අයහපත් කාලගුණ ය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ ගණන 14 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අද කල්මුණේ කන්නගි ප්‍රදේශයේ තිබී ගං වතුරට ගසාගෙන ගොස් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවීමත් සමගය.
එමෙන්ම අම්පාර කාර්තිව්හි මාවඩි පාලම අසලදී පෙරළී යෑමෙන් පසු අතුරු දහන් වූ සිසුවාගේ සිරුර මේ වනවිටත් සොයාගෙන නැත.
කාර්තිව් ඛේදවාචකයේ දී පාසල් දරුවන් 05ක්. ට්‍රැක්ටර් රථයේ රියදුරු සහ තවත් පුද්ගලයෙකුගේ මළ සිරුරු හමුවී තිබිණි. එතැන මරණ 07කි. බණ්ඩාරවෙල දී බැම්මක් කඩා වැටී සිදුවූ පුද්ගල මරණය, අම්පාර මිහිඳුපුර ප්‍රදේශයේ ගඩොල් පොරණුවක් නිරීක්ෂණය කරන්නට ගොස් සිදුවූ මරණය, දංකොටුව මාවගම කර්මාන්ත පුරය අසල කාණුවක වැටී සිදුවූ මරණය, වයික්කාල ප්‍රදේශයේ දී ගසක් කඩා වැටීම නිසා සිදුවූ 72 හැවිරිදි පුද්ගලයෙකුගේ මරණය, ගංවතුර මැද යාන් ඔයේ මාළු බාන්නට ගොස් බෝට්ටුව පෙරළී කුච්චවේලිහි දී සිදුවූ මරණය, වව්නියාවෙ මහකච්චිකුඩි වැවේ වාන් දැමීම බලා විනෝදවන්නට පැමිණි පුද්ගලයාගේ මරණය ඉතිරි මණය 13 ය.







