සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගණනය හෙළි කරන සංස්කෘතික කෙරුවාව…

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයට අවුරුදු 04ක කුලිය කෝටි 66ක්…

by Lankasara News
මාර්තු 26, 2022
in පුවත්
CCF Office - Abhayaramaya Narahenpita
Share on FacebookShare on Twitter
  • දැනට කුලපති හිමියන්ගේ අභයාරාම ගොඩනැගිල්ලක තට්ටු දෙකකට මාස තුනක කුලිය ලක්ෂ 36ක් ගෙවලා…
  • කාර්යාල පිහිටුවන්නේත් නැතිව එක තට්ටුවක් වෙනුවෙන් ලක්ෂ 15ක්…

ලලිත් චාමින්ද

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලය පවත්වාගෙන යාම සඳහා ඉකුත් වසර හතර තුල (2017 මාර්තු මස සිට 2021 මාර්තු දක්වා) ගොඩනැගිලි කුලිවශයෙන් රුපියල් හැටපන් කෝටි අසුහය ලක්ෂ දෙදහස් හත්සිය පනස් හතක ( 65,862,757) මුදලක් අරමුදල විසින් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ.

කුලී පදනම වශයෙන් අදාල ගොඩනැගිල්ල තෝරාගැනිමේ දි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරනොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මේ නිසා විකල්ප අවස්ථා ඇගයිමෙන් ප්‍රශස්ථම විසඳුම් තෝරාගැනිමට තිබු අවස්ථාව අරමුදලට අහිමිවි තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ. මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රධාන කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු සිදුකරණ තෙක් සිමාසහිත නාගරික ආයෝජන හා සංවර්ධන පුද්ගලික සමාගමට අයත් සෙත්සිරිපායේ 11 වැනි අදියරේ 4 වැනි මහලෙහි ඩි පර්යන්තය කුලි පදනම මත තෝරාගෙන තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් ප්‍රධාන කාර්යාලයේ කිසිදු අලුත්වැඩියා කිරිමකින් තොරව 2021 මාර්තුමස නැවතත් අරමුදලේ කාර්යාලය පැරණි ගොඩනැගිල්ල වෙත රැගෙන ගොස් තිබුණි.

එම පැරණි ගොඩනැගිල්ල තුළ අරමුදලේ සියලු අංශ පවත්වාගෙන යාමට ප්‍රමාණවත් නොවිම හේතුවෙන් නැවන වතාවක් මාසිකව රුපියල් 415000ක කුලිමුදලකට කොළඹ 07 බුලර්ස් පටුමගේ පිහිටි පුද්ගලික ස්ථානයක් ලබාගෙන කාර්යාලයේ කොටසක් 2021 මාර්තු මස 16 වැනිදින සිට ස්ථාපිත කොට තිබුණි.

මෙම පුද්ගලික ගොඩනැගිල්ල තුළ අරමුදලේ පාලන, මාධ්‍ය හා සංචාරක ප්‍රවර්ධන යන අංශ පමණක් මාස 08ක කාලයක් පවත්වාගෙන ගොස් තිබුණි. ඒ සදහා කුලි මුදල් වශයෙන් රුපියල් 33,20, 000ක මුදලක් ගෙවා තිබුණි. පසුව එම අංශද කොළඹ 07 පිහිටි පැරණි ගොඩනැගිල්ල වෙත 2021 නොවැම්බර් මස 16 වැනිදින රැගෙන ගොස් තිබුණි.

නැවත වතාවක් වසර දෙකක කාලයක් සදහා (2021 දෙසැම්බර් මස 21වැනිදින සිට 2022 පෙබරවාරි 28 දක්වා) නාරහේන්පිට අභයාරාමය සතු ගොඩනැගිල්ලකට මහල් දෙකක් රුපියල් ලක්ෂ දොළහක මාසික කුලිපදනම මත ලබාගෙන තිබුණි. ඒ අනුව 2021 දෙසැම්බර් 01 වැනිදින සිට 2022 පෙබරවාරිමස 28 දක්වා මාස තුනක කාලයක් සදහා කුලි මුදල් ලෙස අභයාරාමයට ලක්ෂ තිස් හයක මුදලක් ගෙවා තිබුනද එම දෙවැනි මහල 2022 පෙබරවාරි මස 14 දිනතෙක් පරිහරණය කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එම මහල සදහා අදාල කාලයට ගෙවා ඇති කුලිය රුපියල් ලක්ෂ 15ක් පමණ වි තිබු අතර 2022 මාර්තු මාසය වනවිටත් කාර්යාලිය සැපයුම් අංශය එම මහල වෙත ගෙන ගොස් නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බඩගින්නෙන් බේරෙන් රජය චීනයෙන් සහල් ඉල්ලයි… මෙට්‍රික් ටොන් 2000ක සහල් ආධාරයකට චීනය එකඟ වෙයි!

Next Post

අපි කලින්ම කළා…. IMF වාර්තාව ගැන මහ බැංකුව ස්ථාවරය කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.