඔහුට එම ධුරයේ රැඳී සිටීමට නීත්‍යානුකූල අයිතියක් නොමැති වීම යන කරුණු මත පදනම්ව පෙත්සම ගොනු කළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග  ඔහුට පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට නෛතික සුදුසුකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහිත ගැසට් නිවේදනය නිකුත් වේ… ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට…

Next Post

ස්විස් කාන්තාවකගේ ලක්ෂ හැටකට සහ රන් භාණ්ඩවලට විද්ද යාපනයේ පොලිස් පෙම්වතා අතුරුදහන්… යාපනය පොලිසියම විමර්ශනයක් අරඹයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.