ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශ්වවිද්‍යාලයට දේශපාලනය අවශ්‍ය නෑ… තර්ජනකාරි දේශපාලනය විශ්වවිද්‍යාල පද්ධතියෙන් ඉවත් කළ යුතුයි… ජනපතිගෙන් බරපතල ප්‍රකාශයක්!

by editor
ජූලි 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කිරීම අවශ්‍ය නැති බවත්, විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපතිවරයා කීවේ විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසභ්‍ය කතාවලට ඇහුම්කන් නොදිය යුතු බවය. දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමිනි.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මෙසේද පැවසීය.

“හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙනවා. මෙහි තාක්ෂණයට හා විද්‍යාවට මුල් තැන ලබාදී තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබා දෙන්නයි.”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“රජයේ අරමුණ වී තිබෙන්නෙත් අප රටේ විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීමයි. තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිස් අපේ රටට අවශ්‍යයි. මෙම විශ්වවිද්‍යාලය රටට වැදගත් වන්නේ ඒ නිසයි.”

“අපේ රටේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබාදීමට ගන්නා උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එතුමා මේ ප්‍රදේශයට කර තිබෙන්නේ විශාල සේවයක්. මේ විශ්වවිද්‍යාලයත් සමඟ නැගෙනහිර පළාතට දැන් විශ්වවිද්‍යාල තුනක් තිබෙනවා.
මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් නෙමෙයි. මේ ආයතනයටත් ලැබෙන අරමුදලින් ඉතිරි වුණොත් ආයතනයේ දියුණුව උදෙසා යොදා ගන්න.”

“අප රටේ පමණක් නොවෙයි ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෝකයේ තිබෙනවා. හාවඩ්, ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්න පුළුවන්. කොතලාවල විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය ද ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල බව කිව යුතුයි.”

“ඇතැමුන් මේවා උපාධි කඩ වශයෙන් හදුන්වා දෙනවා. එතකොට කේම්බ්‍රිජ්, හාවඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩද? ඔය ආකල්පය අරගෙන ඇවිත් තමයි මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කළේ. කෙසේ නමුත් අපි මේවා තව තවත් දියුණු කළ යුතුයි.”

“එදා තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තිබෙන්නේ. අද විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන කණ්ඩායම් සිටිනවා. එම කණ්ඩායම් ඒකාධිපති පාලනයක් වගේ සිසු සිසුවියන්ව හසුරවනවා. එවන් වූ වාතාවරණයක් තුළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්ට මම ප්‍රශංසා කරනවා.”

“විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසභ්‍ය කතාවලට අප ඇහුම්කන් දිය යුතු නැහැ. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.”

“විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළදී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.”

“මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා.”

“මෙරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙනුවෙන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන හතරක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවද පැවසිය යුතුයි.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා 22 ගැසට් කිරීමට එතුමාට සහ මට ප්‍රශ්නයක් ඇති කරගන්න කාරණාවක් නෙමෙයි.. අධිකරණ ඇමති පවසයි.

Next Post

විශිෂ්ට ජයක්… ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංගලි තරුණියන් පරදවමින් තරගාවලිය අරඹති!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.