බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විපතට පත් ප්‍රජාව නොරිදවා ඔවුන්ට උපකාර කරමින් නත්තලේ සැබෑ අරුත් සමරන්න… කාදිනල් හිමිපානෝ ඉල්ලති!

by editor
දෙසැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මෙදා නත්ත­ලේදී බෙදීම් ඇති­කර නොගෙන විවිධ ජාතීන්, විවිධ ආගම් අද­හන, විවිධ භාෂා කතා කරන සියලු දෙනා සහෝ­ද­ර­ත්ව­යෙන් අත්වැල් බැඳ­ගෙන කට­යුතු කිරී­මට අධි­ෂ්ඨාන කර­ගත යුතු බව කොළඹ අග­ර­ද­ගුරු අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ පව­සති.

නත්තල් දිනය නිමි­ත්තෙන් ඊයේ (24) වි‍ෙශ්ෂ ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් උන්ව­හන්සේ මේ බව සඳ­හන් කළහ.

මෙවර නත්තල දිළි­ඳුන් වෙනු­වෙන් විශේ­ෂ­යෙන්, පීඩා­වට පත් වූවන්ට උදවු කර­මින් ගත කර­න්නට යොමු විය යුතු බව උන්ව­හන්සේ අව­ධා­ර­ණය කරති.

මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ  නත්තල පිළිබඳ කරන ප්‍රකාශයේ මෙසේ ද පවසති. මෙසේ ද පව­සති.

“මේ නත්තල් සමය ක්‍රිස්තු භක්ති­ක­යන් ලෙස පිළි­ගන්නේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලො­වට ජනිත වූ අව­ස්ථාව ලෙසයි. එදා සංග­ණ­න­යක් සඳහා බෙත්ලෙ­හෙම් නග­ර­යට ජුසේ­තුමා සහ මරි­ය­තු­මිය සංක්‍ර­ම­ණය වුණා. සංක්‍ර­ම­ණි­ක­යන් ලෙස ඔවුන් එහේ ගිය වෙලා­වෙදි මේ උපත සිදු වුණා. ඔවුන්ට එදා නවා­තැන් ගැනී­මට සුදුසු ස්ථාන­යක් සොයා­ගන්න බැරි වුණා. ඒ නිසා ඒ උපත සිදු වුණේ සීතල ගල්ගු­හා­වක් ඇතුළේ හර­කුන් ලගින ස්ථාන­ය­කයි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මුලින්ම උන්ව­හ­න්සේව දැක බලා­ගැ­නී­මට පැමි­ණියේ දිළිඳු එඬේ­රුන්. ඔවුන්ට දේව­දූ­ත­යන් දර්ශ­නය වෙලා මේ උපත ගැන සඳ­හන් කළ විට ඔවුන් මේ ගව මඩුව සොයා­ගෙන පැමි­ණියා. ඒ සඳහා ඔවුන්ට තාර­කා­වක් උප­කාරි වුණා කියලා ශුද්ධ වූ මතෙ­ව්තු­මාගේ සුවි­ශේ­ෂයේ සඳ­හන් කර­නවා.

අපේ ගැල­වු­ම්කා­ර­යා­ණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිළිඳු එඬේ­රුන් අතර උපත ලැබී­මෙන් අපට පණි­වි­ඩ­යක් ලබා දෙනවා. දෙවි­යන් වහන්සේ තෝරා ගන්නේ මනු­ෂ්‍යයා සිතන ආකා­රයේ ගෞර­වය සහ භක්තිය නෙවෙයි. දෙවි­යන් වහන්සේ තෝරා ගන්නේ මනුෂ්‍ය සංහ­ති­යට දක්වන ආද­රය පිළි­බිඹු වන වඩාත්ම අස­රණ දිළිඳු ජීවි­ත­යක්. උන්ව­හන්සේ උපතේ සිට ඉතාම අල්පේච්ඡ ජීවි­ත­යක් ගත කළා. මර­ණය දක්වා උන්ව­හ­න්සේට ස්ථාවර ස්ථාන­යක් තිබුණේ නැහැ.

නත්තල කියන්නේ බැහැ­ප­ත්කමේ මංග­ල්‍ය­යක්. ශ්‍රී ලංකාව තුළ භයා­නක කුණා­ටු­වක් ඇති­වෙලා, විනා­ශ­යක් සිදු වෙලා, පවුල් දහ­සක් පමණ තමන්ගේ නැති වූ ඥාතීන් වෙනු­වෙන් දුක් වෙනවා. විශාල පිරි­සක් තමන්ගේ ගේදොර ඉඩ­ක­ඩම් අහිමි වෙලා, ගංව­තු­රෙන් ගසා­ගෙන ගිහිල්ලා අනාථ කඳ­වු­රු­වල ජීවත් වෙනවා. මිලි­යන 2ක් පමණ ජන­තා­වක් පීඩා­වට පත්ව සිටින වෙලා­වෙදි අපට නත්තල් උත්ස­වය සතුටේ මංග­ල්‍ය­යක් ලෙස ගත­ක­ර­න්නට අව­ශ්‍යයි කියලා සිතු­ණත් ඒ අයගේ සිත් පාරන්නේ නැති වෙන්න අපි එය සිදු කළ යුතුයි.

නත්තල සාමා­න්‍ය­යෙන් කෑම බීම, ඇඳුම් පැල­ඳුම්, රතිඤ්ඤා ඒ වගේම මනුෂ්‍ය ජීවි­ත­යට අව­ශ්‍යයි කියන නොයෙ­කුත් දේව­ල්ව­ලින් උප­රිම මට්ටමේ සතු­ටක් ලබා ගැනීමේ මංග­ල්‍ය­යක් ලෙස සම­ර­න්නට වෙළෙඳ ආර්ථි­කය යෝජනා කර තිබෙ­නවා.

ඒ වගේ සතුටු වෙන එකේ වර­දක් නැහැ. සතුටු වෙන්න එපා කියලා කිය­න­වත් නෙමෙයි. නමුත් අපි හැම­ති­ස්සෙම මතක තියා­ගන්න ඕනෑ අපි නත්තල දිළි­ඳුන් වෙනු­වෙන් විශේ­ෂ­යෙන්, පීඩා­වට පත් වූවන් ගැන සිත­මින් ගත කර­න්නට යොමු විය යුතුයි. මේ නිසා මෙදා නත්ත­ලේදී පීඩා­වට පත් වූ අයගේ සිත් පාර­වන වැඩ කරන්නේ නැතුව, පුළු­වන් තරම් ඒ අයට උප­කාරී වෙමින්, අස­ල්වාසී දිළිඳු දරු­වන් ලෝකයේ ජීවත් වන දිළි­ඳුන් වෙනු­වෙන් යම් යම් පරි­ත්‍යා­ග­යන් සිදු කර­මින් අත­හැ­රීමේ සතුට භුක්ති විඳින ලෙසයි සැම­රිය යුත්තේ.

අත­හැ­රී­මෙන් තවත් කෙන­කුගේ සිත පින­වන ආකා­ර­යෙන් ලැබෙ­න‍ ­ස­තුට මුද­ල්ව­ලට ගන්න බැහැ. ඒ සතුට අත්පත් කර­ගෙන නත්තල ගත කරන්න කියලා මම ඔබ සියලු දෙනා­ගෙන් ඉල්ලා සිටි­නවා. මේ රටේ ඇති වෙලා තියෙන ව්‍යස­නය නිසා අප බෙදී­ම්ව­ලට යන්නේ නැතුව මේ රටේ ආගම් අද­හන සියලු දෙනාම, විවිධ ජාතීන්, විවිධ භාෂා කතා කරන සියලු දෙනා සහෝ­ද­ර­ත්ව­යෙන් අත්වැල් බැඳ­ගෙන කට­යුතු කරමු.

එහෙම කළොත් මේ නත්ත­ලේදී පම­ණක් නෙවෙයි ඉදි­රියේ 2026 වස­රේ­දිත් අපට ඉතා­මත්ම සතු­ටු­දා­යක නත්ත­ලක් සහ නව වස­රක් ගත කර­න්නට අව­ස්ථාව ලැබේවි. ඒ අව­ස්ථාව ඔබ සියලු දෙනාට ප්‍රාර්ථනා කර­නවා. ජේසු පිහි­ටයි.” –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පළාත් පාලන ආයතනවල අය – වැය පැරදීමෙන් ආණ්ඩුවේ  බලය පිරීහිලා කියන්න බෑ… පැෆරල් කියයි!

Next Post

අහුවුනේ එකයි… බිලියන ගණන් මත්ද්‍රව්‍ය රැගෙන ගොඩබිමට පැමිණි තවත් කුඩා බෝට්ටු කීපයක් සොයා විමර්ශන…

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.