තමන්ට ශතකය අහිමි වූයේ කෑදරකම නිසා බව හිටපු නායක දිමුත් කරුණාරත්න පැවසුවේය.
ඊයේ (30) තරගයෙන් පසු මාධ්‍ය අමතමින් කීවේ තරගයට පෙර තමන් ඈන්ජලෝ චන්දිමාල් සමග කතා කරමින් දී බංගලාදේශයේ දී බගංලාදේශයට එරෙහිව ශතකයක් ලබා ගැනීමට නොහැකි වූ අඩුව මේ තරගයේ දී සම්පුර්න කරගැනීමට සැලසුම් කළ බවය.
එම අස්ථාව ආසන්නයට පැමිණ නැවතුන බව කී දිමුත් දෙවැනි ඉනිමක් ඇති බවත් එහිදී තම ඉලක්කය සම්පුර්ණ කරගැනීමේ අභිලාෂයෙන් පසුවන බවත් පැවසුවේය.
“මා වෙනදටත් වඩා ඉවසිලිවන්තව ක්‍රීඩා කළේ. එක් ලකුණ ගානෙ පැතිමාරු වෙමින් තමයි මම ලකුණු රැස් කළේ. ලොකු පාරවල් වලට නොගිහින් පුලුවන්තරම් තරගය ගැඹුරින් ඇදගෙන ගිහින් ක්‍රිඩා කරන්න මා උත්සාහ කළා. “
“මම හිතන්නේ මම ඒක හොඳට කරගෙන ආවා. එක් වෙලාවක් තිබ්බා එයාලගේ ස්පිනර්ස්ලා හොඳින් පන්දු යැව්වා. එයාලා ගොඩාක් ආරක්ෂිත පිටියක් සකස් කරලයි පන්දු යැව්වේ.”
“ඒ අතරෙ ෆාස්ට් බෝලර් ආවට පස්සේ මම හිතුවා ඒක තමයි හොඳම වෙලාව කියලා පොඩ්ඩක් රන් රේට් එක උස්සගන්න. ලකුණු ටිකක් ගහගන්න පුලුවන් වෙලාවක් ඇවිත් කියලා හිතුවා. “
“ලඟටම ඇවිත් මිස් උනා. දැන් ඒක ඉවරයි. මට ඕන දෙවැනි ඉනිමෙදි මේ වෙච්ච වැරැද්දත් නිවැරදි කරන් තරගයක් දෙන්න…” දිමුත් කීවේය.







