සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි වර්ජනය කරන හැටි විදුලි වෘත්තීය සමිති පැහැදිලි කරයි!

by editor
නොවැම්බර් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

සෑම මනු කියවන්නෙක්ම දැනුම්වත් කිරීමේ නියෝජිතයෙක් බවට පත් කර මේ සිදුවෙමින් ඇති අනතුර සම්බන්ධව රටේ සෑම පුරවැසියෙක්ම දැනුම්වත් කරමින් ජනතා සහයෝගය ලබාගෙන මිස විදුලි වැඩවර්ජනයක් සඳහා ගමන් නොකරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු  රන්ජන් ජයලාල් ලංකාසරට පැවසීය.

මේ වනවිට  කිරිපිටි නැති නිසා උදෑසන කිරි වීදුරුව වර්ජනය කළ,  සීනි මිල නිසා ප්ලේන්ටිය වර්ජනය කළ  ජනතාව හාල් පොලිම්වල  , ඩීසල් පොලිම්වල  , කිරිපිටි පෝලිම්වල සිට මතුකරන ආණ්ඩු විරෝධය විදුලි වර්ජනයක් කර වෙන අතකට හැරවීමට කිසිදු බලාපොරොත්තුවක් නැතැයි  ඔහු කීවේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේෙ  තෙල්, වරාය සහ විදුලි ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය රටේ සියලුම වෘත්තීය ක්‍රියාකාරියන් හා එක්ව දැවැන්ත වර්ජනයක් සඳහා සූදානම් වන බව කළ ප්‍රකාශයෙන් අනතුරුව එම වර්ජනය ක්‍රියාත්මක වන්නේ කෙසේ දැයි අප කළ විමසුමට පිළිතුරු ලබා දෙමිනි.

“ අපි ඉතාම ශක්තිමත් වෘත්තීය සමිති ව්‍යාපාරයක් ලෙස   රටේ බලවත්ම වගකිවයුතු වෘත්තීය සමිති එක්ක සන්ධානගත වෙලා ඉන්නවා. අපි බලවත් තමයි. ඒත් අපේ බලය අපි යොදවන්න ඕන දැනුම්වත් ජනතාවක් පෙළ ගස්වන්න පමණයි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“බලවත් ආණ්ඩුවෙ ජනාධිපති, අගමැති, මුදල් ඇමති සහෝදර තුන්කට්ටුව තමන්ගෙ බලය පාවිච්චි කිරීමෙන් ජනතාව පීඩාවට පත් කරලා සිටින ආකාරය අපි දකිනවා. අපි අපේ බලය යෙදෙව්වොත් මීට වඩා අසීමාන්තික පීඩාවකට ජනතාව පත් වෙනවා. විදුලි සේවකයන් වර්ජනයක් සඳහා යන්නෙ රටේ සියලු දෙනා වෙනුවෙන් කියන කාරණාව ජනතාව අවබෝධ කරගත්තෙ නැතිනම් ඒ විරෝධය එන්නෙ විදුලිබල මණ්ඩලයට.   අපි ඒක අත්දැකීමන් දන්නවා. ඒ නිසා මොන තරම් ප්‍රශ්න ආවත් ජනතාව නිශ්චිතව දැනුම්වත් කිරීමකින් තොරව අපට මේ වර්ජනයට යන්න බෑ. දැන් සීනි, පිටි, පරිප්පු, ගෑස් මිල පාලනය කරන්නේ කොම්පැණි කාරයො වගේ විදුලි බිලත් කොම්පැණි කාරයෙක් තීරණය කිරීමේ භායනකකම මිනිස්සු හරියටම තේරුම් ගත්තට පස්සේ තමයි වර්ජනයකට යා යුත්තේ.“

“මොකද වර්ජනයක් කියන්නෙ අවසාන තේරීම. එතනින් එහාට මොනව ද කරන්නෙ. එය කළ යුත්තේම නැවත කිසිම දෙයක් හැරවෙන්නෙ නැති විදිහට. අපි වර්ජනයක් කරලා ඉවර වෙනකොටත් ආණ්ඩුව නැවතත් මේ අත්තනෝමතික තැනකම ඉන්නවා නම්, ජනතාව බනින්නෙ විදුලිබල මණ්ඩලයට නම් ඒ වර්ජනය වර්ජනයක් නොකර සිටීමට වඩා විනාශකාරීයි.“

“ඒ නිසා මේ බව තේරුම් ගත යුතුයි. අපි වෘත්තීය සමිති විදිහට බලසම්පන්න බව ඇත්ත. මේ ආණ්ඩුව ඒක පිළිගත්තත් සාකච්ඡාවක තරම් දෙයක් දෙන්න මේ සහොදර තුන්කට්ටුවෙ ආණ්ඩුව කටයුතු නොකරන තරම් උද්දච්ච බවත් ඇත්ත. එහෙත් අපිත් උද්දච්චකමින් අපේ බලය පෙන්වන්න අවශ්‍ය අවස්ථාවක් නොවෙයි ගතවෙමින් තිබෙන්නෙ. අපි ඉතාම සංවිධානාත්මකව අපේ අවසන් අරගලයට සූදානම් වෙනවා. ඒක ඉවර කරන්නෙ ජයග්‍රහණයෙන්.“

රන්ජන් ජයලාල් වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අධිකරණ ඇමති ජනපති හමුවී හිත හදා ගනී!

Next Post

ක්‍රිකට් ලොක්කෝ මැච් බලද්දී ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණ පුහුණුව අරඹති!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.