සූරියවැව නුවන් ජයසේකර –
සෙල්ලකතරගම අක්කර 20 වැවෙහි ඔරු පැදීමට ගිය තරුණයින් සිව් දෙනෙකුගෙන් එක් අයෙකු ඔරුව පෙරළීමෙන් දියේ ගිළී මියගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.
ඊයේ සවස සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ සෙල්ලකතරගම,අක්කර 20,අංක 31 ලිපිනයේ පදිංචි දිසානායක මුදියන්සේලාගේ චමෝද් දිල්ශාන් නැමති 18 හැවිරිදි තරුණයෙකි.
මියගිය තරුණයා ප්‍රදේශයේ පදිංචි තවත් මිතුරන් තිදෙනෙකු සමග සෙල්ලකතරගම අක්කර 20 වැවෙහි ඔරු පදිමින් සිටියදී ඔරුව පෙරළී තිබේ. එහිදී ඔරුවේ සිටි තරුණයින් සිව් දෙනාගෙන් තිදෙනෙකු දිවි ගලවාගෙන ඇති අතර එක් තරුණයෙකු දියේ ගිළී අතුරුදහන්ව ඇත.
පසුව ප්‍රදේශවාසින් හා පොලිසිය එක්ව දියේ ගිළී මියගිය තරුණයාගේ සිරුර සොයාගෙන තිබේ .සිරුර කතරගම මුලික රෝහලේ තැන්පත් කර ඇති අතර සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය වැඩිදුර විමර්ශණ පවත්වයි.







