බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වික්ටෝරියා ආශ්‍රිත භූකම්පන පරීක්ෂණ දින නියමක් නැතිව කල් යයි…

by editor
මැයි 30, 2021
in පුවත්
Victoria-reservoir
Share on FacebookShare on Twitter

අවස්ථා හතරකදී විශාල පිපුරුම් ශබ්ද ඇසීමෙන් වික්ටෝරියා ආසන්නයේ භූකම්පන සිදුවන බවට සමාජය තැති ගන්වා කළ පරික්ෂණවල කිසිදු ප්‍රතිඵලයක් නැතැයි දිගන කුණ්ඩසාලේ හා ඒ අවට ජනතාව චෝදනා කරති.

කලක් තිස්සේ මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ බව රාජ්‍ය නිළධාරින් ඇතුළු කමිටු සාමාජිකයින් කියා සිටියද අවසානයේ සිදු වූයේ ඉතා සාර්ථකව පවත්වා ගෙන ගිය හුණුගල් කොරි තුනක කටයුතු නතර කර දැමීම පමණක් බවද ඔවුහු කියති.

වික්ටෝරියා වේල්ල සම්බන්ධයෙන්ද විවිධ මත පලකරමින් වේල්ල අවදානමකට ලක් ව ඇති බව කී පිරිස් අද වන විට සොයා ගැනීමටවත් නැති බව ද කියා සිටින දිගන තෙල්දෙණිය කුණ්ඩසාලේ සහ අඹගමුව ජනතාව මේ වන විට හුණු ගල් කොරිවල ජලය පිරී වැව් බවට පරිවර්තනය වි ඇති බවත් ඉදිරියේදි ඒවායෙහි බලපෑම මත වෙනත් අනතුරක් සිදුවිය හැකි බවත් පෙන්වා දෙති.

මේ සම්බන්ධයෙන් මහවැලි ජලාශ භාර අධ්‍යක්ෂක බී අරුප්පොල කියා සිටියේ , ලෝකයේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශය සම්බන්ධයෙන් සිදු කිරීමට නියමිතව තිබූ ජාත්‍යන්තර පර්යේෂණ සියල්ල දින නියමයක් නැතිව කල් දැමීමට සිදු වූ බවය.

වේලි සම්බන්ධයෙන් පර්යේෂණ පවත්වන පර්යේෂණ කණ්ඩායමක් මෙරටට පැමිණ වික්ටෝරියා වේල්ලේ තත්ත්වය පිළිබදව පුළුල් පර්යේෂණයක් සිදුකිරිමට නියමිතව තිබූ අතර එය ලෝක බැංකු ව්‍යාපෘතියක් ලෙස අනුමතව තිබූ බවත් ප්‍රධාන ඉංජිනේරු අරුප්පොල කීවේය. වසංගත තත්ත්වය සමතයකට පත් වී විදේශිකයන්ට මෙරටට පැමිණිමට අවසර ලද සැනින් මෙම පර්යේෂණ සිදු කෙරෙන බවද හෙතෙම පැවසුවේය.

ඉකුත් කාලයේ සිදු වූ විශාල පිපුරුම් ශබ්ද සම්බන්ධයෙන් කල පර්යේෂණවලදි ගත් තීරණ අනුව , වික්ටොරියා ජලාශය ආශ්‍රිතව මීටර් සියක් රක්ෂිත සීමාව තුළ කැණීම් කළ හුණුගල් වලවල් තුනක් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් අත්හිටවනු ලැබිණි. තෙල්දෙණිය ආර් එම් රිෂ්ණි , ගොවිපොල පාර අළුත්වත්ත ජී එස් ප්‍රනාන්දු සහ මහනුවර හන්තාන ඒ ආර් සමරසිංහ යන අයට අයත්ව තිබු හුණු ගල් වලවල් මෙසේ අත්හිටුවා තිබිණි.

තවද පර්යේෂණ කණ්ඩායම ගත් තීරණ අනුව, භූ කම්පනය පිළිබදව නිශ්චිත නිගමනයකට පැමිණිමට නම් වික්ටෝරියා ජලාශය ආශ්‍රිත ප්‍රදේශ සියල්ල ආවරණය වන පරිදි කිලෝමීටර විස්සකට එක් භූ කම්පන මානයක් සවි කළ යුතු බව භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය මගින් අමාත්‍යංශයට දැනුම් දුන් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගර්භ අධ්‍යන අංශයේ මහාචාර්යය අතුල සේනාරත්න පැවසීය.

නමුත් මේ කිසිදු කටයුත්තක් මේ වන විට සිදු ව නැති බවත්, හුණුගල් ආශ්‍රිත පොළොවේ විවිධ ස්ථානවල කුහර පවතින බව ඒ ඒ පර්යේෂකයන් විසින් පවසා තිබුණ බවත් , මේ වන විට හුණුගල් වලවල්වල ජලය පිරිඇති අයුරු දුටු විට මෙම කුහර තුළ යළි පීඩන තත්ත්වයක් ඇති වී විශාල විනාශයක් වනු ඇති බවට ජනතාව තුළ සැකයක් මතුව ඇති බවත් එම ප්‍රදේශවල ජනතාව පවසති.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනය සරවියේ ඉංග්‍රීසි අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ශ්‍රී රංජනී කුමාරස්වාමි කොවිඩ් ආසාදිතව මිය යයි…

Next Post

ඇමති තුමනි… රට ඉදිරියේ ඔබතුමා හෑල්ලුවන විට පොලිසියේ අපට දුකය….

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.