සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුහල්පතිට පහර දීම – අම්බලන්ගොඩ දේවානන්ද විදුහලේ ගුරුවරු සහ අනධ්‍යන සේවකයෝ ලෙඩ නිවාඩු දමති… පාසල වැසේ!

by editor
ජූනි 20, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ – 

අම්බලන්ගොඩ, ගා/ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාට පහර දීමට විරෝධය දක්වමින් විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන සේවක මණ්ඩලය ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකර සිටීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක් අද (20) දිනයේදී අනුගමනය කළේය. 

මේ හේතුවෙන් අද (20) දිනයේ විදුහල සාමාන්‍ය පරිදි නොපැවැත්වුන අතර විදුහල අවට පැවතියේ පාළු ස්වභාවයකි.

විදුහලේ 152 ක් වන ගුරුවරුන් අතුරින් අද (20) පාසැල් පැමිණ සිටියේ 05 දෙනෙක් පමණක් වන අතර 26 ක් වන අනධ්‍යයන කාර්යය මණ්ඩලයෙන් පාසැල් පැමිණ සිටියේ දෙදෙනෙකි. 

විදුහලේ සමස්ථ සිසු සිසුවියන් සංඛ්‍යාව 3500 කි. එයින් අද (20) දිනයේ පාසැල් පැමිණ සිටියේ සිසු සිසුවියන් 200 කටත් අඩු පිරිසකි. ඔවුන්ද වට්ස්ඇප් පණිවුඩ මාර්ග ඔස්සේ පෙ.ව 8.00 වන විට දෙමාපියන්ට දන්වා ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කර තිබුණි.

මෙයට අමතරව අද (20) පෙරවරුවේ අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කාර්යාලයෙන් පැමිණ පරීක්ෂණයක් පවත්වන ලද බවද දේවානන්ද විද්‍යාලයේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

විදුහල්පති ජනක පේදුරුහේවාට විදුහල්පති නිල කාමරය තුළදී ඊයේ (19) පෙරවරුවේ විද්‍යාලයීය සිසුවෙකුගේ පියෙකු විසින් පහර දුන් බව කියන සිද්ධියට විරෝධය දක්වා විදුහලේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය මෙම සේවයට වාර්තා නොකිරීමේ ක්‍රියා මාර්ගය ගෙන තිබුණි. 

විදුහල තුළ තමන්ට නිසි ආරක්ෂාවක් නොමැති බවත් විදුහල තුළ තමන්ගේ ආරක්ෂාව සලසන තෙක් වෘත්තීය ක්‍රියා මාර්ගය අඛණ්ඩව පවත්වා ගෙන යන බවත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

පහර කෑමට ලක් වූ විදුහල්පති ජනක පේදරුහේවා   මේ වන විට බළපිටිය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි. විදුහල්පතිවරයාගේ මුහුණේ හා බෙල්ලේ තැලීම් තුවාල තිබෙන බවද බළපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විදුහල්පතිවරයා මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසියටද පැමිණිල්ලක් කර තිබේ.

විදුහලේ බැට්මින්ටන් ක්‍රීඩාව මුල්කර ගත් ගැටලුවක් හේතුවෙන් මෙම පහර දීම සිදුකර තිබෙන බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. 

සැකකරුගේ පුතා විදුහලේ බැට්මින්ටන් හා ක්‍රිකට් යන ක්‍රීඩාවන් දෙකේම නිරතව සිටින බවත් ආර්ථික හා සෞඛ්‍යය හේතුවක් මත බැඩ්මින්ටන් ක්‍රීඩාවට අදාල තරගාවලියක් අතහැර දැමීමට උත්සාහ කිරීමේදී ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් ආරවුල නිර්මාණය වී තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

අම්බලන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසන්න ඇල්ගිරියගේ  ගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී එම් ඉරාන්  ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවතිවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ සියලු අංශ ‘දූෂණය’ ගිල ගනී

Next Post

ෂාෆ්ටර් මරණයේ රස පරීක්ෂක වාර්තා තවමත් නෑ… අධිකරණයෙන් CID වෙත නියෝගයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.