බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දෙන්නේ යැයි වෙහෙරගල ගොවිහු ඊයේ විරෝධතාවයේ …..

by Lankasara Editor English
ඔක්තෝබර් 9, 2023
in පුවත්
විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දෙන්නේ යැයි වෙහෙරගල ගොවිහු ඊයේ විරෝධතාවයේ .....
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

විෂය භාර අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබා දීමට සැලසුම් කර තිබෙන බවට පවසමින් වෙහෙරගල පාරම්පරික බඩ ඉරගු ගොවීන් පිරිසක් අද 09 වෙනිදා පෙරවරුවේ වෙහෙරගල මහවැලි කොට්ඨාශ කාර්යාලය වටලා විරෝධතාවයක නිරත වූහ.

මහවැලි සී කලාපයට අයත් වෙහෙරගල අරුණලු ගොවි සංවිධානයේ සභාපති කුෂාන් උමයංග මහතාා ඇතුළු පාරම්පරික බඩඉරිඟු ගොවීන් සීයකට ආසන්න පිරිසක් වෙහෙරගල මහවැලි කොට්ඨාශ කාර්යාලයට පැමිණ තම පාරම්පරික බඩ ඉරිගු ගොවීන්ටද ඉරිඟු බීජ ලබාදෙන ලෙසට විරෝධතාවය සිදු කළහ.

වෙහෙරගල මහවැලි කොට්ඨාස කළමනාකාරවරයා විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ලත් ලේඛනයට පමණක් ඉරුගු බීජ ලබාදීමට කටයුතු කර ඇති බවත්, ඇතැම් හිස් ඉඩම් ලේඛනයක්ද ඊට ඇතුළත් කරමින් මෙම ඉරිඟු බීජ ලබාදීමට සූදානම් කර තිබෙන බවත්, ඉරුගු බීජ වෙළඳසැල්වලට පවා මහවැලි නිලධාරීන් විකුණා ඇති බවට විරෝධතාකරුවන් මෙහිදී චෝදනා කළහ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඉරිඟු වගා කිරීමට මෙවැනි විට මූලික බිම් සකස් කර තිබෙන වකවානුවක ඉරිඟු බීජ ලබානොදීම බලවත් අසාධාරණයක් බවත් මීට පෙර ගොවීන් විසින් ලබාදුන් ලේඛනයකට බීජ ලබාදුන් බවත්, මෙම කන්නේ සිට විෂයභාර අමාත්‍යවරයාගේ බිම් මට්ටමේ කොට්ඨාශ සංවිධායකයන් සහ ග්‍රාමීය සංවිධායකයින් හරහා ලේඛනයක් ලබාගෙන මෙම ඉරිඟු බීජ ලබාදීම බලවත් අසාධාරණයක් බව,පාරම්පරික ඉරුගු ගොවීන් සඳහන් කළහ.

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා ඉරිඟු බීජ කිලෝ පහේ පැකට් විශාල ප්‍රමාණයක් වෙහෙරගල මහවැලි කොට්ඨාස කාර්යාලයේ තබාගෙන සිටින බවත්, පසුගිය සෙනසුරාදා එම බීජ අමාත්‍යවරයාගේ ලේඛනයට පමණක් බෙදාදීමට සූදානම් කර තිබියදී තමන් අරලගංවිල පොලිසියට පැමිණිල්ලක් කිරීමෙන් අනතුරුව එම බීජ බෙදා හැරීම නතර කර බවත්, ඒ අනුව 09 වෙනිදා ඉරුගු බීජ ලබාදීමට සූදානම් කර තිබූ බවත්, මෙම බීජ බෙදාදීමේදී විශාල අක්‍රමිකතා රැසක් මහවැලි කොට්ඨාස කළමනාකාරවරයා විසින් සිදුකර ඇති බවත්, ඒ සම්බන්ධ වහාම පරීක්ෂණයක් සිදුකරන බව ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටින බවද අරුණලු ගොවි සංවිධානයේ සභාපති කුශාන් උමයංග මහතා, ඇතුළු ගොවීන් මෙහිදි චෝදනා කළහ.

පාරම්පරික බඩ ඉරිඟු ගොවීන් පැයක පමණ කාලයක් වෙහෙරගල මහවැලි කාර්යාලයේ රැඳී සිටින අතරතුර කොට්ඨාශ කළමනාකාරවරයා අරලගංවිල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු සමඟ පැමිණ මෙම ගැටලුව විසඳීමට මැදිහත් වූ අතර එහිදී රථවාහන පොලිසියේ නිලධාරිවරයා ගොවි සංවිධාන සභාපති වරයා සහ ගොවීන් සමග උණුසුම් කතාබහක්ද ඇති වූහ.

මෙහිදී පැය එකහමාරක් පමණ ගිය පසු වෙහෙරගල කොට්ඨාශ කළමනාකාර නෙවිල් ජයසිරි මහතා සහ මහවැලි සී කලාපීය කෘෂිකර්ම නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර බී. ජී. සෙනෙවිරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ පාරම්පරික බඩ ඉරිගු ගොවීන්ගේ ලේඛනයද ඇතුළත් කරමින් ඉදිරියේදී බඩඉරිඟු බීජ ලබාදීමට ලබාදුන් පොරොන්දුවක් සමඟ විරෝධතාකරුවන් විසිර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කළුතර පන්සලක හිමිනමකගේ ලක්ෂ 11ක් සොරකම් කරලා…

Next Post

ඖෂධ මිලදී ගැනීමේදි හදිසි මිලදී ගැනීම් නැහැ; කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පවසයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.