ආසියානු කුසලාන විස්සයි 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් මුල්ම තරගය අද (20) ය. විදුලි ආලෝය යටතේ රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයෙන් ර ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 07ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙනය.
කාසියේ වාසිය දිනු බංගලාදේශ ක්‍රීඩිකාවෝ පන්දුවට පහරදීම තේරූහ. අප දුටුවේ පිටියේ මෙතෙක් නුදුටු තරමේ විශිෂ්ට පන්දු රැකීමකි.
ඉනෝෂි ප්‍රියදර්ශනී පන්දු යවමින් රැකගත් උඩපන්දුව ඕනෑම කාන්තා විස්සයි 20 තරගයක දී ලබා ගත් හොඳම උඩපන්දු අතර තිබෙන බව නිසැකයය.
කවර් පොයින්ට් හි නිලක්ෂි සිල්වා රැකගත් උඩපන්දුව ලෝන්ග් ඕන කලාපයේ හතරේ සීමාව ආසන්නයේ සිට නැවත වරක් නිලක්ෂි සිල්වා රැකගත් උඩපන්දුව මෙන්ම හසිනි පෙරේරාගේ පන්දු රැකීමකින් කඩුළු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනි ලබා ගත් දුවද්දී දැවී යෑම ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ විශිෂ්ටත්වය ඉනිම පුරා කැපී පෙනුනි.
ශ්‍රි ලංකා කණ්ඩායමේ පහසු ජගහ්‍රණහට පදනම දැමුවේ පිටියේ විශිෂ්ට පන්දු රැකීමය.
බංගලාදේශ කණ්ඩායම ලකුණු 111කට සීමා වුනේය. හුදකලා ඉනිමක් ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමේ නායිකා නිගාර් සුල්තානා පන්දු 59ක දී නොදැවී ලකුණු 48ක් ලැබුවේය. ෂොර්නා ආක්ටර් ලකුණු 25ක් පන්දු 14ක් තුළ ලැබුවේය. රබෙයියා ඛාන් ලකුණු 10කි. අනෙක් එක පිතිකාරිණියක්වත් ලකුණු 10 සීමාව ඉක්මවූයේ නැත.
පන්දු යැවීමේදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් උදේශිකා ප්‍රබෝධනී ලකුණු 20කට කඩුළු 2ක්, ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 17ට කඩුළු 2ක්, සුගන්ධිකා කුමාරි, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුල්ල බැගින් ලබා ගත්හ.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි සුපිරි ක්‍රීඩිකා චමරී අතපත්තු ලකුණු 12කට දැවී ගියාය. එහෙත් ශ්‍රි ලංකා කන්තා කණ්ඩායමේ දිදුලන්නට පටන් ගත් යොවුන් පිතිකාරිණිය වූ විෂ්මි ගුණරත්න මනරම් පිතිකරණයක යෙදෙමින් ලකුණු 51ක් ලැබුවාය. පන්දු 48ක දී ලැබූ ඒ ලකුණු 51ට හතරේ පහර හතක් ඇතුළත් විය.
ඇය හා මනා සම්බන්ධතාවයක් ගොඩනැගූ හර්ෂිතා සමරවික්‍රම පන්දු 31ක දී හතරේ පහර 4ක් සමග ලකුණු 33ක් ලැබුවාය.
දැවී ගියේ කඩුළු 03ක් පමිණි. පන්දු 17ක් ඉතිරිව තිබිය දී ශ්‍රි ලංකා කන්ඩායම කඩුළු 7ක විශිෂ්ට ජයක් ලැබුවේය. තරගයේ විශිෂ්ඨ ක්‍රීඩිකාව වූයේ විෂ්මි ගුණරත්නය.
අද ශ්‍රී ලංකා බගංලාදේශ තරගය පැවැත්වුනේ බී ඛාණ්ඩයෙනි. ඒ මේ තරගාවලියේ සිව්වන තරගය ලෙසය.
තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ නේපාල කණ්ඩායම අතර පැවති තරගයේ දී නේපාල කණ්ඩායම කඩුළු 06ක ජයක් ලබා ගත්තේය. නේපාලය වෙනුවෙන් විශිෂට පිතිකරණයක යෙදුන සම්පානා ඛඩ්කා පන්දු 45ක් තුළ හතරේ පහර 11ක් සමග නොදැවී ලකුණු 72ක් ලැබුවාය. ඔවුන් ජයග්‍රහණය ලබා ගත්තේ පන්දු 23ක් ඉතිරිව තිබියදී ය.
දෙවැනි තරගය ලෙස ඊයේ විදුලි ආලෝක මධ්‍යයේ රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනයේ පැවැති තගාවලියේ ආකර්ශනීයම තරගය වූ ඉන්දියා පකිස්ථාන තරගයෙන් ඉන්දියා කණ්ඩායම කඩුළු 7ක පහසු ජයක් ලබා ගත්තේ පන්දු 35ක් ඉතිරිව තිබිය දී සිය ඉලක්කය පසුකර යමිනි.
අද උදේ තුන්වන තරගය ලෙස පැවැත්වූ තායිලන්තය සහ මැලේෂියාව අතර පැවති තරගයෙන් තායිලන්ත කණ්ඩායම ලකුණු 22ක ජයග්‍රහණයක් ලබා ගත්තේය.







