සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙනස් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (27) නිකුත්කළ චක්‍රලේඛය හේතුවෙන් නිරෝධායන ක්‍රමවේදයන් අවුලෙන් අවුලට පත්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
නව උපදෙස්වලට අනුව කොවිඩ් එන්නත් මාත්‍රා තුනම ලබා ගත් පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත වුවහොත් එම පුද්ගලයා නිරෝධායනට ලක් කළ යුතු නැති බවට චක්‍රලේඛයේ සඳහන් වන අතර පූර්ණ එන්නත්කරණට ලක් නොවූ පුද්ගලයෙකුට කොවිඩ් ආසාදිත වුවහොත් එම නිවැසියා නිරෝධායනය ලක්කළ යුතු බව සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.
මේ අනුව එකම නිවසක පූර්ණ එන්නත්කරණය ලක් වූ සහ ලක් නොවුවන් සිටින බැවින් එන්නත්කරණයට ලක් නොවූවන් කොවිඩ් ආසාදිත වුවහොත් එම නිවැසියන් නිරෝධායනයට ලක් කිරීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයින්ට අසාධාරණයක් සිදුවනු ඇති බවද සභාපතිවරයා පෙන්වාදේ.
මේ අනුව එවැනි නිවසක් නිරෝධායනයට ලක් කළ නිවසක් ලෙසට දැන්වීම් ඇලවීමේදී පූර්ණ එන්නත්කරණයට ලක්වූ පුද්ගලයාට අසාධාරණයක් සිදුවන බවත් උපුල් රෝහණ සදහන් කරයි.
මේ අනුව නිවෙස් නිරෝධායනය කිරීමේදී ගැටලු ගණනාවකට මුහුණ දීමට බිම්මට්ටමේ සිටින සෞඛ්‍ය නිලධාරීන්ට සිදුවනු ඇතිබව ද හෙතෙම පෙන්වාදේ.







