බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විකිරණ තාක්ෂණවේදීන්ගේ වැඩ වර්ජනයෙන් විකිරණ පරීක්ෂණ 30,000ක් නවතී…  

රාජකාරි බෙදා ගන්න බැරිව කළ වර්ජනයෙන්  අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් අන්ත අසරණ අඩියක…

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි  විජේසිංහ –                    

විකිරණ තාක්ෂණවේදීන් අද ආරම්භ කර තිබෙන සංකේත වැඩ වර්ජනය හේතුවෙන් දිවයිනපුරා රෝහල්වල විකිරණ පරික්ෂණ සහ ප්‍රතිකාර මුළුමනින්ම නතර  වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් දෛනිනව සිදුකරන  විකිරණ පරීක්ෂණ  30000ක් පමණ නතර වී ඇතැයි විකිරණ විද්‍යා තාක්ෂණ වේදීන්ගේ සංගමයේ ලේකම් ඈපා ධර්මකීර්ති   පවසයි.

විකිරණ පරික්ෂණ මේ අනුව අද දිනයේදී  නතර වීමෙන් ඇතැම් සැත්කම් හා පරික්ෂණද නතර වී ඇතැයි හෙතෙම කියයි.

විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරිවලින් කොටසක් පිළිකා ඒකකවල  රාජකාරියේ නියුතු  භෞතික විද්‍යාඥයින්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම  හේතුවෙන් එයට විරෝධය පල කරමින් මෙම සංකේත වැඩ වර්ජනය ආරම්භ කළ බව ධර්මකීර්ති පැහැදිලි කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය අවශ්‍යතාවටත් වැඩියෙන් භෞතචිකිත්සකවරුන් බඳවා ගෙන ඇති බවත් ඔවුන්ට රාජකාරී ලබා දීම සඳහා තමන් කරනු ලබන රාජකාරියෙන් කොටසක් ලබාදීමට පියවර ගෙන ඇති බවත් පෙන්වා දෙන සභාපතිවරයා මෙය රජයේ මුදල් නාස්තියක් පමණක් යැයිද සදහන් කරයි.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

වැඩ වර්ජනය ආරම්භ කළද රෝහල්වල  හදිසි විකිරණ පරික්ෂණ   සිදුකරන බව හෙතෙම පැවසීය.

කෙසේ නමුත් රෝහල්වල පිළිකා ඒකකවල සේවයේ නියුතු භෞතික විද්‍යාඥයින්ගේ සංගමයේ සභාපති ජගත් ද සිල්වා   සඳහන් කළේ තමන්ගේ රාජකාරී කටයුතු වලට විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරී පැවරීමක් කර නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය පවරා ඇත්තේ තමන්ට හිමි රාජකාරිය පමණක් බවත්ය.

තමන්ගේ රාජකාරි ලැයිස්තුව සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය වසර අටකට වඩා වැඩිකාලයක් ගතකළ අතර මෙම රාජකාරී ලැයිස්තුව අනුමත කිරීම සඳහා පරිපාලන හා තාක්ෂණික  කමිටු මගින් නිර්දේශයන් ලබා ගැනීමක්ද සිදු කළ බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම රාජකාරී ලැයිස්තුවට අනුව  විකිරණ තාක්ෂණවේදීන්ට අයත් රාජකාරි කිසිවක් භෞතික විද්‍යාඥයින්ට පවරා නොමැති බවද හෙතෙම පැවසීය.

කෙසේ නමුත් අද දිනය තුළ  භෞතික විද්‍යාඥයින් රෝගීන්ට ලබා දිය යුතු විකිරණ ප්‍රතිකාරයන් සැලසුම්  කළද  විකිරණ තාක්ෂණවේදීන් විකිරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව මහරගම අපේක්ෂා රෝහලේ පමණක් විකිරණ ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් විශාල පිරිසක් මහත් දුෂ්කතාවන්ට ලක්ව ඇතැයි වාර්තාවේ.

විකරණ තාක්ෂණවේදීන්ගේ වැඩවර්ජනය හේතුවෙන් විකිරණ යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම හේතුවෙන් පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාරයන් සිදු නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

 සී.අයි.ඩී ලෙස පෙනී සිට මුදල් කොල්ල කෑ ජනාධිපති ආරක්ෂ අංශයේ බේබදු කොස්තාපල් අත්අඩංගුවට….

Next Post

අහුන්ගල්ල වෙඩි තැබිමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ්…

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.