තෙල්දෙණියේ වික්ටෝරියා ජලාශය අසල හෝටලයක සංවිධානය කර තිබූ ෆේස් බුක් සාදයක් වටලා අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් 04ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අද (13) අළුයම අත් අඩංගුවට ගත් බව තෙල්දෙණිය පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18-31ත් අතර පසුවන්නන් වන අතර ඔවුන් මහනුවර, මුල්ලේරියාව, හැටන්, පිළගල, අතුරුගිරිය, කොටගෙදර, හෝමාගම, දොම්පේ, ඇඹිලිපිටිය, ත්‍රීකුණාමලය සහ ජාඇල වැනි දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
සැකකාරියන් සිවු දෙනා අවුරුදු 21ත් 26ත් අතර වයස්වල පසුවන මහනුවර, මීගමුව සහ පූඩළුඔය ප්‍රදේශවල පදිංචිකාරියන්ය.
වැටලීමේදී සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4134ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1875ක්, කුෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 2769ක්, කොකේන් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 390ක්, මෂ්රූම් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 804ක්, මත්පෙති 13ක් සහ නීතිවිරෝධී දුම්වැටි 12ක් අත් අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් පිරිස අද දිනයේ දී තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







