ලොකු කුමා විසිනි –
රට කුල්ල කුජීත වී තිබුණ බව දැන් චන්ද දාසලාට අමතක වෙමින් තියෙන බව පැහැදිලිය. දවල් වේලට ගත් බත් මාළු පිනි ගැන රාත්‍රියට අමතක කරන වුන් ඉන්නා රටක අවුරුද්දක් දෙකකට පෙර වේල සරි කර ගන්නට කළ වෑයම ගැන මතකයක් තියෙන්නට විදියක් නැත.
මෙවුන් ගේ ඔළුවේ අමතක නොවන දේ හැටියට තියෙන්නේ ප්රභාකරන් මරා දැමීමය. ඒ මරණය තීරණාත්මක සලකුනක් ඉතිහාසයේ තැබූ බව සැබෑය. ප්රභාකරන් නොමැරී සිටියා නම් වනු ඇත්තේ කුමක් දැයි අප කියන්න යන්නේ නැත. එහෙත් අරන්තලාවේ භික්ෂූන් සිය ගණනක් හා නැගෙනහිර පලාතේ සේවය කළ පොලිස් නිළධාරීන් හයසීයක් පමණ මෙලේච්ඡ විදියට ඝාතනය කළ කරුණා අම්මාන් පිල්ලෙයාන් ජෝඩුව මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවේ හුරතල් වුන විදිහ අපි දුටුවෙමු. තවද ප්රභාකරන් පරදවන්නට හමුදාවට අණ දුන් හමුදාපතිවරයා මහ පරේ දණ ගස්වා ජම්පරය අන්දා වැලිකඩට ගාල් කර ලොන්ඩරි පාටියට දැමූ හැටිත් අපි දුටුවෙමු. හැමදේම කියන්නට අවශ්‍ය නැත. කියවන උන්ට හිසක් තිබිය යුතුය.
රජ්ජුරුවෝ
අපේ රාජ පෙළපත අවසන් වූයේ ශ්‍රී වික්‍රම රාජසිංහගෙනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගෙන් පසුව අපේ රටේ රජවරුන් ගැන වාර්තා වූයේ නම් ඒ පිස්සන් කොටුවෙනි. එහෙමත් නැතිනම් උසාවියකදීය. රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයා වීමෙන් පසුව රජාට අඳින්නට බොහොම වෙහෙසක් ගත්තේය. එහෙත් රණසිංහ ප්‍රේමදාසගේ හීනය මහ පාරේ කෑලි දූලි වලට පත් වී බිඳී සුණු විසුනු වී ගියේය.
යලි අපේ රටේ රජාට ඇඳ ගත්තේ මහින්ද රාජපක්ෂය. උන්දෑ මහරජාට ඇඳ ගත්තා පමණක් නොව රටට කෙල වෙන තුරු රජ සැප වින්දේය. මහින්ද රාජපක්ෂට රජාට අදින්නට සළු පිලි සපයන ලද්දේ ප්රභාකරන්ගේ මළ කඳ හා හමුදාපති ෆොන්සේකා මිස වෙනින් කවුරුවත් නොවේ. ප්‍රභකරන් ජීවත්ව සිට්න විට කප්පම් දුන් මහින්ද රාජපක්ෂ ගොඩ ගියේ කිව්ව නාහන හමුදාපතියකු සිටි නිසාය. නැතිනම් ඉතින් රාජපක්ෂගේ නිවටකම ඉතිහාසයේ ලියවෙන්නට තිබුණ බවට කිසිම සැකයක් නැත. ඒ නිවට කමෙි හොඳම සාක්ෂිය ටිරාන් අලස් ප්රභාකරන් වෙත අරගෙන ගිය කප්පමය.
දැන් ජාතියේ අප්පච්චී විදියට රූපාන්තරණය වී සිටින මහින්ද රාජපක්ෂ දෙබිඩ්ඩෙකි. හොඳ රංඟන ශිල්පියකි. ඔහු ඒ දින වල රැස්වීම් වලට එද්දී වඩා ගත් දරුවා දැලි කුණු නැති කට්ටඬියන් විසින් සුර හා සුදු නූල් බෙල්ලේ ඉණේ එල්ලා නැති හුරතල් පිරිසිදු දරුවකු වීම අනිවාර්ය තෝරාගැනීමකි. ඒ දරුවා තෝරාගත්තේ ජනාධිපති ආරක්ෂක අංශයේ ලොක්කාය. මහින්ද රාජපක්ෂ රැස්වීමට එන පාරේ වඩා ගත යුතු දරුවා හා මව සිටින ස්ථානයේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිළමේ කෙනෙකු රැඳී සිටී. ඒ සංඥාව මහින්ද රාජපක්ෂ දනී. උන්දෑ වඩා ගෙන හුරතල් කරන්නේ ඒ දරුවාය.
මහින්ද රාජපක්ෂ රෑට කන බොන වේලාවට ආතල් ගන්නේ ඒ රැස්වීමේ සිටි මැති ඇමතියන්ගේ හුරතල් ගැන පවසා නෝන්ඩියට හක හක ගා සිනාසෙමිනි. ඒ අතරේම එහි සිටි සුන්දර තරුණියකගේ පියයුරු ගැන සිය හෙංචයින්ට මතක් කරන්ටද ඔහු රුසියෙකි. මේ වගේ අවස්ථාවක මහින්ද රාජපක්ෂ තම ඇඹෙනිය ශිරන්ති හඳුන්වා දෙන අශීලාචාර වචනය ගැන දන්නා එවුන් තවමත් ජීවතුන් අතර සිටී. ඕනෑ කෙනෙකුට ඒ ගැන මහින්ද රාජපක්ෂ බඩ බැඳගෙන ඇසුරු කළ වුන්ගෙන් අසා දැන ගත හැකිය. නොම්මර එකේ කාමාතුරයකු වූ මහින්ද රාජපක්ෂ ගේ රතියේ තරම දන්නා නිළියන්ද තවමත් ජීවතුන් අතර සිටී. මේ තරම් දක්ෂ ගේම් හා ඩීල් කාරයකු මෙරට දේශපාලන ඉතිහාසයේ සිටි නැති බව නම් සහතිකය.
තමන් වෙනුවෙන් මරා ගෙන මැරෙන්නට ඉන්නා සංඝ හමුදාව ගැන මහින්ද රාජපක්ෂට තිබුණේ වෙනම කියවීමකි. ඔහු ඒ සංඝ හමුදාව හැඳින්වූයේ අමු තක්කඩියන් රැළක් විදියටය. ඒ තක්කඩි රැළට අටපිරිකරට වඩා වටින්නේ ශරීර කූඩුවේ සැප බව ඔහු හොඳින් දැන සිටියේය. මහින්ද රාජපක්ෂ ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්ගෙඩි පූජා කරමින් සංඝ හමුදාවට නාස් ලණුව දමා ගත්තේය.ඔහුගේ මේ කෙරුවාව දන්නේ ඔහු සමීපයේම හැසිරුණ වුන් විතරමය. ඒ නිසාම මේ වන තුරු මහින්ද රාජපක්ෂගේ පීචං කෙරුවාව ගැන සමාජයට ඇත්ත අදහසක් නැත. ඒ පීචං කෙරුවාව තවමත් සමාජයට හෙළි වී ඇත්තේද නැත.
විජේරාම නිල නිවසින් යන්නට වුවහොත්!
මහින්ද රාජපක්ෂ තවමත් උඩ දාන උපාසක උපාසිකාවුන් සිතා ගෙන සිටින්නේ ඔහු විජේරාම නිවසින් එළියට ඇද දැමුවොත් යන එන මං නැති වෙන බවටය. ඒ තරමේ අදහසක් ගලේ කෙටූ තරමට මෙරට පූනක්කු ඔළු වලට දැමීමේ ව්‍යාපෘතියක්ද කැත වාහිනී වලින් මේ වන විට ගෙන යමින් සිටී. මහින්ද රාජපක්ෂ අන්ත අසරණයකු ලෙසට සමාජය තුළ චිත්රණය කිරීම ඇරඹී තිබේ. රාජපක්ෂලාගේ කැත දේශපාලනයේ හැටි එහෙමය. ඒ කැත දේශපාලනයත් හිඟන්නාගේ තුවාලය අතරත් වෙනසක් නැත.
සැබවින්ම විජේරාමයේ නිවසින් මහින්ද රාජපක්ෂට එළියට යාමට සිදු වුව හොත් ඔහුට නිවසක් නැති අසරණයෙක් වෙනු ඇතැයි සිතන වුන්ට මේ ලිස්ට් එක නිදහසේ කියවා හිතේ අජීර්ණය හොඳ කරගන්නට පුළුවන. මේ රාජපක්ෂවරුන්ගේ හිමිකාරත්වය යටතේ තියෙන දේපොල වලින් අධිකරණයේ ද කියැවෙන අරහෙන් මෙහෙන් සොයාගත් අවශ්‍ය නම් සුළුකොට සලකා නොසලකා හැකි තරම් සොච්චමකි. ඒ සොච්චම මෙසේය.
- ශිරන්ති රාජපක්ෂට අයිති ගම්පහ දිස්ත්‍රික්කයේ හොරගහලන්ද මිල්ලගහවත්ත ඉහළ යාගොඩ පර්චස් 80 ක ඉඩම.
- යෝෂිත රාජපක්ෂට අයිති ලියන පරංගියා වත්ත, කෝන්ගහවත්ත, නෙල්ලිගහ වත්තේ පර්චස්18 ක ඉඩම
- ශිරන්ති රාජපකෂට අයිති ගම්පහ දිස්ත්‍රීක්කයේ මොරගහවත්ත. මිල්ලගහවත්ත පර්චස් 95 ක ඉඩම
- ශිරන්ති රාජපක්ෂට අයිති හොරගහ ලන්ද මීගහවත්ත පර්චස් 17 ක ඉඩම
- මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංවර්ධන පදනම ගම්පහ ගලගොඩ වත්ත ,සහ මීගහවත්ත රූඩ් 02 පර්චස් 28 ක ඉඩම
- ඩේසි ෆොරස්ට්ට අයිති ගාලු පාර ගල්කිස්ස රූඩ් 01 පර්චස් 19 ක ඉඩම
- ඩේසි ෆොරස්ට්ට අයිති දෙල්කඳ පර්චස් 12 ක ඉඩම
- ඩේසි ෆොරස්ට්ට අයිති ගල්කිස්ස සමගි මාවත පර්චස් 35ක ඉඩම
- ශිරන්ති රාජපක්ෂට හිමි කොළඹ 07 ටොරිංටන් මාවත 206/17 අංක දරන ලක්ෂ 350 ක් වටිනාකමැති නිවස
- ඩේසි ෆොරස්ට්ට අයිති ගාලු පාර ගල්කිස්ස රූඩ් 01 පර්චස් 29 ක ඉඩම
- ඩේසි ෆොරස්ට්ට අයිති ගල්කිස්ස කවුඩාන පාර රූඩ් 01 පර්චස් 10 ක ඉඩම
- නාමල් රාජපක්ෂට අයිති හම්බන්තොට දිස්ත්‍රික්කයේ සාලියපුර,සිරිබෝපුර කැලේ රුපියල් මිලියන 01.06ක් වටිනා ඉඩම
- නාමල් රාජපක්ෂට අයිති හම්බන්තොට ,මවඩන ,සිරිබෝවත්ත මිලියන 02.00 ක් වටිනා ඉඩම.
- යෝෂිත රාපක්ෂට අයිති දෙහිවල අංක 175/2 මිහිදු මාවත පර්චස් 27.6 ක ඉඩම
- යෝෂිත රාජපක්ෂට අයිති හම්බන්තොට සිරිබෝපුර ඔප්පු අංක 4129 දරන මිලියන 01.6 වටිනාකමැති ඉඩම
- නාමල් රාජපක්ෂ නමින් කොල්ලුපිටිය පෑන් ඒෂියා බැංකුවේ 2013 /2014 වර්ෂ වල තැන්පත් කරන ලද මිලියන 16 ක ස්ථාවර තැන්පතුව
- නාමල් රාජපක්ෂ නමින් 2014 වර්ෂයේ තැන්පත් කරන ලද රුපියල් මිලියන 24 ක තැන්පතුව
- නාමල් රාජපක්ෂ විසින් දෙවොට් ලිමිටඩ් ආයතනයේ2013/2014 වර්ෂයේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 03 ක ආයෝජනය
- නාමල් රාජපක්ෂ වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013/2014 වර්ෂයේ ආයෝජනය කරන ලදමිලියන 06ක ආයෝජනය.
- නාමල් රාජපක්ෂ 2013/2014 වර්ෂවල කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන ලද මිලියන 14 ක ආයෝජනය.
මහින්ද රාජපක්ෂ විජේරාම නිවසින් එළියට දැම්මහොත් නිවාස පූජා කරන්නට බලාගෙන සිටින උපාසක උපාසිකා මහත්වරුන් රාජපක්ෂවරුන් සතුව පවතින මෙතෙක් ගණනය කළ නොහැකි වත්කම් අතර නිශ්චිතව වාර්තාවන මේ අල්ප වූ වත්කම් ය පිළිබඳව සිතන්නේ කුමක්ද යන්න ගැන අපට අදහසක් නැත. එසේ සිතන්නට මේ දායක සභාවට ඔළුවක් නැති බවද අපි දනිමු.
නුමුත් නාමල් රාජපක්ෂ දැන් තටමන්නේ සිය පියාගේ මහළු පංචස්කන්ධය දේශපාලනිකව විකුණා අනුකම්පං උපාදාය වර්ගයේ තක්කඩි ගේමකටය.
මේවා රාජපක්ෂවරුන් ගේ අළුත් අත්හදා බැලීම් නොවේ. ජනතාව රැවටීම සඳහා මේ පවුල යොදා ගන්නේ ජානගතව තිබෙන මේ ආකාරයේ සෙප්පඩ විජ්ජාවන්ය. ආණ්ඩුව එලවා බලය අතට ගැනීමෙි කිරිපණු ගායෙන් පෙළෙන රාජපක්ෂ හෙංචයින් මේ තුරුම්පු උස්සාගෙන වොයිස් කට් දෙන්නේ රටක් රාජ්‍යයක් දිනා ගත් විදියටය.
සිය පියා ගේ කෙරුවාව ගැන අපට වඩා දන්නේ පුත්තුන්ය. නාමල් රාජපක්ෂගේ ජනපති සිහිනය විජේරාම නිවසින්ම ගොඩ දාගන්නට හදන්නේ ඒ නිසාය.







