පෙබරවාරි මාසයේ විදුලි බිල වැඩි කිරීම වැරදි දත්ත මත පදනම් වූවක් බව වත්මන් විදුලි බිල අඩු කිරීමෙන් ඔප්පු වන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) හිටපු සභාපති ජනක රත්නායක පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගාස්තු සංශෝධන සඳහා ඉදිරිපත් කර ඇති ඇතැම් දත්ත සාවද්‍ය බවත්, විධිමත් පරීක්ෂණයකින් එය සනාථ වන බවත්ය.
“පසුගිය පෙබරවාරියේ ලංකා විදුලිබල මණ්ඩලය 66%කින් ගාස්තු වැඩි කරන්න යෝජනා කළා. ඒත් ඒ වෙලාවේ සැබෑ වියදම් දත්තවලින් හෙළි වුණේ 30%ක ගාස්තු වැඩිවීමක් ප්‍රමාණවත් කියලා .ඒ නිසා මම 66% ගාස්තු සංශෝධනයට විරුද්ධ වුණා. මිලියන 5 ක විදුලි පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට මෙන්ම ආර්ථිකයට සිදුවන අහිතකර බලපෑම අවම කිරීමට අප එදා ගාස්තු වැඩිවීම 30%කට සීමා කළ යුතුව තිබුණා
දේශපාලන බලපෑම් මත කොමිසමේ සාමාජිකයින් තිදෙනෙකු විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ යෝජනාව එලෙසම අනුමත කළා. ලංවිම දත්ත වැරදි බව අද ඔවුන්ම පිළිගෙන තිබෙනවා. යෝජිත 3% ක අඩු කිරීම වෙනුවට 14% කින් විදුලි ගාස්තු අඩු කිරීමට ලංවිම තීරණය කර ඇත්තේ ඒ නිසා” ජනක රත්නායක කීවේය.







