විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඇමතිවරයා පසුගියදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අණුරාධපුරයේ පැවති සඳහිරු සෑය විවෘත කිරිමේ අවස්ථාවට ද සහභාගී වී ඇතැයි වාර්තා වේ.
කොවිඩ් රෝග ලක්ෂණ ඇති වීමත් සමග අද (22) ඒ සම්බන්ධයෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරු වී ඇත්තේ ඇමතිවරයාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවය.
මේ වනවිට ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.