අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි වෘත්තීය සමිති සහ ඇමති සාකච්ඡාව අසාර්ථකයි. අද රෑ 12 සිට රට තාවකාලික මරණයක…

by editor
ජූනි 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

ඇමතිවරයා සමග කළ සාකච්ඡා අසාර්ථක වූ බවත් අද රාත්‍රියේ සිට විදුලි වර්ජනය ක්‍රියාත්මක වන බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර පැවසුවේය.

ඇමතිවරයා තමන්ගේ ඉල්ලීම සම්බන්ධව කිසිම තැකීමක් සිදු නොකළ බවත් විදුලිබල පනත සංශෝධනය කිරීම සඳහා හෙට කටයුතු කරන බවත් පැවසූ  සභාපතිවරයා ප්‍රකාශකළේ  මේ අනම්‍යශීලී දේශපාලකයින් රට දරුණු ව්‍යසනයකට ඇද දැමූ බවය.

“ මේ විදුලිබල පනන ආණ්ඩුව වෙනස් කිරීමත් එක්ක රටට      අවම මිල ගණන්වලට   විදුලිය ගන්න  තිබෙන අවස්ථාව නැති කරනවා.    ඉන්දියාවෙ අදානි සමාගමෙත් එක්ක යන ගිවිසුම අනුව    එම සමාගමමේ සහ රජයේ අභිමතය පරිදි විදුලි ඒකකයක මිල නියම කරලා  මිලදී ගන්න යනවා.  අපි විරුද්ධ වුනේ එයට.  ඒ විරෝධතාවයට ඇමතිවරයා තැකීමක් කළේ නෑ. “

“අප කිව්වේ අදානිට නෙමෙයි කාට දුන්නත් කමක් නෑ. ක්‍රමවේදයකට දෙන්න. ඒත් ඔවුන් සූදානම් නෑ ඒකට. දැන් අපට සිද්ධ වෙනවා අද රාත්‍රියේ සිට වර්ජනයට යන්න. “

ස්ථිරවම අද රාත්‍රී 12 සිට සේවයෙන් ඉවත් වෙනවා. අපි ඉවත්වෙන්න කලින් ඉල්ලනවා කවුරුහරි භාරගෙන මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්නම් කරන්න කියලා. බැරිනම්  ක්‍රමානුකූලව සියලුම විදුලි සේවකයින් ඉවත් වෙනවා.  එවැනි අවස්ථාවක පද්ධතිය ආරක්ෂා කරගන්න නම්  සියලුම යන්ත්‍ර සූත්‍ර සෛද්ධාන්තිකවම නැවැත්විය යුතුයි. උදේ 08 වනවිට  සියලුම සේවකයින් ඉවත් වේවි.  රටේ විදුලිය කියලා දෙයක් ඒ මොහොත වනවිට නෑ.“ සභාපති  අනිල් රන්ජිත් ඉඳුවර කීවේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

මේ සම්බන්ධව ලංකාසරට අදහස් දැක්වූ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් කීවේ ඉර එළියෙන් සුළඟින් විදුලිය නිපදවීමේ ඒකාධිකාරිය එක් සමාගමකට නොදෙන ලෙසත් මේ සම්බන්ධව තීරණයක් නොගෙන  සතියක් හෝ  තමන් සමග සාකච්ඡා කරන ලෙසත් කළ ඉල්ලීම ඉවත දැමූ ඇමතිවරයා  හෙට මෙම පනත  පාර්ලිමේන්තුවෙදි සම්මත කරගන්නා බව කී නිසා වර්ජනයට යනු හැර වෙනත්  විකල්පයක් නැති බවය. එල්.එන්.ජී බලශක්තිය නිව් ෆෝට්‍රස් එනජි සමාගමට දුන්නා සේ සුනෙක්ති බලශක්ති ඒකාධිකාරිය අදානි සමාගමට ලබා දීම මොන ආකාරයේ අපරාධයයක් දැයී ඔහු විමසුවේය.

“ඉතිරි වෙන්නෙ ජීඑම් විතරයි… අනික් හැමෝම එළියට බහිනවා. හෙට උදේ 8 වනවිට මේ ව්‍යසනයේ තරම තේරෙයි. 1996  සිදුවුන විනාශයම තමයි.. අද ප්‍රතිඵල ඊට වඩා බෙහෙවින්ම බරපතලයි… අපි මේ වර්ජනය කරන්නෙ මේ රටේ මිනිස්සු වෙනුවෙන්. මේ පාලකයින් කරන්න යන්නෙ පනතක් මගින් සම්මත කරලා රට ඉන්දියාවෙ සාදාකාලික බලශක්ති වහලෙක් කරන්න. “ ඔහු කීවේය.

වෘත්තීය සමිති නායකයින්ට අනුව  අද රෑ  12 සිට  සිදුවන දේ

විදුලිබල මණ්ඩලයේ සියලුම සේවකයින් අද රාත්‍රියේ සිට ක්‍රමානුකූලව සේවයෙන් ඉවත් වනු ඇත. ඒ අනුව නොරොච්චෝලේ සිට සෑම බලාගාරයකම යන්ත්‍ර සූත්‍රවලට හානි නොවනසේ  ක්‍රමානුකූලව නවත්වා දමනු ඇත.

අනතුරුව රටේ විදුලිය කියා දෙයක් නැත. රෝහල් පද්ධතිය බිඳ වැටෙනු ඇත. දැඩි සත්කාර ඒකක බිඳ වැටෙනු ඇත. ලේ බැංකුව ඖෂධ ගබඩා ක්‍රමිකව විනාශ වීමේ අවදානමකට වනු ඇත.  ජලය සැපයුම  නවතිනු ඇත. දුරකථන විසන්ධි වනු ඇත. අන්තර්ජාලය නවතිනු ඇත. වරාය ගුවන්තොටුපල අක්‍රීය වනු ඇත. පාර්ලිමේන්තුවේ විදුලි ජනක තිබෙනතාක්  විවාද තිබෙනු ඇත.  රට ගල් වනු ඇත.  විදුලි බුබුලක් නොදැල්වීමට වඩා බිහිසුණු  ව්‍යසනයකට රට ඇද වැටෙනු ඇත.

Share69Tweet43
Previous Post

මෝදර මත්කුඩු ජාවාරම්කරු ඝාතනය කොන්ත්‍රාත් දුන් තැනැත්තා පොලිස් අත්අඩංගුවට…

Next Post

ජූලි 10ට පෙර දොස්තර ෂාෆිගේ සම්පූර්ණ හිඟ වැටුප් ගෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අධිකරණයේ දී එකඟ වෙයි….

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.