සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පාතාලයින් සමග  ඩීල් දමා තම  වාහනයට වෙඩි තබා ගෙන ජනපතිට අන්නන්න හැදු හල්ලොලුව නාඩගම CCD ය අධිකරණයට කියයි… හල්ලොලුව 28 තෙක් රිමාන්ඩ්!

by editor
අගෝස්තු 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම   හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් තුසිත හල්ලොලුව ගමන් කළ වාහනයට පහර දීම සහ වෙඩි තැබීම ඔහු විසින් සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක් වී නිර්මාණය කරන ලද එකක් බව විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද (19) අධිකරණයට දැනුම් දුන්නේය.

අද අළුයම අත් අඩංගුවට ගත් තුසිත හල්ලොලුව අද පස්වරුවේ කොළඹ අතිරෙක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ වෙත ඉදිරිපත් කරනු ලැබුවේ විමර්ශන ප්‍රගතිය ද අධිකරනයට දැනුම් දෙමිනි.

එහිදී විමර්ශන නිලධාරීන් කියා සිටියේ පසුගිය මැයි මාසයේ 17 වැනිදා තුසිත හල්ලොලුව නාරාහේන්පිට ප්‍රදේශයේ  මෝටර් රථයකින් ගමන් කරමින් සිටිය දී වෙඩි ප්‍රහාරයකට ලක් වී තිබුණු බවත් ඒ සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් සිදුකළ බවත්ය.

එම විමර්ශනයට අදාලව  පුද්ගලයින් 10 දෙනෙක් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කටයුතු කළ බව විමර්ශන අංශ පැවසුවේය.  ඔවුන් දැන් ඇප මත මුදා හැර සිටින බව පැවසූ විමර්ශන නිලධාරීන් නඩුවේ වින්දිත පාර්ශවයක් ලෙස සැකකරු ලබා දී ඇති ප්‍රකාශවල පරස්පර භාවය සැලකිල්ලට ගනිමින් ඔහු නඩුවේ 11 වැනි සැක කරු ලෙස නම් කළ බවය.

කොළඹ අපරාධ  කොට්ඨාසය අධිකරණයට මෙසේ කීවේය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ස්වාමිනී… මෙම සැකකරු තමන් වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවත්. එදින තමා සතුව තිබූ වටිනා ලියකියවිලි ගොනුවක් එම් ප්‍රහාරයකියන් විසින් පැහර ගත් බටත් ප්‍රකාශයක් සිදුකර තිබුණා. එම ගොනුව තුළ වත්මන් ජනාධිපතිවරයා ග්‍රිසියේ නැව් සමාගමක රුපියල් ලක්ෂ හතලිස් දහසක් තැන්පත් කිරීම සම්බන්ධව කරුණු ඇතුළත්ව තිබුන බව ඔහු ප්‍රකාශ කර තිබුණා

නමුත් මෙතෙක් සිදුකරන ලද විමර්ශන තුළින් එවන් ආකාරයේ ගොනුවක් පැහැර ගත් බවට කරුණු අනාවරයක් සිදුවී නැහැ.”

එමෙන්ම සැකකරු කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ ප්‍රකාශයක් ලබා දීම හිතා මතා මගහැර ඇති බව ද විමර්ශන නිලධාරින් අධිකරණයට දැනුම් දෙමින් මෙසේ කරුණු ඉදිරිපත් කළහ.

“ස්වාමීනී. මොහු වෙඩි තැබීමෙන් පසු අදාල වෙඩික්කරුවන් ගිය දිශාවටම කිසිදු බයක් නැතිව ඔහු ගමන් ගත් මෝටර් රථය පදවාගෙන ගොස් තිබෙන බවට සීසීටීවී දර්ශනවලින් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. එම නිසා ස්වාමිනී… විමර්ශනයට සාධාරණ සැකයක්  මතු වූවා මොහු සංවිධානාත්මක අපරාධකරුවන් සමග එක් වී මෙම අපරාධය සිදුකළ බවයට.”

එමෙන්ම සිද්ධිය වු දිනයේ සැකකරු විසින් භාවිතා කළ ජංගම දුරකථනය අධිකරණයට භාර දෙන ලෙස  දන්වා තිබියදී සැකකරු විමර්ශනය නොමග යැවීමේ අභිලාෂයෙන්  ඉමි අංක වෙනස් කර වෙනත් ජංගම දුරකථනයක් විමර්ශන නිලධාරීන්ට ලබා දී ඇති බව මෙහිදී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වූයේය.

“ ස්වාමීනී… මෙම සැකකරු විසින් අදාල සිද්ධිය වූ දිනයේ සිය ජංගම දුරකථනයය විනාශ වූ බවට විමර්ශන නිලධාරීන්ට ප්‍රකාහයක් ලබා දෙමින් පවසා තිබෙනවා. නමුත් අදාල දුරකථනයට අදාලව විශ්ලේෂණ වාර්තාවක් කැඳවූ පසු එම දුරකථනය මොහු සිද්ධියට භාජනය වී රෝහල්ගත වී සිටින අවස්ථාවේදී භාවිත කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. “

“මොහු සිතා මතාම ජංගම දුරකථනය විනාශ වූ බවට අසත්‍ය ප්‍රකාශ කරමින් එමි අංක වෙනස් කරන ලද වෙනත් දුරකථනයක් විමර්ශන නොමග යැවීමේ චේතනාවෙන් විමර්ශන නිලධාරීන්ට ලබා දී තිබෙනවා. “

මෙසේ විමර්ශන නිලධාරින් අධිකරනයට කරුණු දක්වද්දී තුසිත හල්ලොලුව වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැන්වූයේ  සුදුසු ඇපයක් මත තම සේවාදායකයාට ඇප ලබා දෙන ලෙසය. තම සේවා දායකයා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ මේ සිද්ධියට අදාලව පස් වතාවක් ප්‍රකාශ ලබා දී ඇති බවත්, පොලිසිය මගහැරීමට තම සේවා දායකයාට කිසිම අවශ්‍යතාවයක් නැති බවත්ය.

පසුගිය දිනයේ ප්‍රකාශ ලබා දීමට යෑමට නොහැකි වූයේ ඔහුගේ ඥාතියෙකුගේ මරණයක් හේතුවෙන් බවත්ය. එම නිසා සුදුසු ඇපයක් මත තම සේවා දායකයා මුදා හරින ලෙස හල්ලොලුවගේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා තුසිත හල්ලොලුවට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කළේය. මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ ඉදිරිපත්වන කරුණු අනුව සැකකරු විමර්ශනවලට සහාය ලබා නොදෙන්නේ යැයි පැහැදිලිවන බවය.

එමෙන්ම  සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ තුවක්කු ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බවට  කරුණු අධිකරණය හමුවේ අනාවරණය වන බව මහේස්ත්‍රාත්වරයා කීවේය.  ඒ අනුව සැකකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරන බව දැන්වූ  මහේස්ත්‍රාත්වරයා  සැකකරු අගෝස්තු 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට   නියෝග කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විජේරාම නිවසින් ගොඩදාගන්නට හදනා නාමල්ගේ ජනාධිපති සිහිනය…

Next Post

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් 10ක් අවි ආයුධත් සමග  ගණේමුල්ලෙන් අත් අඩංගුවට…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.