ලලිත් චාමින්ද –
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ තල්පේ ප්‍රදේශයේ දි යතුරුපැදියක ගැටිමෙන් කාන්තාවක් මිය යාම සම්බන්දයෙන් අනතුරට අදාල යතුරුපැදිය පැදවු අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරණ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බැව් හබරාදුව පොලිසිය පවසයි.
මෙම ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පදවාගෙන පැමිණි යතුරුපැදියේ කාන්තාව ගැටි ඇත. ඉකුත් 24 වැනිදින මෙම අනතුරවි ඇති අතර අනතුරෙන් තුවාල ලැබු කාන්තාව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු 26 වැනිදින මියගොස් ඇත.
මියගොස් ඇත්තේ අණවටුණ තල්පේ උතුර ප්‍රදේශයේ පදංචි 72 හැවිරිදිවියේ පසුවන ලියනාරච්චිගේ රංජනි නැමති කාන්තාවකි.
අනතුරට සම්බන්ද ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා ඊයේ (27) පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. හබරාදුව පොලිසිය පරික්ෂණ පවත්වයි.