සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛරී ප්‍රකාශ ආයෙත් පැතිරෙයි – ජනතාව තවදුරටත් මේ ව්‍යසනයට ඉඩ දෙනවාද?

by editor
අගෝස්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

වෛරය යනු අප අවට සිදුවන ඕනෑම ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් මෙහෙයවනු ලබන ප්‍රබල හැඟීමකි. එම හැඟීම නිසා මිනිස් වර්ගයාගේ ආරම්භයේ සිට අද දක්වාම මනුෂ්‍ය වර්ගයාට එරෙහි ප්‍රචණ්ඩත්වය වපුරමින් තිබේ.

මේ වන විට ලොව පුරා ජනයා අතර අවිශ්වාසය ජාතිකත්වය සහ ආගම පදනම් කරගනිමින් ගැටුම් දිනෙන් දින ඉහළ යමින් පවතී. අන්තවාදී අදහස් ව්‍යාප්ත කිරීම සඳහා සමාජ මාධ්‍ය සහ වෙනත් සන්නිවේදන වේදිකාවන් වැඩි වශයෙන් භාවිත කෙරෙන බව දැකගත හැකියි. එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ පුද්ගල කණ්ඩායම් අතර එකිනෙකාට එරෙහිව හැඟීම් නිර්මාණය කෙරෙයි. මෙවැනි භාවිතයන් අප අවට සිටින විවිෂ ජන කණ්ඩායම් අතර ගැටුම් නිර්මාණය කිරීමට ඉවහල් වේ. එසේම එමගින් ඇතැම් පුද්ගලයන් මනුෂ්‍යත්වයට එරෙහිවූවන් ලෙස හඳුන්වාදී, එමගින් අනෙකා තුළ බියක් ඇති කිරීමටත් සුලබව භාවිත කෙරේ. වෛරී ප්‍රකාශ යනු මේ සියල්ලේ හරය බව හඳුනාගැනීමේ හැකියාව පවතී.

එක්දහස් අටසිය ගණන්වල සිංහල මුස්ලිම් කෝලහාලය පිළිබඳව ඔබ අසා ඇතුවාට සැක නැත. දශක කිහිපයකට පෙර, එනම් 1959දී ඇතිවුණු එවැනිම සිදුවීම මෙන්ම 1983 කළු ජූලියද අමතක වන්නට හේතුවක් නැත. අනතුරුව මෑත අතීතයේ දිගන,මාවනැල්ල, අම්පාර සහ අලුත්ගම සිදුවීම්ද වර්තමාන තරුණ පරම්පරාවටද පැහැදිලිවම මතකයේ ඇත. මෙම සිදුවීම් සියල්ලම ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස් කරන ලද සිදුවීම් වන නමුත්, වෙනත් තත්වයන්ට සාපේක්ෂව එම සිදුවීම්වලට පාදකවූ සැබෑ හේතුව පිළිබඳව ඉතිහාසයේ ලියැවී ඇත්තේ අල්ප වශයෙනි.

ඇත්තෙන්ම ඉහත කී සියලුම සිදුවීම්වලට ප්‍රධාන හේතුව, නැතිනම් සාධකය වූයේ තවෙකෙකුට එරෙහිව කරන ලද ප්‍රකාශයන්ය. ‘වෛරී ප්‍රකාශයන්’ ය. වෛරී ප්‍රකාශයන් පදනම් කරගෙන නිර්මාණය වුණු මෙවැනි ජාතිවාදී, වර්ගවාදී, ආගම්වාදී කෝලහල ගණනාවක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජීවිත විශාල ගණනක් නැතිවී තිබේ. ඒවා බොහෝවිට රට පාලනය කරන පිරිස්වල හෝ පාලන බලය ලබාගැනීමට සැලසුම් කළ පිරිස්වල මෙහෙයවීම මත ජාතීන්,වර්ගයන් සහ ආගම් අතර ගැටුම් ඇතිකිරීමට පෙළඹවූ සිදුවීම් විය.

ඊට අමතරව විවිධ පුද්ගලයන් විසින් ස්වයං පෙළඹවීම මත සිදුකරන ලද අනෙකා හෙළාදකින ‘ප්‍රකාශ’ හෙවත් වෛරී ප්‍රකාශ හේතුවෙන්ද ඇතැම් විට ගැටුම් හෝ තවෙකෙක් පිඩාවට පත්වීමේ සිදුවීම් නිර්මාණය වී ඇත. අමුතුවෙන් කිවයුතු නැත. වසර කිහිපයකට පෙර, ඇතිවූ දිගන සිදුවීම හේතුවන් රට ගිනිගත් ඒ අප්‍රසන්න සිදුවීම් මාලාව තවමත් බොහෝ දෙනකුගේ සිත් තුළ ‘හොල්මන් කරනවා’ නොඅනුමානය.

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ඇත්තෙන්ම වෛරී ප්‍රකාශ යනු කුමක්ද? වෛරී ප්‍රකාශ යනු යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් කිසියම පුද්ගලයකු විශේෂ කොට දක්වමින් අදාළ පුද්ගලයාට එරෙහිව වෛරය ප්‍රකාශ කෙරෙන හෝ ප්‍රචණ්ඩත්වය දිරිගන්වන ඕනෑම ආකාරයක සන්නිවේදනයකි. මෙය අදාළ පුද්ගලයාගේ ආගම, වාර්ගිකත්වය,ජාතිය,ස්ත්‍රී-පුරුෂ සමාජභාවය,ලිංගික නැඹුරුව, බාහිර පෙනුම හෝ වෙනත් ඕනෑම අනන්‍යතා ලක්ෂණයක් පදනම් කරගෙන සිදුකෙරෙන්නක් විය හැකිය. යමකුගේ ප්‍රකාශයන් තවත් අයකුට ශාරීරිකව හෝ මානසිකව හානියක් සිදුකරන්නේ නම්, එය වෛරී ප්‍රකාශයක් ලෙස හැඳින්විය හැකි වේ.

යමකුගේ ප්‍රකාශයන් විසින් වාර්ගික හෝ ආගමික විවිධත්වයන් මත වෙනත් අයකු වෙනස් කොට සැලකීමට ලක්කරන්නේ නම්, එයද වෛරී ප්‍රකාශයකි. යමකුගේ වචන හෝ ප්‍රකාශයන් ත්‍රස්තවාදයට හෝ ප්‍රචණ්ඩ අන්තවාදයට අනුබල දෙන්නේ නම්, එවැනි වචන හෝ ප්‍රකාශයන්ද වෛරී ප්‍රකාශ ලෙස හැඳින්වීමේ හැකියාව ඇත.

වෛරී ප්‍රකාශයන්ට මුල්වන්නේ, සෘණාත්මක පුර්ව මතයන්(කලක පටන් සත්‍ය යැයි සිතේ ධාරණය කරගෙන ඇති අසත්‍ය කරුණු), අගතිගාමී හැඟීම් සහ ඒ මතින් නැගෙන නොයිවසිලිවන්තභාවය යි. වෛරී ප්‍රකාශ මිනිසුන්ගේ හැසිරීම් රටාවන්ට සහ විශ්වාසයන්ට බලපෑම් කිරීමේ මෙවලමක් ලෙස භාවිත වේ. එමනිසා ලොව පුරා වාසය කරන විවිධ ප්‍රජාවන් හට පීඩාවන්වලට මුහුණ දීමට සිදුවේ.

වෛරී ප්‍රකාශ ප්‍රචණ්ඩකාරී අන්තවාදය වර්ධනය කිරීම සමග සම්බන්ධවී ඇත්තේ, මේ හේතුවෙනි. අන්තර්ජාලය හරහා පුද්ගලයන්ට අපහාස කිරීමේ සිට කායික හිංසනය, මානසික හිංසනය,සියදිවි නසාගැනීම් සහ තමන්ටම හානි සිදුකර ගැනීම් දක්වා එය වර්ධනය විය හැකියි. වෛරී ප්‍රකාශ ලොව ප්‍රජාතන්තවාදී වටිනාකම්වලට, මානව හිමිකම්වල ආරක්ෂාවට, සමාජ ස්ථාවරත්වයට සහ ලෝක සාමයට තර්ජනයක් බව ඉතිහාසය විසින් ඔප්පු කර තිබේ. එමගින් ලෝකයේ මනුෂ්‍යත්වය දරාසිටින කුළුණු ක්‍රමයෙන් දුර්වල වීම පැහැදිලිවම සිදුවේ.

මෙහිදී වෛරී ප්‍රකාශ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස පිළිබඳව සළකා බැලිය යුතු වේ. තමන්ගේ විශ්වාසයන් සහ අදහස් ප්‍රකාශ කිරීමට ඕනෑම පුද්ගලයකුට, ඔහුගේ හෝ ඇයගේ තරාතිරම නොසළකා හිමිකම පැවැතිය යුතුය. එසේම වෛරී ප්‍රකාශවලින් ආරක්ෂා වීමටද ඒ හා සමාන අයිතියක් සෑම පුද්ගලයකුටම පවතී. මෙය පුද්ගලයකුගේ තත්ත්වය හෝ වෙනත් කිසිදු කරුණක් මත වෙනස් වන්නේ නැත. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සෑම විටම සමාජ වගකීමක් සමග සම්බන්ධ වන බව දැකගත හැකිය. එමනිසා එම නිදහස විවිධ සීමාවන්ට ලක්වීමේ ඉඩ පවතී.

ශ්‍රී ලංකාවේ වෛරී ප්‍රකාශ හේතුවෙන් අත්දැකීමට සිදුවූ භයානකම සිදුවීම(සිදුවීම් මාලාව) වන්නේ 2018 වසරේදී මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී ප්‍රහාරයයි. එය ප්‍රමුඛවම ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවල වැඩි දායකත්වයකින් මෙරට වෙසෙන මුස්ලිම් ජනයාට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයක් විය. 2018 පෙබරවාරි මාසයේ තෙල්දෙණිය නගරයේදී පහර කෑමට ලක් වූ පුද්ගලයකු මහනුවර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයෑමෙන් අනතුරුව, ඔහුට පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මුස්ලිම් තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගනු ලැබිණි. මුස්ලිම් ජනයා ඉලක්ක කර වෛරී ප්‍රකාශ ව්‍යාප්තවීම ආරම්භ වූයේ එතැන් සිටය. “සියලු මුස්ලිම් වැසියන් මරා දමමු” ආදී බිහිසුණු වෛරී ප්‍රකාශවලින් සමන්විත වූ එම ප්‍රචණ්ඩත්වය අවසානයේ මුස්ලිම් වැසියන්ගේ දේපළ හානි රැසකට වගකිවයුතු විය.

ඊට අමතරව 2019 වසරේ එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සහ කොවිඩ් වසංගතය අතරතුර මුස්ලිම් ජනයා ඉලක්ක කර ව්‍යාප්ත කෙරුණු වෛරී ප්‍රකාශ රැසක් වාර්තා විය. එසේම වෛරී ප්‍රකාශ හේතුවෙන් මෙරට වඩාත්ම පීඩාවට පත්වූ පුද්ගලයා ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය ශාෆි ශිහාබ්දීන් හඳුනාගත හැකිය.

මෙවැනි වෛරී ප්‍රකාශ සිදුකර සමාජය ගැටුම්කාරී සහ ප්‍රචණ්ඩ ස්ථානයක් බවට පත්කරන පුද්ගලයන්ට එරෙහිව ශ්‍රී ලංකාව තුළ ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග තිබේද? නොඑසේනම් එවැනි ක්‍රියා සඳහා නීතියෙන් දඬුවම් කළ හැකිද? ඊට පිළිතුර වන්නේ “ඔව්” යන්නයි. පහතින් දැක්වෙන්නේ ඒ සඳහා පවතින නීතිමය ප්‍රතිපාදනයන්ගේ සාරාංශයයි.

2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ ( ICCPR පනත) 3 වැනි වගන්තිය වෛරී ප්‍රකාශ මැඬපැවැත්වීම සඳහා යොදාගත හැකි වැදගත් නීති ප්‍රතිපාදනයක් ලෙස සැළකේ. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතියේ (ICCPR සම්මුතියේ) 20 වැනි වගන්තියට බොහෝසෙයින් සමාන ආකාරයෙන් ශ්‍රී ලංකාව සිය පනතේ 3 වැනි වගන්තිය සම්පාදනය කර ඇති බව හඳුනාගත හැකිය.

ඒ අනුව, ICCPR පනතේ 3 (1) වගන්තියේ වෛරී ප්‍රකාශ අපරාධයක් වන ආකාරය මෙසේ දක්වා ඇත. “කිසිම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැළකීමට එදිරිවදිකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීම සඳහා ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පැතිරවීම සිදුනොකළ යුතුය.”

එසේම 3 (2) වගන්තියේ (1) උප වගන්තියේ අදාළ අපරාධ සිදුකරන තැනැත්තන් මෙසේ විස්තර කර ඇත.
(a) සිදුකිරීමට තැත්කරන
(b) සිදුකිරීමට ආධාර අනුබල දෙන
(c) සිදුකරන බවට තර්ජනය කරන

මෙලෙස වෛරී ප්‍රකාශ සම්බන්ධ අපරාධ සිදුකරන තැනැත්තන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පොලිසියට පවතින අතර, ඔවුන්ව ඇප මත නිදහස් කිරීමේ හැකියාවක් නොමැත(ඇප ලබාදිය හැක්කේ, සුවිශේෂී අවස්ථාවක මහාධිකරණයක් විසින් පමණකි).

පනතේ 3 වැනි වගන්තිය යටතේ මෙවැනි අපරාධයක් සිදුකරන පුද්ගලයන්ට එරෙහිව පැනවිය හැකි දඬුවම් මෙසේ දක්වා ඇත. ඒ අනුව වරදකරු කරන ලද තැනැත්තකු බරපතල වැඩ ඇතිව වසර 10කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමේ බලය මහාධිකරණය සතුවේ.

ඇත්තෙන්ම යමකුට සමාජය තුළ අන් අයගෙන් වෙනස්විය හැක්කේ කෙසේද? සමාජය තුළදී මේ සම්බන්ධයෙන් තනි පුද්ගලයකු ලෙස යමකුට කළ හැක්කේ කුමක්ද? වෛරී ප්‍රකාශ විසින් දැනටමත් බොහෝ දෙනකුගේ ජිවිත විනාශ කර තිබේ. එහෙත් බහුතර සමාජය එකාවන්ව එක්වුව හොත් මෙම තත්වය අවසන් කිරීමේ හැකියාව පවතී. ඉවසීම සහ අන්‍යෝන්‍ය ගෞරවය වැඩිදියුණු කිරීමට අවශ්‍යතාව පවතින්නේ නම්, අන්තර් ආගමික සහ අන්තර් සංස්කෘතික සංවාදයන් අතිශයින් වැදගත් වේ. සාමකාමී ලෝකයක ජීවත්වීමට අනෙකාගේ ඉතිහාසය, සම්ප්‍රදායන් හා ආධ්‍යාත්මික වටිනකාම් පිළිබඳ අවබෝධය වැඩිදියුණු කළ යුතුය.

වෛරී ප්‍රකාශයන්ට එරෙහිව සමස්ත සමාජයම එකාවන්ව නැගී සිටිය යුතුය. තරුණ ප්‍රජාවන්ට තම විශ්වසයන්න් සහ පෞද්ගලික අදහස් ගෞරවනීය ලෙස ප්‍රකාශ කිරීම පිළිබඳව දැනුවත් කිරීම මාපියන්ගේ සහ ගුරුවරුන්ගේ වගකීමක් වේ. එසේම වාර්තාකරණයේදී සාමය සහ සමගිය වර්ධනය වන අයුරින් කටයුතු කිරීම ජනමාධ්‍ය ආයතනවල වගකීමක් වේ. වෛරී ප්‍රකාශ තහනම් කිරීමට සහ වෛරී ප්‍රකාශ සම්බන්ධ අපරාධ ඇතුළු අන්තර්ජාලයේ වෛරී ප්‍රකාශයන්ට එරෙහිවත් නිසි නීති සම්පාදනය කිරීම රජයන්ගේ වගකීමකි.

පෞද්ගලිකව ගතහොත්, යම් වෛරී ප්‍රකාශයක් දුටුවහොත් එය වාර්තා කිරීමට සියලුම ජනතාවටද වගකීමක් පවතින බව පෙන්වාදිය හැකිය. එසේම වෛරී ප්‍රකාශ හේතුවෙන් බලපෑමට ලක්වූ අයෙක් පිළිබඳව දන්නේ නම්,ඔවුන්ට නිසි සහාය දැක්වීමද වැදගත් වේ. වෛරී ප්‍රකාශ සිදුකරන පුද්ගලයකුට සමාජ මාධ්‍ය වේදිකාවක් විය හැකියි. එහෙත් ඒ තරමටම වෛරී ප්‍රකාශවලට එරෙහිවීමටත් සමාජ මාධ්‍ය උපකාර කර ගැනීමට හැකියාව පවතී

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙර පාසලේ මිදුලේ සෙල්ලම් කරමින් සිටිය දී හිසට පොල් ගෙඩියක් ඇද වැටීමෙන් සිඟිති දියණියක් මිය යයි!

Next Post

සජබ ආණ්ඩුවෙන්  වෛද්‍ය ක්ෂේත්‍රයේ සියලු ගැටලු ගොඩදානවා… සජිත්ගෙනන් GMOA ට සහතික වෙයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.