බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුහල්පති කෙනෙක් පත්වනතුරු වැඩ බලන්න දුන් දේශපාල හෙංචයියාට විදුහල්පති කම දෙන්නලු… ගම්පහ පොහොට්ටු බලවතියක් සහ බලවතෙක් තුට්ටු දෙකේ ගේමක…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පත් කර එවූ ශ්‍රේණි ධාරී විදුහල්පතිනියට වැඩ භාරගන්න එන්න දීලා නෑ....

by editor
මාර්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ  වේවැල්දෙනිය මහා  විද්‍යාලයට විදුහල්පතිවරයකු පත්කිරීමට  යාමේදී  සිදුවන දේශපාලන බලපෑම් හේතුවෙන්  පාසලේ පරිපාලන කටයුතු මෙන්ම සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට ද  දැඩි අර්බුදකාරී තත්ත්වයක් ඇතිවී ඇතැයි  වාර්තා වේ. 

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන බලවතුන් දෙදෙනෙකු සහ  ප්‍රදේශයේ සිටින ඔවුන්ගේ ආධාරකරුවන්ගේ බලපෑම් හේතුවෙන්  පාසලට ශ්‍රේණිධාරි විදුහල්පතිවරයකු පත් කිරීමට මේ ලෙස දැඩි බාධා එල්ල වී ඇතැයි අධ්‍යාපන පරිපාලන අංශ හෙළිදරවු කරයි.  .

සිසු සිසුවියන්  400 කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන මෙම පාසල මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ ඉතා උසස් අධ්‍යාපන ප්‍රතිඵල පෙන්වූ පාසලක් ලෙස  හැඳින්වේ  .

විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ ස්වාමීන් වහන්සේ ඉකුත් 2023 වසරේ අගෝස්තු මාසයේදී ස්ථාන මාරුවීමක්  ලබා ගිය පසු   පාසලට සුදුසුකම්ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිනියක්  ලබාදීමට  අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තද  ප්‍රබලව ක්‍රියාත්මක වන දේශපාලන බලපෑම් හේතුවෙන්  එම විදුහල්පතිනියට  පාසලේ සේවයට වාර්තා කිරීමට  නොහැකි වූ බවද  සිසුන්ගේ දෙමාපියෝ කියා සිටිති  .

මේ තත්ත්වය නිසා දිනෙන් දින පාසලේ  අධ්‍යාපන කටයුතු මෙන්ම පරිපාලන කටයුතුද බිඳ වැටෙමින් පවතින බවත් ඇතැම් දෙමව්පියන් තම දරුවන් මෙම පාසලෙන් අස්කරගෙන වෙනත් පාසල් වලට  රැගෙන යාමට  පෙළඹී ඇති  පවසන සිසුන්ගේ දෙමව්පියන් පාසලේ මේ තත්ත්වය මත  ගුරු මණ්ඩලයද දැඩි ගැටලුකාරී තත්ත්වයකට පත්ව සිටින බවද කියයි  .

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ පිළිබඳව අප කළ විමසුමක දී  මිනුවන්ගොඩ ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ කලාප ලේකම් එස්.පී.සී . දයාල් පතිරණ කීවේ මේ තත්ත්වය කිසිම ශිෂ්ඨ සම්පන්න සමාජයක් බලාපොරොත්තු නොවන බවය.

“වැඩ භාර ගැනීමට පැමිණි ශ්‍රේණිධාරි සුදුසුකම්ලත් නව විදුහල්පතිනියට වැඩ භාර ගැනීමටපාසලට එන්නවත් දෙන්නේ නැතුව  දේශපාලන බාධා කිරීම් කරනවා. මේ  පිළිබඳව අපේ  සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කරන කරන බව දැන්විය යුතුයි.   සිසු දරු දැරියන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම සඳහා හැකි ඉක්මනින් සුදුසුකම්ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරයෙකු  පාසලට පත් කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගතයුතුයි.

මිනුවන්ගොඩ  කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක වජිර රණරාජා ගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මෙවැන්නකි.

“අප  එම පාසලට ශ්‍රේණිධාරී  සුදුසුකම් ලත් ඉතා හොඳ විදුහල්පතිනියක්  පත් කළා. නමුත් දේශපාලන බලපෑම් මත එම විදුහල්පතිතුමියට  සේවයට වාර්තා කරන්න පාසැලට එන්න දුන්නේ නෑ  .දේශපාලන බලපෑම් කරන අය කියන්නේ   පාසලේ වැඩ ආවරණය කිරීමට භාර දුන් ගුරු මහත්මාව විදුහල්පති ලෙස පත් කරන ලෙසයි.”

“නමුත් ඒක කරන්න බැහැ  .කොහොම හරි දේශපාලන බලපෑම් කරපු අය තේරුම් අරගෙන තියෙනවා කරපු වැඩේ වැරදියි කියලා  . එම පාසලට ශ්‍රේණිධාරී සුදුසුකම්ලත් ඉතා හොඳ විදුහල්පතිවරයෙකු ඉක්මනින්ම පත් කිරීමට මේ වන විට කටයුතු කරගෙන යනවා  යැයි කිය. “

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝඨාගේ හිටපු ශාරීරික පුහුණු උපදේශකයෙක් කුඩුත් සමග මාට්ටු… පාතාලයටත්   සම්බන්ධදැයි සොයා විශේෂ විමර්ශනයක්!

Next Post

අපේ ක්‍රිකට් ගැහිල්ලත් බූරු ගැහිල්ල වගේය…

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.